අර්ජුනට ක්‍රිකට් ගැන කතා කිරීමට අයිතියක් ඇත.




මහා නියඟයෙන් පසු ඇදහැළුණු පොද වැස්සක් සේ පසුගිය දා පකිස්තානයට එරෙහිව ලැබූ ටෙස් ජය සැලකිය හැකියි. එයින් ක්‍රිකට් ක්‍රිඩාවේ සියලු ප්‍රශ්ණ විසදුනා යැයි සිතනවා නම්, එය දේශපාලකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සිහිනයකි. ක්‍රිකට් පිළිබද සැබෑ උවමනාවක් මෙන්ම ඒ පිළිබද ඉහළම දැනුමකින් අදහස් දැක්විමට සුදුස්සා අර්ජුන රණතුංග හැර වෙන කිසිවෙක් සිටීද?. ක්‍රිකට් ජයග්‍රහණයේ නියමුවා වන රණතුංගට ක්‍රිකට් පරිපාලනය නුසුදුසු වන්නේ කෙසේද?.ඔහු මේ තනතුරු වලට නොගැලපෙන්න ප්‍රධාන හේතුව ක්‍රිකට් පරිපාලනය මුදලාලිකරණය වීම නොවේද?. ඔහු සැමදා මේ මුදලාලිකරණයට එරෙහිව කතා කළ අයෙකි. අද ක්‍රිඩාව විනාශ වී යද්දී ඒ වේදනාව අවංකවම ඔහුට දැනෙන්නේ , ඔහු ක්‍රිකට් නිසා අසීමිත සතුටක් මෙන්ම ජයග්‍රහණයන් ද ලැබූ අයෙකු හෙයිනි. එය ප්‍රේක්ෂකයින්ට දැනෙන්නේ වෙනත් ආකාරයකටය. එසේ දැණුන ප්‍රේක්ෂකයින් සේ පෙනී සිටින අය පිටිය මැදට පැමිණ ක්‍රිඩකයින්ට උපදෙස් දීමට උත්සාහ කළහොත් ක්‍රිඩකයින්ගේ තත්වය කුමක්ද?. අද උදා වී ඇත්තේ එවැනි තත්වයකි.


වර්තමාන ක්‍රිඩා ඇමතිතුමා දන්න ක්‍රිඩාවක් නැත. ඔහු සින්දු කියන්න දනී. අංගම් පොර සටන් දකී. ඒ හැර ඔහු දේශපාලකයෙකි. උගතෙකි. ඒ පිළිබද තර්කයක් නැත. එහෙත් ඔහුට ක්‍රිකට් පිළිබද හැගීමක් නැත. ඔහු නිලධාරීන්ගේ තීන්දු තීරණ වලට ඇහුම්කන් දෙමින් ඇමතිවරයෙකු ලෙස පරිපාලන ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට උත්සාහ කරයි. එහෙත් ඛේදවාචකය නම් පරිපාලනයේ සිටින්නේ කවුද?. දේශපාලකයින් මෙන්ම නමගිය මුදලාලිලාය. ගැටළුවක් නැත. එහෙත් මුදලාලිලාට ක්‍රිඩකයෝ සේවකයෝ පමණනි. ඔවුන් හැගීමකින් ක්‍රිඩාව පිළිබද අවබෝධයක් ඇතැයි සිතිය නොහැක.


මේ තත්වය මත අර්ජුන රණතුංග නැවත වතාවක් මේ පිළිබද රටේ ඉහළම නායකයින් දෙදෙනා දැනුවත් කළ බව පසුගිය දා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි. එයට පිළිතුරක් ලැබෙන තුරු ඔහු බලා සිටී.


මම දකින විදියට ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ ප්‍රශ්ණයක් නැත. පසුගිය ජයග්‍රහණයේ දී එය යළි පසක් විය. ප්‍රශ්ණය ඇත්තේ ඔවුන්ගේ මානසිකත්වය ශක්තිමත් කිරිමටත් ස්වාධීනව තීරණ ගැනීමටත් අවස්ථාවක් නොවීමයි. පරිපාලනයට දීර්ඝ කාලීන සැලසුම් නැත. පුද්ගලික කාරණා මුල් කරගෙන ක්‍රිඩකයින් විවේචනය කිරීම මෙන්ම ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කිරීම මේ අසමගියට හේතුවයි.


අර්ජුන මේ පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් කරයි. පසුගිය කාලයේ ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රිඩකයින්ට විශ්වාසය දුන්නේ නැහැ. ඉස්සර ලකුණු ලබාගත්තත් නැතත් ඊළග තරග පහම ක්‍රිඩා කිරීමට අවස්ථාව ලබා දෙනවා. එය ස්ථාවර මානසිකත්වයක් අද එහෙම නැහැ. එක තරගයක් අසාර්ථක වුවහොත් ක්‍රිඩකයා එළියේ . මහේල, සංගක්කාර, ඩිල්ශාන් හිටපු තැන් වලට එන්න ඉලගට හිටපු දෙන්නා තමයි චන්දිමාල් සහ තිරිමාන්න. නමුත් තේරීම් කමිටුව ඔවුන්ව විනාශ කළා. ඉස්සර මම ක්‍රිඩා කලේ අංක 4 ස්ථානයේ පස්සේ අරවින්දට ඒ තැන දීලා මම අංක 5 ට ගියා ලෝක කුසලානයෙන් පස්සේ මහේලව මැදට දාලා මම තවත් පස්සට ගියා. නමුත් පසුගිය කාලයේ මහේල, සංගක්කාර , ඩිල්ෂාන් එක දෙක තුන බැට් කළාම තරුණ ක්‍රිඩකයින්ට අවස්ථාව නොලැබී ගියා. ඒ හේතුවෙන් ඔවුන්ගෙන් පස්සේ හොද ක්‍රිඩකයින් බිහි වුණේ නැහැ.


පසුගිය අවුරුදු දෙකක කාලයේ දී සමස්ත ක්‍රිඩාවට පහළට වැටිලා අද ක්‍රිකට් ක්‍රිඩාවේ මේ විනාශයට ජනාධිපති මෙන්ම අගමැති ද වගකිව යුතුයි. අපි ආණ්ඩුව විවේචනය කරන්නේ නැහැ. ජනාධිපති, අගමැති හරි තින්දු නිවරදි වේලාවට ගත්තේ නැත්නම් ඒවායින් සිදුවන අවාසි තුළ අපට ඉදිරියට යා නොහැකියි. ක්‍රිකට් පරිපාලනය හොදයි කියන ඇමතිතුමා නව කමිටු දානවා පරිපාලනය හොද නම් ඇයි කමිටු දාන්නේ ප්‍රවීණ ක්‍රිඩකයින් ඇවිල්ලා හරි ඇමතිතුමාට ක්‍රිකට් ගැන කියලා දෙනවා නම්, වැදගත් එහෙත් ඔහු උත්සාහ කරන්නේ එක් පුද්ගලයෙකු ආරක්ෂා කිරීමටයි,


ඉදිරියේ ICC ය මගෙන් ඇහුවත් නැතත් මම දන්න සියළු තොරතුරු ඔවුන්ට ලබා දෙනවා. හැබැයි එක වැරැද්දක් වෙයි. රටටත් අවනම්බුවක් වෙයි. යනුවෙන් බොහෝ කරුණු ඔහු මාධ්‍ය හමුවේ හෙළි කළේය .





Comments

Leave your comment