ටොම් ඇන්ඞ් ජෙරී : කාටුන් නිර්මාතෘ මියයයි.




බග්ස්බර්නි කාටුන් චිත්‍රපට මාලාවේ නිර්මාතෘ වන බොබ් ගිවන්ස් පසුගිය 14 වැනිදා ජීවිතයෙන් සමු ගත්තේය. මියයන විට ඔහුගේ වයස 99 යක් විය.බොහෝ දෙනා ප්‍රිය කරන ලොනී ටියුන්ස් ඔහු පළමුවෙන්ම සිතුවම් කරන ලද ලාංඡනය සහිත නිර්මාණය වේ.ඔහුගේ දියණිය මරීනා ඇයගේ ෆේස්බුක් ගිණුමේ තම පියාගේ මරණය පිළිබද සටහනක් තබා තිබේ.ඔහු රෝහල් ගත කළ පසු ප්‍රතමයෙන් සෙඛ්‍යය තත්වය වෙනස් වූ අතර ශාන්ත ජෝශප් රෝහල හී දී, රෝහල් ගත කළ දිනට පසු දින ඔහු මියගියේ ඉතා සාමකාමී ලෙසය.ඇය එසේ සටහන් කර තිබේ.


පළමුවෙන්ම ගිවන්ස් නිර්මාණකරණයෙන් දායකවන්නේ ඩිස්නි ස්නෝව් වයිට් සහ සෙවන් ඩ්‍රෝවන් සමාගම් වෙතය. පසුව එයින් ඉවත්වන ඔහු වෝනර් බ්‍රදර් සමාගම හා සම්බන්ධ වේ.එසේම ඔහු චුක් ජෝන්ස් සහ ටෙක්ස් අවරි සමාගම් සමග ද නිර්මාණ කටයුතු කර තිබේ.


1940 දී ගිවන්ස් ,බර්ග් බර්නිගේ ගේ නිර්මාණ හා එක් විය.මෙම නිර්මාණ මගින් ඔහු මුලින්ම කැලෑ හාවාගේ චරිතය ප්‍රේක්ෂකයින් අතරට ගෙන ආවේය.එහි ආ ජනප්‍රි ය වාක්‍ය වූයේ වට් අප් ඩොක් ? යන්නයි.


පසු කාලයේ දී ගිවන්ස් දෙවන ලෝක යුද්ධයේ සැලසුම් නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කළ අතර 1950 දී ඔහු එයින් ඉවත්විය.


ටොම් ඇන්ඩ් ජෙරී, ලොනී ලොනිලොනෙී, මෙන්ම බර්ග් බර්නිගේ ගේ තුන්වන නිර්මාණය වන 1001 රැබිට් ටේල්ස් සදහා ද බොබ් ගිවන්ස් සම්බන්ධ විය.එසේම ඔහු ගාෆීල්ඩ් බොබී වර්ල්ඩ් (කොටස් 1-5), ෆ්‍රෙන්ඩ් (කොටස් 1-4) නිර්මාණකරණයෙන් දායක වී තිබේ.


ඔහුගේ සමකාලීනයකු වන ටොම් සිටෝ තම මිතුරා පිළිබද මෙසේ අදහස් දක්වා ඇත. මට බොබ් මුලින්ම මුණ ගැසෙන්නේ ශිමෑන් චිත්‍රපටය නිර්මාණ කරන කාලයේ දී.ඒ කාලයේ අපි එකට දිවා ආහාරය ගන්නවා.ඔහු ඉතා විනෝද ජනක පුද්ගලයෙක්,ඒ වගේම තියුණු මතක ශක්තියක් ද ඔහුට තිබුණා.


බීතෝවන් වරෙක ප්‍රකාශ කරනවා, හොදට වැඩ කළ විට හොද නින්දක් ලැබේ.ඒ වගේම හොද ජීවිතයක් ගත කළ විට හොද මරණයක් ලැබේ. අවසාන වශයෙන් මම මෙසේ කියමි. බොබ් ඔබ සියල්ලන්ටම කියන්න ,ඔබ ශ්‍රේෂ්ඨයින් අතරින් කෙනෙක් බව.





Comments

Leave your comment