අද රාත්‍රියේ අහසේ දිස්වන සුපිරි චන්ද්‍රයා.




අද දෙසැම්බර්( 03) වැනිදා හවස්වන විට ඉහළ අහසේ පායන සද වෙනදා පායන සදට වඩා තරමක් විශාල වනු ඇත.එය විශේෂ වූ එකකි.(Supermoon)මෙය සුර්යග්‍රහණයක් හෝ චන්ද්‍ර ග්‍රහණයක් නොවන අතර එය පෘතුවියට සද සමිපවීමක් පමණි.


අැයි මෙහෙම වෙන්නේ? මොකද්ද මෙහි ඇති විශේෂත්වය?


පෘතුවිය වටා ගමන් කරන චන්ද්‍රයාට ඇත්තේ නිශ්චිත ගමන් මාර්ගයක් නොවේ.එය ඉලිප්සාකාරයි.එය පීරිසියක හැඩය මෙන් දිගු සහ පුළුල් වුවකි.මෙය අනුසාරයෙන් චන්ද්‍රයා ගමන් කරයි.එහෙයින් චන්ද්‍රයා සමහර අවස්ථාවල පෘතුවියට සමීපව ද සමහර අවස්ථාවල පෘතුවියට දුරින්ද ගමන් කරයි.මෙම ගමන් කිරීමේ දී පෘතුවියට ඉතා සමීපව ස්ථානයක දී (Perigee)මෙම තත්වය ඇතිවන බව විශ්වාස කරයි.


එය සැතපුම් 31068 ආසන්න විමකි.අපි සදේ මේ වෙනස්වීම දකින්නෙමු. ඒ පූර්ණ සද , අඩසද ආදී වශයෙනි.මේ අනුව එම සමීප වීම මත එය විශාලත්වයෙන් යුත් පූර්ණ සදක් ලෙස පෙනෙනු ඇත.එහි ප්‍රතිපලයක් ලෙස පුර්ණ සදක් ආකාරයට වැඩි අලෝකයක් විහිදුවමින් දෙසැම්බර් 03 දින රාත්‍රියේ අහසේ දිස්විය හැක.මේසේ පවසන්නේ ඇමරිකාවේ විස්කොන්සීන් විශ්ව විද්‍යාලයේ තාරකාවිද්‍යාඥ( JIM LATTIS)මහතාය.


මෙහි විශේෂත්වයන් සදහන් කිරීමට තරම් තාරකා විද්‍යාත්මක වැදගත් කමක් නොමැත.මෙහි ජෝතිෂය විද්‍යාත්මකව දී ඇති අර්ථකතනයන් ද තාරකා විද්‍යාඥයන් ප්‍රතික්ෂේප කරයි.


සාමාන්‍යයෙන් පූර්ණ චන්ද්‍රයා සහ සුපිරි චන්ද්‍රයා අතර වෙනස සන්සන්දනය කළ නොහැක.මෙය Neil De Grosse දක්වන්නේ අධීපීඩනයක් ලෙසයි.එය අගල් 16 පීට්සා එකක් අගල් 15 පිට්සාවක් සමග සන්සන්දනය කර සුපිරි පිට්සාව කුමක්ද කියා සොයා බැලීම වැන්නක් ලෙසයි .


නාසා ආයතනය මේ පිළිබසව පැහැදිලි කරමින් දක්වා ඇත්තේ පූර්ණ චන්ද්‍ර සහ සුපිරි චන්ද්‍රයා අතර වෙනස මිනිස් ඇසට ග්‍රහණය කර ගැනීම අපහසු බවයි.2017 දී ඔබට දක්නට ලැබෙන පූර්ණ චන්ද්‍රයා පියවි ඇසින් දකින්න උත්සාහ කරන්න.එය මේ වසරේ ලැබෙන අවසාන අවස්ථාව විය හැකිය.





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment