නේපාල ගුවන් අනතුරක්, පනහකට වැඩි පිරිසක් මරුට




නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට ගිය මගී ගුවන් යානයක හටගත් දෝෂයක් නිසා ධාවන පථයෙන් පිටතට යානය කඩාවැටීමෙන් පසුව එහි ගමන්ගත් මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු අතුරින් 50 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.මෑත යුගයේදී නේපාලය මුහුණ දුන් බරපතලම ගුවන් අනතුර ලෙස මෙය වාර්තා‍ වේ.යානය ගිනි ගෙන තිබෙන්නේ ගුවන් තොටුපොල අසල පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයකදීය.


වැරැදි දිසාවෙන් ගුවන් පථයට ගොඩ බැස්සවූ ගුවන් යානය කෑලිවලට කැඩී ගොස් ගිනිගත් බව නේපාල පුවත් සේවා වාර්තා කරයි.යානය දෙවැනි වරටත් ගොඩ බෑම සඳහා උත්සාහ කළ අවස්ථාවේ කඩා වැටී ගිනි ගත් බව අනතුර ඇසින් දුටුවෝ පැවසූහ.එක්වරම ගැස්සී ගිය යානය ඉන් අනතුරුව මහා හඬක් නගමින් කඩා වැටුණු බව යානයේ ජනේලයකින් පැන දිවි බේරා ගැනීමට සමත් වූ මගියෙක් පවසා තිබේ.


බංග්ලාදේශයේ යූ එස් - බංගලා පුද්ගලිකගුවන් සේවයට අයත් යානය කඩා වැටීමට හේතුව පැහැදිලි නැතත්, යානය සහ ගුවන් තොටුපොලේ පාලක මැදිරිය අතර සන්නිවේදනය බිඳ වැටීම පිළිබඳව පරීක්ෂකයන්ගේ අවධානය පළ වී තිබෙන බව වාර්තා වේ.අනතුර සම්බන්ධයෙන් ගුවන් පාලක මැදිරිය වගකිව යුතු යයි ගුවන් සේවය පවසන නමුත්, නේපාල බලධාරීන් පවසන්නේ යානය "අසාමාන්‍ය" ගොඩ බෑමේ ක්‍රමයක් අනුගමනය කළ බවය.


මෙම ගුවන් යානයේ ගමන්කළ මගීන් අතුරින් 23 දෙනෙකු පමණ දිවි ගලවාගෙන ඇතැයි මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරමින් සිටී. ඇමෙරිකා එක්සත් ජනපද සහ බංග්ලාදේශයට අයත් ඒකාබද්ධ ගුවන් සමාගමක් වන ‘යු.එස් - බංග්ලා’ ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අනතුරට පත්විය.


මේ වනවිට කත්මන්ඩු ගුවන් තොටුපලේ සියලුම ගුවන්ගමන් තාවකාලිකව නවතා ඇතැයිද එම වාර්තාවල සඳහන්වේ.


රොයිටර් පුවත් සේවය මියගිය පිරිස 50 ක් බවත් 17 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් සඳහන් කරයි.මෙම ගුවන් යානය බංග්ලාදේශයේ අගනුවර වන ධකා සිට පැමිණ ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


යානය අනතුරට පත්වූ විගස ගිනි නිවන භටයන් මෙන්ම සහන සේවකයන් ද යානය වෙත ළඟා වූ අතර ගිනිගන්නා යානයෙන් මගීන් පිටතට ගැනීමට ඔවුහු කටයුතු කළහ.


“31 දෙනකු ඒ ස්ථානයේ දීම මියගොස් සිටියා. තවත් 9 දෙනකු රෝහල් දෙකකදී මියගියා” යැයි නේපාල පොලිස් ප්‍රකාශක මනෝජ් නෙව්පානේ පැවැසීය. මේ අතර තවත් 23 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා විය. යානයේ සිටි 33 දෙනකු නේපාල ජාතිකයන් බවත්, 32 දෙදෙනකු බංග්ලාදේශ ජාතිකයන් බවත් වාර්තා වූ අතර චීන හා මාලේ ජාතිකයකු බැගින් එහි සිටි බවත් නේපාල මාධ්‍ය වාර්තා කර තිබිණි.




Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment