පොලිතින් තහනමේ ප්‍රතිපළ හොද වෙයි.




පොලිතීන් අපේ පරිසරය විනාශ කරන ප්‍රධානම සාධකයක් වී තිබේ. ඇතැම් විට පොලිතින් මල්ල ඔබට නැතිවම බැරි දෙයක් වී තිබෙන බව ඔබ ඔබෙන්ම ප්‍රශ්න කළ විට ඔබට දැනේවි. පොලිතීන් වලට ආදේශක තිබේද? පොලිතින් මල්ල කෙතරම් පහසු ද? පොලිතීන් තහනම් කරලා කොහොමද? මේ සියළු ප්‍රශ්න ඔබ පසුගිය කාලය පුරා නැගුවේය. එහෙත් ඒ සියල්ල සඳහා මේ වන විට විසදුම් ලැබෙමින් පවතී . පොලිතින් තහනම දැන් ක්‍රියාත්මක වේ. ඒ සඳහා ආදේක වෙළඳ පොළට ලැබී තිබේ. බොහෝ දෙනා ඉතා කැමැත්තෙන් නව දවටන මළු භාවිත කරණු දක්නට ලැබේ. ඒවා පරිසර හිතකාමීය මේ වන විට පොලිතින් තහනමට අදාල ගැසට් හයක් සම්මත වී ඇති බවත් එසේම පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදන ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීමේ කැබිනට් පත්‍රිකාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්සිරි මහතා පවසයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ (12) දින බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී තව දුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා පොලිතීන් තහනම පිළිබඳ ඔවුන් කළ සමීක්ෂණයක ප්‍රතිඵල ද මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේය. පොලිතින් තහනම පිළිබඳ ජනතාවගෙන් 90%ක්ම දැනුවත්ව සිටීම සතුටට කරුණක්, ඒවගේම තහනම් කළේ කුමන ද්‍රව්‍යය ද කියලා 75% ක් දැනුවත් වෙලා ඉන්නවා.


විශේෂම දේ තමයි 95%ක් ම පොලිතින් තහනම පිළිබඳ සතුට පළ කලා, එමෙන්ම එය අනුමත කලා. ආහාර දවටන සඳහා පොලිතින් භාවිතය වේගයෙන් අඩුවෙමින් තියෙනවා. 63% ආදේශක සඳහා යොමු වෙලා තියෙනවා. ෂොපින් බෑග් වෙනුවට 65% විකල්ප මළු භාවිතයට හුරුවෙලා. මෙය හොඳ ප්‍රවනතාවක්. උත්සව අවස්ථා සඳහා පසුගිය කාලයේ බෝහෝ පොලිතින් භාවිත වුණා. නමුත් දැන් ජනතාවගෙන් 73% ක් එය තහනම් බව දන්නවා.


පොලිතින් දහනය පරිසරයට අහිතකර බව පිළිබඳ අප මෙහිදී ප්‍රශ්ණ කළා ජනතාවගෙන් 73% ඒ ගැන දන්නවා. සමස්තයක් ලෙස සමීක්ෂණ ප්‍රතිඵල සතුටුදායකයි. මාධ්‍ය සහ ජනතාව දැක්වූ සහයෝගය සභාපතිවරයා මෙහිදී අගය කළේය. මෙම තත්වය තව දුරටත් වර්ධනය කරගෙන එය 100%න් බවට පත් කළ යුතු යැයි, මෙහිදී මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය. තහනම් කළ පොලිතින් වෙළඳ පොළේ තිබීම පිළිබඳ ප්‍රශ්න කළ විට සභාපතිවරයා පවසා සිටියේ, වෙළඳපොළ තත්වයන් නිසි අධ්‍යනයෙන් පසු වැටලීම් ආරම්භ කරන බවයි. අලුත් නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අදාල අංශ දැනුවත් කරමින් සිටින බව ද ඔහු මෙහි දී පැවසීය








Comments

Leave your comment