21 වන සියවසේ මහා බුද්ධිමතා මෙලොව හැර යයි.




ඔහුට විහ්වයේ පවතින සෑම සියලු‍ දේටම අලු‍ත් අදහසක් තිබුණි. ඒ සියල්ල ඔහුට හැකි ලෙස මිහිමත ජීවත් වන මිනිස් ජීවියාට සදහන් කරන ලදී. පෘතුවිය මත ඔහු ගෙවූ කෙටි ජීවිත කාලය තුල මහා දැනුම් සම්භාරයක් එක් කලේය.ඒහෙත් එය මිහිමත ජීවත්වන ජීවීන්ගෙන් බහුතරයනට නොතේරීම මේ මහා බුද්ධිමතාට කල හැකි දෙයක් නොවීය. භෙෘතික ශරීරයට එහායින් ගිය මානසික ශත්තියකින් යුක්ක වූ හෝකින් මානසික ශක්තියේ ප්‍රබලතාවය මතම සිය භෙෘතික ශරීරය අවරුදු 76 දක්වා පවත්වාගෙන ආවේය. එහෙත් අවසානයේදී 14/03 /2018 දින එය අතහැර ඔහු විශ්ව චාරිකාවට එක් විය. මේ අතර කාලයේ හොකින් කල කී දෑ බොහෝ ය. නියෂ්ටික යුද්ධ,ජානමය වශයෙන් නවිකරණය කරන ලද වෛරස්, කෘතිම බුද්ධිය,සහ වෙනත් ග්‍රහලෝක වල ජීවින්ගෙන් ඇතිවිය හැකි තර්ජන පිලිබද හොකින්ස් ‍මිහිපිට සෙසු ජීවින්ට අනතුරු ඇගවිය.මේ කාරණා පිලිබද මිනිසුන්ට ඒත්තු ගැන්වීමට ඔහු කල උත්සහය තුල සුවිශේෂී කරුණක් වන්නේ විහ්වය නිර්මාණය කිරිමේ දී මිනිසුන් විශ්වාස කරන දේව සංකල්පය මුලු‍මනින්ම බැහැර කිරීමයි. ඒ වෙනුවට ඔහු බුද්ධිමත් ජිවින්ට එම ගෙෘරවය ලබා දුන්නේය. මේ නිසාම ඉතිහාසයේ බුද්ධිමතුන් බැහැර කල අාකාරයටම හොකින් ද එය අනුමත කලා ය. එහෙයින්ම හොකින් සහ දේව භුමිකාව නියෝජනය කරන්නන් අතර නිරන්තර මතවාදීමය අරගල පැවැතුණි.


ස්භාවධර්මයේ පවතින නිර්මාණශීලී ක්‍රියාවලිය නිතියක් නොව එය සැබැවින්ම දිියුණු ජීවින්ගේ නිර්මාණශීලී ප්‍ර පංචික සක්‍රීය ක්‍රියාදාමයක ප්‍රතිපලයක්ම බව ඔහු විශ්වාස කළේය. ඒ පිලිබද සිතන්න සැබැවින්ට පෘතුවිය මත ජීවත් වන මිනිසුන්ට එහා ගිය විශ්ව ඥාණයකින් යුත් බුද්ධියක් හොකින්ස් සතු විය.


76 වෙනි වියේ පසු වූ ස්ටීවන් හෝකින් කේම්බිරිජ්හී පිහිටි තම නිවසේදී බදාදා (මාර්තු 14) උදෑසන සිය අවසන් හුස්ම වාතලයට මදාහල බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.


කළු කුහර සහ සාපේක්ෂතාවාදය පිළිබඳ සොයා ගැනීම් සිදුකළ විද්යාාඥයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ස්ටීවන් හෝකින් විසින් ඒ බිලීෆ් හිස්ටි ඔෆ් ටයිම්‘ඇතුළු ජනප්‍රිය විද්‍යා ග්‍රන්ත රාශියක් ලියා පළකරනු ලැබ ඇත. හෝකින් ඉතා දුර්ලභ ස්නායු ආබාධයකින් පෙලෙන බව සොයා ගන්නා විට ඔහු 22 වෙනි වියේ පසුවිය. ඉහත කී ස්නායු ආබාධය හේතුවෙන් ඔහුට ජීවත්වීමට හැකියාව ඇත්තේ තවත් වසර කීපයක් පමණක් බව වෛද්‍යවරුන්ගේ මතය විය. රෝගී තත්ත්වය ඔහු රෝද පුටුවකට සීමා කළ අතර, කතා කිරීමේ අපහසුතා මතු වූ බැවින් බොහෝ විට සන්නිවේදනය කිරීම සඳහා තාක්ෂණික මෙවලමක් (හඬ සංශ්ලේෂණ උපකරණයක්) භාවිත කිරීමට සිදු විය.


”‍අපගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිළිබඳව අප අතිශයින්ම කනගාටුවට පත්වෙනවා”‍ යනුවෙන් ඔහුගේ දරුවන් වූ ලු‍සී, රොබට් සහ ටිම් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.”‍ඔහු විද්‍යාඥයෙක් සුවිශේෂ පුද්ගලයෙක්. ඔහු කළ සේවය සහ දායාද කළ දෙය දීර්ඝ කාලයක් පවතිනු ඇත,”‍ යනුවෙන් ඔවුහු තවදුරටත් පවසති.හොකින්ගේ ”‍වීර්යය සහ අප්‍රතිහාර්ථ ධෛර්යය”‍ අගයන දරුවෝ, ඔහුගේ ”‍සුවිශේෂීත්වය ලොව පුරා බොහෝ මිනිසුන් දිරිමත් කළ බව සිහිපත් කරති.


”‍එක් වරක්, ‘ඔබේ ආදරණීයයන්ට නිවහනක් නොවන්නට විශ්වය පිළිබඳ වැඩි යමක් නැහැ‘ යනුවෙන් ඔහු වරක් කිව්වා. අපට ඔහු නොමැති අඩුව හැමදාම දැනේවි.”‍විශ්ව සම්භවවාදය, සාපෙක්ෂතාවාදයේ සහ ක්වොන්ටම් විද්යාවේ එකතුවක් බවට වන හේතු දැක්වීම මුලින්ම කරන ලද්දේ මහාචාර්ය හෝකින් විසිනි.


කළු කුහරවලින් ශක්තිය නිකුත් වන බවත් පසුව එය නැතිවී යන බවත් සොයා ගත් බැවින් පසුකලක එය ‘හෝකින් විකිරණය‘ ලෙස හැඳින් විණි. මෙයින් ලද ජනප්‍රියත්වය අභිබවමින් මහාචාර්ය හෝකින් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් රාශියකට ද සහභාගී විය.


මෑතකදී නිර්මාණය වූ ද තියරි ඔෆ් එවිරිතින්ක් ‘ වර්ෂ 1942 ජනවාරි 8 එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් ප්‍රදේශයේ උපත ලැබීය 1942 දී ස්භාවික විද්‍යාව හැදෑරීමට ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්යාලයට ඇතුලත් වීමට සුදුසුකම් ලබන ලදී. ඔහු තම පශ්චාත් උපාධිය හදාරන ලද්දේ කේම්බ්රි්ජ් විශ්ව විද්‍යාලයේ දීය 1963 දී පමණ ඔහුට ස්නායු රෝගයක් ඇති බව හඳුනාගත් අතර දෙවසරක් තුල මියයනු ඇතැයි ප්‍රකාශ විය. 1974 දී කළු කුහර සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ නි්‍යාය ”‍හෝකින් විකිරණය”‍ ලෙස හැඳින්විය 1979 දී ගණිත අංශයේ ප්‍රධාන මහාචාර්යවරයා ලෙස පත්විය. එය ඊට පෙර අයින්ස්ටයින් විසින් දරන්නට යෙදුන තනතුරකි.


ඒ බිලීෆ් හිස්ටි ඔෆ් ටයිම්‘ ග්‍රන්ථය 1988 දී ප්‍රකාශයට පත්කරන ලදී. මෙම ග්‍රන්ථය මිලියන 10 ක් ඉක්මවා අළෙවි විය. 1990 සිට ඔහුගේ නම නෙබෙල් ත්‍යාගය සදහා යෝජනා වී තිබුණත් ඒ සම්බන්ධයෙන් කරන්නාවූ ආයෝජනයන් සම්බන්ධයෙන්වූ අප්‍රසාදය හේතුවෙන් ඔහු එය ප්‍රතික්ශේප කළ බව පසු කලෙක අනාවරණය විය.


2014 දී හෝකින්ගේ චරිතය මුල්කරගෙනද තියරි ඔෆ් එවිරිතින්ක් ‘ චිත්‍රපටය නිර්මාණය වු අතර එහිදී හෝකින් ලෙස චරිත නිරූපනය කරන ලද්දේ ඔස්කාර් සම්මාන ලාභී එඩී රෙඞ්මේන් විසිනි.


Comments

Leave your comment