අගමැතිතුමාගේ ඩිජිටල් ආර්ථික සංකල්පය විශිෂ්ඨයි: බහුතරය ඇනලොග්වත් නොදන්නා රටක ඩිජිටල් සිහිනයකි.




කොළඹ ගාලු මුවදොර පිටියේ දී නොමිලේ වයිෆයි පහසුකම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් (25) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ වර්තමාන ඩිජිටල් විප්ලවයට එකතු වීමෙන් තොරව රටේ ආර්ථිකය ඉදිරියට යා නොහැකි බවය. ඒ කියමන විශිෂ්ඨයි සත්‍ය එයයි, එය සැබෑ අනාගත දැක්මකි! එහෙත් මේ අදහසට පරිබාහිරව සැගවුණු යථාර්තයක් ඇත.


එය නම් ඩිජිටල් නොව ඇනලොග් පිළිබදවවත් මිනිසුන් තුළ අවබෝධයක් නොවීමයි. කොළඹ කේන්ද්‍ර කරගත් සුළුතරයක් මෙන්ම ප්‍රධාන නගර කේන්ද්‍රගත වු මුළු ජනගහණයෙන් 10% ප්‍රමාණයකටවත් මේ ලෝකයේ සිද්ධ වන තාක්ෂණික වෙනස්කම් පිළිබද අවබෝධයක් නොමැත.පරිගණක සාක්ෂරතාවය හා ඉංග්‍රිසි දැනුම පිළිබද අප රටක් ලෙස මහ ඉහළින් කතා කළත් එහි සැලකිව යුතු වර්ධනයක් සිදුව නොමැති බව රට අභ්‍යන්තරයේ ජීවත්වන ජනතාවගේ ක්‍රියාකාරකම් වලින් පැහැදිලි වෙයි.


වර්තමානයේ බොහෝ තරුණ පිරිස් අන්තර්ජාලය භාවිත කළත් ඒ Facebook භාවිතයට පමණි. එයින් එහා පවතින මහා සාගරයක් බඳු දැනුම ගවේශණය කිරීමට ඔවුන් නොදනී. දිනෙන් දින දියුණු වන නව දැනුම තාක්ෂණය සමග සමගාමී වීමට ඔවුන් නොදනී. මේ පිළිබද පැහැදිලි සාක්ෂි සොයා ගැනීමට නම් මේ රටේ ප්‍රධාන ධාරාවේ දුරකතන ආයතනවල සාක්ෂි ප්‍රමාණවත්ය.


පරිගණක දැනුම දියුණු කිරීම සදහා පාසැල් දරුවන් වෙනුවෙන් ආරම්භ කළ නැණසල E පුස්තකාල තාක්ෂණ විද්‍යගාර පාසැල්වල භාවිත කරනුයේ ළමුන් කීයෙන් කී දෙනා ද ? වර්තමාන අන්තර්ජාල ඩිජිටල් තාක්ෂණය සමග ලෝක ආර්ථිකය බද්ධ වී ඇති බව සදහන් කළ විට මිනිසුන් කල්පනා කරන්නේ එය කෙසේ වන්නේ ද යන්න පමණි. ඉංග්‍රීසි අධ්‍යාපනය නොමැතිව මෙම අභියෝගය ජයගත නොහැකිය.


සාම්ප්‍රදායික සිතුවිලි ධාරාවෙන් මිදී නව මාවතක් සොයා යෑමට වර්තමාන දෙමාපියන්ට දැනුමක් නොමැති සේම ඒවාට අනුබල දී දරුවන් යොමු කිරීමේ වටාපිටාවක් ද නොමැත. සමාජය විසින් එයට පෙළඹවීමක් ද නොකරයි. බොහෝ අමාරුවෙන් කාන්දුවන මේ දැනුම කොළඹ කේන්ද්‍රීය සුළු පිරිසක් අත පවතී. එය රටේ සමස්ථය නොවේ.


රටේ බහුතරය තවමත් ඇනලොග් සොයමින් සිටී. මෙයට ප්‍රධාන හේතුව වන්නේ සාම්ප්‍රදායික අධ්‍යපන රටාවයි. සමස්ථ අධ්‍යාපන ව්‍යුහයම හෙට ලෝකයට ගැලපෙන ලෙස වෙනස් නොකළහොත් අපි ඩිජිටල් ආර්ථිකයට ද පරාජය වනු ඇත. ඉන් එහාට යෑමක් පිළිබද නැවත කතා කළ යුතු නැත.






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment