බොලිවුඩයෙන් බැස ගිය තාරකාවිය




අධිකරණ වෛද්‍ය වාර්ත‍ාවට අනුව, ජනප්‍රිය නිළි ශ්‍රී දේවිගේ මරණය හදිසියේ දියේ ගිලී මියෑමක් බවට වාර්තා වෙයි. නමුත් මීට පෙර හෘදයා බාධයකින් ඇය මිය ගිය බවට වාර්තා විය.ශ්‍රී දේවිගේ මරණය පිළිබඳ පුවත මුළු චිත්‍රපට කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම ඇගේ රසිකයන්ට ද මහත් කම්පනයක් විය.අ‍ැගේ දේහය මුම්බායි වෙත ගෙන එන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය හා අවසන් ලිපි ලේඛන ඩුබායිහි නිම කිරීමෙන් පසුවය.මුම්බායි සිට ඩුබායි දක්වා පියාසර කරන ලද පෞද්ගලික ජෙට් යානයකින් ශ්‍රී දේවිගේ සිරුර රැගෙන එන අතර තව පැය කිහිපයකින් එම ජෙට් යානය ඉන්දියාවට ළගා වෙනු ඇතැයි වාර්තාවේ.


උපුටා ගැනීම ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතෙනි.


දිදුලන තරකාවන් රැසක් බබළන ආකාසයේ සද මඩල හිටි ගමන් අදුරු වළාවෙන් වැසී ගියා සේ ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව වූ ශ්‍රී දේවී පසුගිය 24 වැනි දින ඩුබායි හි දී හදිසියේ මිය ගියේ මරණයේ පොදු බව තව දුරටත් පසක් කරමින්ය.තම ඥාතියෙකුගේ විවාහ මංගල්‍යයක් සදහා සහබාගී වීමට ඩුබායි වෙත ගොස් සිටිය දී ඇගේ මරණය සිදු වු අතර දේහය ඉන්දියාවට ගෙන ඒම සදහා අනිල් අම්මානි විසින් පෞද්ගලික ජෙට් යානයක් ලබා දී තිබේ.ශ්‍රී දේවිගේ හදිසි මරණය සැලවීමත් සමග ඉන්දි අගමැතිවරයා‍ මෙන්ම සුපිරි සිනමා තාරකාවන් ද තම ශෝකය ප්‍රකාශ කරමින් සිටී. ශෝකයට පත් ශ්‍රී දේවිගේ රසිකයින් ඇගේ නිවස වටා රොක් වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


1965 අගෝස්තු මස 13 වැනි දින ඉන්දියාවේ දී උපත ලබන ශ්‍රී දේවිගේ නම වූයේ ශාරි අම්මාන් යන්ගර් අයියප්පන්ය.ඇගේ පියා නීතිඥයෙකු වූ අතර ශ්‍රී ලංකාවේ ද ඔහු නීතිඥයෙකු ලෙස කටයුතු කර තිබේ.ඇගේ මව රාජේශ්වරී වුඅතර එක් සොයුරියක් සහ සහෝදරයයින් දෙදෙනෙක් ඇයට සිටියි.1985 දී මිතුන් චක්‍රබෝර්ති සමග විවාහ වෙන ශ්‍රී දේවී 1988 දී ඔහුගෙන් වෙන් වන්නේය.පසුව 1996 දී බොනී කපූර් සමග විවාහවන ඇයට යාන්චි සහ කුෂී නම් දියණියන් දෙදෙනක් සිටියි.


ළමා නිළියක ලෙස ප්‍රථම වරට 1969 දී ඇය සිනමාවට එක්වන්නේ ඒ .එම්.තිරුමුගම් ගේ දෙමල චිත්‍රපට‍යකිනි.1979 දී සොල්වා සවාන් නම් හින්දි චිත්‍රපටියෙන් ඇය හින්දි සිනමාවට එක්වන්නේය.1976 දී කේ . බාලචන්ද්‍රගේ මොන්විරු මදිවු දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපාන ශ්‍රී දේවි තම රංගන ජිවිතයේ සාර්ථකත්වය කරා ක්‍රමයෙන් පියවර තබන්නීය.දෙමළ සිනමාවේ පතාක යෝධයන්වන කමල් හසන් මෙන්ම රජිනි කාන්ත් සමග චිත්‍රපට රැසක රංගනයෙන් දායක වන ඇයගේ රංගන දිවියට එය මහත් ආලෝකයක් වන්නේය.


මාවාලි(1983),නයා කදම්(1984),මිස්ටර් ඉන්දියා(1987)සද්මා(1983),නාගීනා(1986),කහුදා ගවාග්(1992),ලාඩියා(1994),ජුදායි(1997) වැනි අතිශය සාර්ථක මෙන්ම ජනප්‍රිය චිත්‍රපට රාශියක තම රංග ප්‍රතිභාව විදහා දැක් වූ ශ්‍රී දේවි පසුගිය කාලයේ සිනමාවෙන් මදක් ඈත්ව සිටියේය.පසුව නැවත ඉංග්ලිෂ් විංලිෂ් චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ ඇය රගපැ අවසන් චිත්‍රපටය වූ මාම් චිත්‍රපටය 2017 වසරේ දි තිරගත විය.එය ඇගේ 300 වැනි සිනමා රංගන ලෙස ද වාර්තාවේ.


ඉන්දීය පුරවැසියෙකුට ලැබිය හැකි උසස්ම සම්මාන ලෙස සැලකෙන පද්ම ශ්‍රි සම්මානයෙන් ඇය 2013 වසරේ දී පිදුම් ලැබුවාය.එමෙන්ම ෆිල්ම් ෆෙයාර් සම්මානය සය වරක් දිනා ගත් ශ්‍රී දේවි හින්දි මෙන්ම දෙමළ චිත්‍රපට සදහා ද ෆිල්ම් ‍ෆෙයාර් සම්මානය දිනා ගැනීම විශේෂත්වයකි.අ‍ැගේ රංගන දිවියේ තවත් වැදගත් ලක්ෂණයක්වන්නේ හින්දි,දෙමල,මලයාලම්,තෙලිගු,කණ්නඩ යන සියළු භාෂාවන්ගෙන් නිර්මාණය වූ චිත්‍රපට සදහා ඇය රංගනයෙන් දායක වී තිබිමයි.ඉන්දීය සිනමාවේ සියවස් සමරුව වෙනුවෙන් සී.එන්.එන් සහ අයි බී.එන් එක්ව කරන ලද සමීක්ෂණයකින් හෙළි වුයේ ඉදිරි වසර 100 යක් ගතවන තුරු ඉන්දි‍යාවේ විශිෂ්ටතම නිළි වන්නේ ශ්‍රී දේවී බවයි.


ඉන්දීය සිනමාවේ විශිෂ්ටතම රංගන ශිල්පිනියක වන ශ්‍රි දේවී ලෝක සිනමාව තුළ ද විශිෂ්ට රංග ප්‍රතිභාවක් ඉදිරිපත් කළ රංග ශිල්පිනියන් අතර සිටින නිළියක් බව කිව හැකිය.කෙසේ වුවත් අප උපතේ දී ගෙන එන එකම දේවන මරණට ජීවත්වීමේ දී උයාගත් කිසිම දෙයක් වැඩක් නැති බව පසක් කරමින් කිසිවෙකුත් නොසිතූ පරිදි ශ්‍රී දේවී ජීවිත රංගනයෙන් බැස ගියාය.




Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment