අක්මාවක් දුන් කෙනාට අක්මාවක් නැති අයෙකු සේ සලකන නාමල් උඩුගම




කලාව මෙන්ම කලාකරුවාද කැපවනුයේ සහෘදයින් හට ගුණාත්මක රසවින්දනයක් ලබාදීමටයි. ඒ සදහා ගායකයා ගීතයෙන්ද රංගන ශිල්පියා රංගනයෙන් ද පිටපත් රචකයෙකු හෝ නවකතාකරුවෙකු සාහිත්‍යයෙන් මෙන්ම කලාවේ නොයෙක් ඉසව් තුළ සිටින කලාකරුවෝ තම නිර්මාණකරණයන් තුළින් ද සහෘර්දයින් පිනවීමට උත්සාහ කරති.එය ඔහුගේ වෘත්තීය ද කාර්ය භාරය ද යුතුකමද වන්නේය.එකී කාර්ය වෙනුවෙන් කලාකරුවාට කොපමණ මුදලක් ලැබෙන්නේ දැයි යන්න අප රටේ සහෘදයකු කිසිවිටකවත් අසන්නේ නැත.එසේ වුවත් කලාකරුවෙකුට විපතක්වන විට හෝ විපතක් වූ විට ඇසු දුටු පමණින් අපේ සහෘදයන් ඔවුන්වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ සැබෑ මනුෂ්‍යත්වයෙන් මිස මිල මුදල් බලාගෙන නොවන බව නිසැකය.එසේ ඉදිරිපත් වූ අහිංසක මිනිසුන්ට පෙරලා කෘතගුණ සැලකීමට නෙදන්නා ගුණමකු කලාකරුවන් යැයි කියා ගන්නා අයත් අප අතර සිටින බව අපට මේ දිනවල අසන්නට දකින්ට ලැබෙයි.


ඔහු නාමල් උඩුගමය. ඇය රුවන්තී මංගලාය.තවත් අයෙක් සිටී.ඒ නාමල්ට හෘද ස්පන්දනය ලබා දුන් ක්‍රිෂාන්තය.තම කාරිය කෙරෙන තුරු අහිංසක මිනිසුන් රැවටීම මිනිසුන් අතර සිටින මධ්‍යම පාන්තික එක්තරා කොටසකගේ සිරිතකි.නාමල් ද තලාතුඔය සිට කොළඹට සංක්‍රමණය වී විරහ ගීත (එකළ එම ගීත වාක්‍ය රචනා ලෙස ද හැදින්වීය.)ගායනා කර තරුණයන්ගේ සිහින කුමරා බවට පත් වූවකු මිස ශාස්ත්‍රීය ඥාණයෙන් හෝ දැනුමෙන් මුහුකුරා ගිය අයෙකු නොවීය.තමන් කවුරුන්ද යන්න වටහා ගැනීමේ ශක්තියකින් හෙබි දියුණු මනසක් නොතිබූ මෙම ගායකයා රැල්ලට ගොස් රැල්ලෙන්ම බිමට පතිත වුයේ අක්මාව ද විනාශ කර ගනිමින්ය.ඔහුගේ නොහිබිනාකම් නිසා ඇති කර ගත් රෝගී තත්වයට අවසානයේ රසිකයින් ගෙන් සිගමන් යැදීමට ඔහුට සිදු විය.රුපියල් සත වෙනුවෙන්ම සටන් කර මනුස්සකම අමතක කර කුමාර ලීලාවෙන් වැජඹුණු නාමල් පිළිබදව එදත් අදත් දන්නෝ දනිති.


අවසානයේ තඹුත්තේගම ක්‍රිෂාන්ත සම්පත් සිංහලගේ මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔහු වෙනුවෙනු ඉදිරිපත් වුයේ අවංක හැගීමෙනි.ඔහු නාමල්ලාගේ පන්තියේ සැබෑ ස්වරූපය හදුනාගෙන නොසිටි අතර ,එසේ හදුනා ගැනීමට තරම් ඔහුට සමාජ සබදතා ද නොතිබෙන්නට ඇති.තමා වෙනුවෙන් පමණක් අතිශය ආත්මාර්ථකාමී ලෙස පෙනී සිටින නාමල් මෙන්ම රුවන්තී ද මෙම අහිංසක මිනිසාව රවටා ව්‍යජ ලේඛන මෙන්ම ව්‍යජකතාවන් ද කියා අද ඔහු රෝගියෙකු බවට පත් කර ඇත.නමල් දැන් සුවෙන් යැයි ඔහුත් රුවන්තීත් සිතනු ඇත.එහෙත් ඒ කෙතරම් කාලයකට දැයි ඔහුවත් රුවන්තීවත් දන්නේ නැත.වෛද්‍ය හාස්කම්වලට වඩා ස්භාව ධර්මයේ ක්‍රියාවලිය තුළ හාස්කම් තිබෙන බව නාමල්ලා නොදන්නා බව අපි ද දනිමු.ඔවුන්ට ඒවායේ වැඩකුත් නැත.


ක්‍රිෂාන්ත සම්පත්, ඔබ වටිනා මනුෂ්‍යයෙකි.ඒ නාමල්ට ඔහුගේ එක් කුස උපන් සහෝදර සහෝදරියන් 4 දෙනාගෙන් එක් අයෙකුවත් අක්මා කොටසක් දීමට ඉදිරිපත් නොවූ තැන ඔබ ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වු නිසා නොව, ඔවුන්ගේ ව්‍යජ රංගනයන් හෙළි වෙද්දීත් ආපසු නොහැරුණු නිසාය.ඔබ ඔබේ යුතුකම ඉටු කර ඇත.රංගනයේ දක්ෂයින්වන රුවන්තී සහ නාමල් ඔවුන් දක්ෂ රංගන ශිල්පීන් යැයි සිතන්නට ඇත.එහෙත් තිරයේ රංගනයට වඩා මනුෂ්‍යත්වයේ රංගනය අසීරු බව ඔවුන්ට දැන් වැටහෙනු ඇත.මොණරා ආඩම්බරයෙන් පිල් විදහා ගෙන රංගනයේ යෙදුනත් ඔහු සිටින්නේ නිරුවතින් බව මොනරා නොදන්නේය.


ක්‍රිෂාන්ත , ඔබට ස්භාවධර්මයේ ආශර්වාදය ලැබෙනු ඇත.කලා කේෂ්ත්‍රයේ කටයුතු කරන සියළු දෙනාම කලාකරුවන් නොවන බව සහෘදයන්ට අවබෝධ කර ගැනීමට මෙම සිද්ධිය හොදම අවස්ථාවකි.


නාමල් ,රුවන්තී ,ඔබට ද ඇතම් විට කීමට දෙයක් තිබෙන්නට පුළුවන.නමුත් ක්‍රිෂාන්ත ඔබෙන් මිලමුදල් බලාපොරොත්තු නොවන්නට ඇති.අඩුම වශයෙන් අනුරාධපුරයේ ගොස් එන ගමන්වත් තඹුත්තේගම ඔවුන්ගේ නිවසට ඔබ ගොඩ වැදී එතැයි සිතන්නට ඇත.






Comments

Leave your comment