වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි




වසරක් පාසා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටයන් නම් කරනු ලැබේ. අවසන් වූ 2017 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ විශිෂ්ටතමයන් නම් කිරීම ඔවුන් පසුගිය දා සිදු කර තිබුණි. එහිදී වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා බවට මේ වසරේ ලොව වඩාත් කතාබහට ලක් වූ ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි තේරී පත්විය.විරාත් කෝලි මීට අමතරව වසරේ එක්‌දින ක්‍රීඩකයා වශයෙන්ද සම්මාන දිනා ගත්තේය.


වසරේ ටෙස්‌ට්‌ ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියානු නායක ස්‌ටීව් ස්‌මිත් නම් කෙරුණු අතර වසරේ විස්‌සයි විස්‌ස ක්‍රීඩකයා වශයෙන් ඉන්දීය දඟ පන්දු යවන යුශ්වේන්ද්‍ර චාහල් සම්මාන දිනා ගත්තේය.වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස පාකිස්‌තානයේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී නම් කෙරුණි.


2017 අයි. සී. සී. හොඳම ක්‍රීඩක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකුට සම්මාන හිමි නොවුන අතර වසරේ ටෙස්‌ට්‌ සහ එක්‌දින කණ්‌ඩායමටද මෙරටින් ක්‍රීඩකයකු ඇතුළත් නොවුණි.


වසරේ ක්‍රිකට්‌ විනිසුරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික මරේ එරයිස්‌මස්‌ සම්මාන දිනා ගත්තේය.








Comments

Leave your comment