ජනාධිපති‍ සහ අගමැතිගේ සීතල යුද්ධයේ අවසන් සටන අප්‍රේල් 04 දියවන්නාවේ දී




බලය අවිය කරගෙන දේශපාලනයේ නියැලෙන්න තුල නිතර අසන්න දකින්න ලැබෙන සාම්ප්‍රධායික කියමනක් තිබේ. එය නම් දේශපාලනය තුල සදාකල් මිතුරන් ද නැත. එමෙන්ම හතුරන් ද නැත, යන්නයි. කල දුටු කල වල ඉහ ගනිවි! යන මුලධර්මය මත පදනම්ව බොහෝ විට අවස්ථාවාදී පුද්ගලයින් මෙම දේශපාලන භුමිකාවට රංගනයෙන් දායක වෙති. මෙය ලෝකයටම පොදු වූ ධර්මතාවයකි. හුදු ලෞකික මිනිසා බලයට, ධනයට, මෙන්ම අශාවන්ට ද කෑදරකමත් දක්වති. ඒ වෙනුවෙන් තම කූඨ අරමුණු සර්ව සාධාරණය කිරීම සදහා ඔවුන් නොගන්නා උත්සහයක් නැත. මේ අරගලයන් හී ප්‍රතිපලයන් ලෙස බහුතරයක් මිනිසුන් පීඩාවට සහ අසීරුතාවයට පත් වූවත් ඉන් ඔවුන්ට කම් නැත.


ශ්‍රි ලංකාව තුල කාලයෙන් කාලයට දේශපාලනික වශයෙන් ඇතිවන අරගල එක් ඒක් ස්වරූපයන් ගනී.එය ඉතිහාසය පුරාම පැවැතෙමින් අද දක්වාම පැමිණ ඇත. කාලය සහ සමාජ පසුබිම හරහා එහි ස්වරූපය. හැඩය සහ අරමුණු වෙනස් වනු ඇත. ඒ ඔස්සේ ගලා ආ තවත් දේශපාලන බල අරගලයක කූඨාප්ප්‍රතිය තව දින හතකින් මේ රටේ මහජනතාවට දැක ගත හැකි වනු ඇත.


මෙය එක්තර අන්දමක පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ දෛවෝපගත සිදු වීමක් හරහා ඇතිකල සීතල යුද්ධයකි. මෙය කලෙක ඇමරිකාව සහ රුසියාව අතර පැවැති සීතල යුද්ධය හා සමාන වනු ඇත. මෙවැනි අරගලයන් නිමාවට පත් වන්නේ එක් අයෙකුට පරාජය හිමිකර දීමෙන්ය. එ අනුව වර්තමානයේ අප කතා කරන රටේ ප්‍රධාන පුරවැසියන් ‍‍දෙදෙනා අතර පවතින මෙම අරගලයේ නිමාව එක් අයෙකු පරාජය වීමෙන් නිමාවට පත් වනු ඇත


ලෝකය තුල දක්ෂීණාංශීක සහ වමාංශීක යනුවෙන් දේශපාලන බල කදවුරු දෙකක් පවති. එ අතර මධ්‍යස්ථ මතධාරීන් ද සිටිී. ඒ කෙසේ වුවත් ප්‍රධාන බල කදවුරු වෙනුවෙන් පෙනී සිටින්නන් කිසි දිනක තමන්ගේ මතවාදී අරමුණු වෙනස් නොකර ගන්නේය. එසේ වුවත් අවස්ථාවාදී ලෙස උපක්‍රමික අයුරින් මතු පිටින් තමන් එරෙහි වන මතවාදය වෙනුවෙන් පෙනී සිටීමට කපටි කෛරාටික දේශපාලකයෝ උත්සුක වෙති.


මේ රටේ පොදු මහජනතාව තේරුම් නොගත්තත් 2015 ජනවාරි 08 යහපාලනය නමින් අලු‍ත් අකෘතියක් බිහි කරමින් රට වැසියන් සුඛිත මුදිත කිරීමට පෙළ ගැසුනේ මේ කපටි කෛරාටික දේශපාලකයින් පිරිසකි. ඔවුන් අවස්ථාව ලද සැනින් පෙළ ගැසුනේ තමන්ගේ මතවාදයන් පසෙක දමමින්ය. ඒ සැමගේ පොදු සතුරා යනුවෙන් සැලකූ බල කදවුරක් සුණූවිසුණු කර දමමින්ය . මෙය සැබෑ බුද්ධිමතුන්ට වසංකල නොහැකි කරුණකි.ක්ෂණිකව මතුපිටින් ඇතිකරගත් සම්මුතිවාදී දේශපාලන බලමුළු එකතුව අදවන විට දෛදරා ගොස් ඇත්තේය. එය හැංගිහොරා වෙස් බැන්දත් එලිපිට නටන්න වනවාය යන කියමන සනාථ කරමින්ය.


කවුරු මොනවා කීවත් රනිල්- මෛත්‍රී යනු කදවුරු දෙකක දේශපාලකයින් ‍දෙදෙනෙකි .ඔවුන් කිසිවිටෙක එකට පෑහෙන්නේ නැතුවා සේම මතවාදිමය අදහස් ගැලපෙන්නේ ද නැත.එය අප දුටුවේ බොහෝ කලකට පෙරය.එක් වරක් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ප්‍රකාශ කර ඇති කරුණක් අනුව ප්‍රකාශ කරන්නේ නම් , මම රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ පෙරලි හා සම්බන්ධව අදහස් හුවමාරු කර ගත්තේ අවසන් දින කිපයේ දී පමණි. ඉන් පෙර අප මුණගැසී ද නැත . එමෙන්ම අප අතර විශේෂ හිතවත් කමක් ද තිබී නැත.


සත්‍ය මෙයයි, මේ දෙදෙනා දේශපාලන කදවුරු දෙකක දෙන්නෙකි.එවැන්නන් ලෝකේ කොහේවත් නැති මනංකල්පිත සම්මුතිවාදයකට පැමිණ කළ රගපෑම පැය දෙක තුනකින් නිමාවන හාස්‍ය නාට්‍යක් බදු රංගනයකි.අද වන විට මෙම නාට්‍යයේ අවසන් ජවනිකාවට පැමිණ ඇත්තේය. අවසන් මෙහොත වන තුරුත් සදහන් කල නොහැනි වුවත් මෙහි දී රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය අත් නොවනු ඇත. එයට එක් ප්‍රධාන සාධකයක් වන්නේ ශ්‍රි ලංකීය සංස්කෘතිය මෙන්ම සමාජ ක්‍රමය තුල රනිල් යනු මාකට් කල හැකි භාණ්ඩයක් නොවන හෙයිනි.


ඔහුගෙන් සේවය ගත්තාවුන් ද ප්‍රතික්ෂේප කරන ඔහු , වෙළද පලේ කිසිසේත්ම අලෙවි වන්නේ නැත. එය අවුරුදු 25 තිස්සේම අසාර්ථක වී ඇත්තේය.එහෙයින් ක්ෂනිකව වෙළදපලේ ඇති වූ රිත්තකයට නුඞ්ල්ස් පැකැට්ටුවක් සමග හැන්දක් නොමිලේ දෙනු ලැබේ. කියමින් අක්කා පෙන්වා නංගි ‍ දීග දුන්නේය.එහෙත් පුරුෂයා සමග නිදි වදින්නේ අක්කාය. එහෙයින්ම නංගී තමන් නමට කසාද බැදපු පුරුෂයා අතහැර යාමට පැකිලෙන්නේ නැත. මන්ද යත් ඇයට සමාජයේ පවතින අකාර්ශනයේ අඩුවක් නොවන හෙයිනි.


මේ වන විට පවතින දේශපාලන උණූසුම සැබෑ ලෙසින්ම හෙලි දරවු කල පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ ‍ පාර්ලිමේන්තුවට භාර දී ඇති ‍ විශ්වාසභංගය සාර්ථක කර ගැනිම සදහා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු 8 දෙනෙක් මුලිකත්වය ගෙන කටයුතු කරන බවයි . එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඇමති පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කරන්නේ 27 දෙනෙකුගේ කණ්ඩායමක් මෙයට සහයෝගය දීමට දැනටමත් සුදානම් වී සිටිනවා යන්නයි.දේශපාලන අනාගතයක් තිබෙන කිසිවෙකු මේ මොහොතේ අගමැති රනිල්ව ජයග්‍රහණය කරවා සිය දිවි නසා ගන්නේ නැත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති ඩීල් දේශපාලනය හරහා ඔහු වෙනුවෙන් වක්‍රව මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටියත් ඔහුටද එය එලිපිට සිදුකල නොහැක. මන්ද යත් මේ දෙ‍දෙනාම මෙවන විට සක්‍රීය දේශපාලනයෙන් වියුක්කවීමට අසන්න හෙයිනි . කෙසේ වුවත් කෘතගුණ දත් ශ්‍රී ලංකිකයින් තාමත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුගේ දේශපාලනයේ කෙලපැමිණි බුද්ධිමත් කම නිසා නොව , සැබැවින්ම ඔහු බහුතර සිංහල බෙෘද්ධ නියෝජනයේ සංකේතයක් වන නිසාය.මේ රටේ බහුතරයක් මිනිස්සු බලයෙන් පහකල අය නැවත ගෙන එම දේශපාලන වශයෙන් මන්ද බුද්ධිකයින් ලෙස සමහර දේශපාලකයින්ට පෙනුනත් එය එසේ නොවේ. මිනිසුන්ගේ සිතීමේ සහ චින්තනයේ හැසිරීම කූඨ අවස්ථාවාදී දේශපාලකයින්ට නොතේරේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිදු වූ අකටයුතුකම් මිනිසුන්ට අමතක වී ද නැත.එසේ වුවත් මේ ‍රටේ බහුතර දේශප්‍රේමී භූමිපුත්‍රයින් තමන්ට ඉහලින් රට ගැන සිතන බව සැවැසිය යුතුමය. 30 වසරක යුද්ධක් ජයග්‍රහණය කලේ අන්න එවැනි මිනිසුන්ගේ සමුහිත එකතුවකිනි. මහජාතිය ගැන නොහිතා දේශපාලන න්‍යයපත්‍ර සකසන ජත්‍යන්තරයට කීකරු දියාරු දේශපාලනයක් මේ රටට ගැලපෙන්නේ නැත. එහෙයින්ම වර්ථමාණයේ යහපාලන දීගය ද රටට නොගැලපෙන විකුර්ති දේශපාලකයින්ගේ නපුර්සක අවස්ථාව දී බලමුළුවකි. මෙහි අසාර්ථක භාවය කොතෙක් ද යත් අද වන විට අප අත් දකින විපරිත තත්වය මෙ සියල්ලේ ප්‍රතිපලයකි..


අභිසංඛ


Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment