දිවයින පුරා ශීතල කාලගුණ තත්වයක් -නුවරඑළියට මල් තුහින




මේ දිනවල දිවයින පුරා උදේ සහ හවස් කාලයේදී දැඩි ශිතල කාළගුණ තත්වයක් දක්නට ලැබෙන අතර මෙම තත්වය ලබන 10 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.


මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය තව දුරටත් අවම මට්ටමකට පැමිණ ඇති බව වාර්තාවේ.ඊයේ දිනයේ (අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ ) නුවරඑළියේ උෂ්ණත්ව සෙල්සියස් අංශක 4.7 ක් ලෙස වාර්තා වී තිබේ.මෙම අධික ශීතල කාලගුණ තත්වය ජනතාවගේ දෛනික ජීවිතයට ද බලපෑම් එල්ල කරයි.විශේෂයෙන්ම මේ දිනවල උදේ කාලයේ දී මල්තුහින පතිත වීම නුවරඑළීයේ දක්නට ලැබෙන අතර මෙය එළවළු වගාවන්ට අහිතකර තත්වයක් බව ගොවියෝපවසති.නමුත් සංචාරකයන් මේ දිනවල මල් තුහින දැක බලා ගැනීමට නුවරඑළියට පැමිණෙන බව ද වාර්තා වේ.


පහළ වායුගෝලයේ පවත්නා වෙනස් වීම මෙම ශීතල කාලගුණික තත්වය අැති වීමට බලපා ඇති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.









Comments

Leave your comment