ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරුවා ලෙස වාර්තා පොතට එක් වූ ලෙස්ටර්




ලොව ජිවත් වන ජ්‍යෙෂ්ඨතම සිනමාවේදීන් දස දෙනා පිළිබඳ බ්‍රිතාන්‍යය සිනමා ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාවේ ආචාර්ය ලෙස්ටර් පිළිබඳ සදහන් වනුයේ තුන් වැන්නා හැටියටය.එහි ජීවත් වන වැඩිමහල්ම සිනමවේදියා ලෙස සඳහන් වූයේ ඉන්දියාවේ කේරළ සිනමාකරුවකු වන ඇන්ටනි මිත්‍රදාස්ය.වසර 103 ක් ආයු වැළඳු මිත්‍රදාස් අභාවප්‍රාප්ත විය.එමෙන්ම ලොව ජිවමාන සිනමාවේදින් ගේ ලැයිස්තුවට අනුව දෙවැනි ස්ථානය අත්පත් කරගෙන සිටි ලෙස්ලි මාර්ටින්සන් එයට පෙර දී අභාවප්‍රාප්ත විය.ඒ අනුව මියයන විට ආචාර්ය ලෙස්ටර් ලොව ජීවමාන වැඩිමහල් සිනමාකරුවා ලෙස වාර්තා පොතට එක් වී අවසන්ය.


පසුගිය 05 වැනිදා සිය 99 වැනි ඡන්ම දිනය සැමරූ ආචාර්ය ලෙස්ටර් 1919 අප්‍රේල් මාසයේ දි දෙහිවල ප්‍රදේශයේ ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරමින් උපත ලැබූවකි.ඔහුගේ පියා ස්කොට්ලන්තයේ වෛද්‍ය අධ්‍යපනය ලැබු වෛද්‍යවරයෙක්වන ජේම්ස් ප්‍රැන්සිස් පීරිස් විය. මව උපාධිධාරිණියක ඈන් ජයසූරිය වු අතර ලෙස්ටර් පීරිස් මහතාට එරීනා අයිවන් සහ නොයෙල් යනු වෙන් සහෝදර සහෝදරියන් තිදෙනෙක් විය. කොළඹ ශාන්තර පීතර විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු 17 වැනි විය වන විට ඩේලි නිවුස් පුවත්පතට මාධ්‍යවේදියෙකු ලෙස සම්බන්ධ විය.අනතුරුව 1939 දී ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ ද මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇති අතර එම යුගයේ දී ඔහු එංගලන්තය බලා ගොස් ඇත.


මෙම යුගය සිනමා කලාව ඉතාම ආකර්ෂණීය මාධ්‍යයක් වු අතර තරුණ ලෙස්ටර්ගේ සිත ඒ පිළිබද ඇදී ගොස් ඇත.එංගලන්තයේ දී සිනමාව පිළිබද හැදෑරූ ආචාර්ය ලෙස්ටර් සිය මුල්ම කෙටි චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ 1949 වසරේදීය. ඒ සොලියුලොකි නමිනි. එය 1951 වසරේදී බ්‍රිතාන්‍යයේදී සම්මාන දිනා ගන්නා ලදී. 1956 දක්වාම ඔහු තනනුයේ වාර්තා හා කෙටි චිත්‍රපටයන්ය. ජීවිතයේ ගැඹුර විනිවිද දකින්නට මෙන්ම ඇසට නොපෙනෙන ලෝකය කැමරාවේ තෙවැනි ඇසින් විනිවිද දකින්නට ආචාර්ය ලෙස්ටර් පුරුදු පුහුණු වූයේ වාර්තා හා කෙටි චිත්‍රපට නිර්මාණයෙන් ලත් ශික්ෂණයෙන්මය.


නැවත ශ්‍රි ලංකාවට පැමිණෙන ‍ආචාර්ය ලෙස්ටර් ,චිත්‍රපට සංස්ථාව හා එක් වී වාර්තා හා කෙටි චිත්‍රපට නිර්මාණකරණයේ නියළුණි.එයින් ලබා ගන්නා අත්දැකීම් මත තරුණ ලෙස්ටර් ජේම්ස් පීරිස් නව අත්හදාබැලීමක් ලෙස එතෙක් චිත්‍රාගාරයට සීමා වී තබූ සිනමා කැමරාව ස්වාභාවික පරිසරය වෙත රැගෙන යයි.එය එදා ඉතා දුෂ්කර කාර්යක් වූ අතර එම අභියෝගය සාර්ථක ලෙස ජය තැනීමට ඔහුට හැකියාව ලැබෙන්නේය.එහි ප්‍රථිඵලයක් ලෙස ප්‍රථම චිත්‍රගාරයෙන් පිටත දී රූගත කරන ලද චිත්‍රපටය නිර්මාණය කිරීමේ අවස්ථාව 1956 දී රේඛාව චිත්‍රපටය නිර්මාණය කරමින් ඔහු ලබා ගත්තේය.මෙය සිංහල සිනමා ඉතිහාසයේ සංධිස්ථානයක්වන අතර ආචාර්ය ලෙස්ටර්ගේ මෙම විප්ලවීය කාර්යේ අග්‍ර ප්‍රතිඵල ලබා ගත්තෝවන්නේ ධර්මසේන පතිරාජ සහ වසන්ත ඔබේසේකරයි.


රේඛවෙන් අනතුරුව ඔහු 1960 දී සංදේශය,1963 දී ගම්පෙරළිය,1966 දෙලොවක් අතර ,1967 රන් සළු,1968 ගොළු හදවත,1972 නිධානය,1980 බැද්දේගම,1983 යුගාන්තය,1995 අවරගිර ,2002 දී වෑකන්ද වලව්ව, 2006 දී සිය අවසන් නිර්මාණය ලෙස අම්මාවරුණේ යනා දි වශයෙන් චිත්‍රපට 19 යක් නිර්මාණය කර තිබේ.මෙම සිනමා පටයන් බොහොමයක් සරසවිය ,ජනාධිපති, ස්වර්ණ සංඛ වැනි දේශිය සම්මාන හිමි කර ගෙන ඇති අතර ගම්පෙරළිය , නිධානය වැනි චිත්‍රපට විදෙස් සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අවසන් වරට නිර්මාණ කාර්ය ලෙස නිමවා ඇත්තේ මේ දිනවල තිරගතවන ඔහු ගේ බිරිද සුමිත්‍රා පීරීස් මහත්මියගේ වෛෂ්ණාවී චිත්‍රපටය සදහා කතා සංකල්පයෙන් දායක වීමෙන්ය.


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලාංකීය සිනමාවේ ජ්‍යෙෂ්ඨතම සිනමාවේදියා පමණක් නොව විප්ලවීය වෙනසක මුලාරම්භකයාද ව්නේය.ඔහු සෑම අවස්ථාවකම සිය නිර්මාණ සදහා දායක කර ගත්තේ සිංහල සාහිත්‍ය තුළ සංධිස්ථාන සනිටුහන් කළ නවකතා වීමද විශේෂත්වයකි.නමුත් ලාංකීය ග්‍රාමීය සමාජයේ සහ පහළ මධ්‍යම පන්තිය හෘද ස්පන්දය මනා ලෙස ග්‍රහණය කර ගැනීමට ඇතැම් අවස්ථාවල ‍ආචාර්ය ලෙස්ටර් හට නොහැකි වීම නිසා ඔහුගේ නිර්මාණයන්ගේ නිර්මාණාත්මක ලක්ෂණ ගිළිහී ගිය අවස්ථා තිබේ.‍ආචාර්ය ලෙස්ටර්ගේ නිර්මාණ හරහා විශාල තරුණ පිරිසකට ‍ සිනමා කේෂ්ත්‍රයට මෙන්ම කලාවේ විවිධ ඉසව්වන්ගේ ප්‍රවීණ කලාකරුවන් වීමට අවස්ථාව ලැබුණි.වර්මානයේ ඔවුන් කලා ලොව දැවැනත්යන්ව සිටිනා අයුරු දැක ඔහු නිරිමිස ප්‍රීතියක් විදින්නට ඇත.


ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරුවාන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය වෙනුවෙන් wcenews හි සාතිශය සංවේගය සමග ඔහුට මොක්ව පතමු.





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment