රාජකීය මංගල්‍ය 2018 දී .




බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ බාල පුතු හැරී කුමරු විවාහ වීමට තීරණය කළ බව බැකිම්හැම් මාළිගය නිවේදනය කර තිබේ.ඔහු විවාහ ගිවිස ගෙන ඇත්තේ ඇමරිකානු නිළියකවන මෙගාන් මේකල් සමගය.විවාහය සදහා තවම ස්ථිර දිනයක් නිවේදනය කර නොමැති අතර , බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග සදහන් කරන්නේ, විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තෙවන දරුවා බිහිවීමෙන් පසුව බොහෝ දුරට විවාහ මංගල්‍ය උත්සවය ගැනීමට ඉඩ ඇති බවයි.එය ලබන මැයි මාසයේ දිනයක් විය හැකි අතර, විවාහය වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්නථානයේදී සිදු කිරීමට තීරණය කර ඇත.තවමත් ඇමරිකානු ජාතික කාන්තාවක්වන මෙගාන්, විවාහයෙන් පසුව බ්‍රිතාන්‍ය ජාතිකත්වය ලබා ගන්නා බව දැනගන්නට තිබේ. මොවුන්ගේ මංගල්‍යයේ සියළු වියදම් චාල්ස් කුමරු සහ රැජින විසින් දරනු ලබයි.


විවාහ ගිවිස ගැනීමේ දී හැරී කුමරු මෙගාන්ට පැළද වූ මුදුවේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ දෙකක් පමණ වේ.එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 40 කි.මෙම විවාහ මංගල්‍ය වෙනුවෙන් විලියම් කුමරු සහ කේට් කුමරිය නොමසුරු සහයෝගයක් දී තිබේ.


ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර උපත ලද මෙගාන්ගේ මේවන විට වයස 36 හැවිරිදි වියේද හැරී කුමරු 33 වන වියේද පසු වේ.මෙගාන්ගේ සම්පූර්ණ නම වන්නේ, රේචල් මෙගාන් මර්කල්ය.ඇයගේ පියා සුදු ජාතිකයකුවන අතර, මව අප්‍රිකානු සම්භවයට සම්බන්ධ කාන්තාවකි.ඇය මනෝරෝග චිකිත්සාව පිළිබද උපදේශකවරියක ලෙස සේවය කරන අතර පියා ඇමරිකානු සිනමාවේ ආලෝක පරිපාලන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි.ඔහු ඇයගේ මවගෙන් වෙන්ව දැනට මෙක්සිකෝවේ ජීවත් වෙයි.


චිත්‍රපට පහකට පමණ රංගනයෙන් දායක වු මෙගාන්, රගපෑ චිත්‍රපට එතරම් ජනප්‍රිය නොවිණි.ඇය වඩාත් ජනප්‍රිය වුයේ ඇමරිකානු රූපවාහිනියේ විකාශය වූ කැනඩාවේ රෑගත කරන ලද සූට්ස් (Suits) නම් ටෙලි නාට්‍ය මාලාවෙනි.විවාහයෙන් පසුව සම්පූර්ණයෙන්ම රංගනයෙන් ඉවත්වන බව මෙගාන් පවසයි.ඇමරිකානු චිත්‍රපට නළුවෙක් මෙන්ම නිෂ්පාදකවරයෙන් ද වන ට්‍රේවෝ එන්ගල්සන් සමග 2011 වසරේ දී විවාහ වු ඇය 2013 වසරේ දී ඔහුගේන් දික්කසාද විය.


හැරී කුමරු සහ මෙගාන් හදුනාගෙන ඇත්තේ 2016 වසරේ දීය. ඒ ඔවුන්ගේ මිතුරියකගේ මාර්ගයෙනි.මෙම සම්බන්ධතාවයට මුලින්ම රාජකීය පවුලෙන් විරෝධතා එල්ල වුවද පසුව රැජින ඇතුළු පවුලේ සාමාජිකයින් හැරී සහ මෙගාන් යුවලට කැමැත්ත පළ කරමින් ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ද සිදුකළේය.







Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment