රිය අනතුරු ,අහිමිවන ජීවිත හා සමාජය




දිනෙන් දින ඉහළ යම්න් පවතින රිය අනතුරු හේතුවෙන් අකාලයේ මහ මග මිලිනව යන ජීවිතවලට වගකිවයුත්තේ කවරහුද? ඊයේ දිනයේ මදුරන්කුලියේදී සිදු වූ මාරක බස් අනතුර නිසා ජීවිත 7ක් නිරපරාදේ විනාශ වී ගියේ 43 දෙනෙකු රෝහල් ගත කරමින්ය.කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථයේ වේගය රියදුරුට පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදු වූ බවට වාර්තා වෙයි.ත්‍රීරෝද රියක් පසු කර යෑමට උත්සාහ කරන විට රියදුරුගේ පාලනයට නතු නොවූ බසය අසල තිබූ බෝක්කුවක ද ගැටී මෙම අනතුර සිදුව තිබේ.


තමන්ට පාලනය කරගත නොහැකි වේගයකින් රියදුරන් රිය පදවන්නේ, රැපියල් සත වෙනුවෙන් ද? කාලයේ ඇති වටිනාකම වටහා ගෙන කාලය ඉතිරි කර ගැනීමට ද? එසේත් නැතිනම් විනෝදය උදෙසා ද? එහෙත් ඇස පිය හෙළන මොතකින් සිදුවන සුළු අත් වැරැද්දක් නිසා අහිමිවන මිනිස් ජීවිත නිසා අසරණවන පවුල්වල වගකීම් දරන්නෝ කවුරහුද?


මාර්ග නීති කෙතරම් දැඩි කළත්, දඩ මුදල් ඉහළ දැමුව ද, රථ වාහන පොලිස් නිලධාරීන් කිලෝ මීටරයෙන් මීටරයට මාර්ගයේ සිටියද සිදුවන අනතුරුවන සංඛ්‍යව ඉහළ යෑමක් මිස පහළ යෑමක් නම් දක්නට ලැබෙන්නේ නැත.


සමාජය තුළ යහ පැවැත්ම සමාජ සාධාරණත්වය ගොඩ නොනගී ,කුමන නීතිරීති රෙගුලාසි ගෙන ආවද පලක් ඇති නොවන බව දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අපට කියා දෙන පාඩමයි.එහෙත් ඒ යහපත් සමාජය ගොඩනැගීමට අවශ්‍ය සමාජ කථිකාවත පසෙක ලා, අප භෞතික සංවර්ධනයෙන් පමණක් ඉහළ යෑමෙන් ඇතිවන ඵලය කුමක්ද?








Comments

Leave your comment