ICC ය ක්‍රිකට් ක්‍රීඩාවට නව නීති එක් කරයි.


අද දින සිට ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්තාන සහ බංගලාදේශ දකුණු අප්‍රිකා ටෙස් තරගාවලියේ සිට ICC (අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය) විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හදුන්වා දෙනු ලැබූ නව නීති ක්‍රියාත්මක කරන බව සදහන් කරයි.


එම නව නීතිවලට අනුව ටෙස් තරඟයක සංචිතයක් සදහා මෙතෙක් නම් කිරීමට හැකිව තිබූ අතිරේක ක්‍රීඩකයින් ගණන 4 සිට 6 දක්වා වැඩි කර ඇත. එමෙන්ම ටෙස් තරඟයක දී කඩුල්ලක් දැවීගිය පසු මේ දක්වා ලබා දුන් විනාඩි 2 ක කෙටි විවේකය විනාඩි 3 දක්වා වැඩිකර ඇත. පිතිකරුවන් භාවිිතා කරන පිත්ත සදහා ද නව නීති හදුන්වා දී ඇත


ඒ අනුව පිත්ත දාරයේ ගණකම මිලි මිටර 40ක් විය යුතු අතර පිත්ත යටි කොටසේ ගැඹුර මිලිමිටර 67 විය යුතු බව ICC ආයතනය තීරණය කර ඇත ටෙස් හා එක් දින තරඟවල දී මෙන් විනිසුරු තීරණ යළි විමසීමෙි අවස්ථාව 20-20 තරඟ සදහා ද හදුන්වාදීමට නව නීති යටතේ කටයුතු යොදා තිබේ. මෙතෙක් පැවති නීතියට අනුව ටෙස් තරඟයකදී පන්වාදුර 80 කින් පසුව එවන් අවස්ථාවන් 2 ක් ලැබුණ ද නව නීති අනුව ටෙස් ඉනිමක් සදහා ලැබෙනුයේ අවස්ථා 2ක් පමණි.කිසියම් ක්‍රීඩකයකු තරගයක් අතරතුර බරපතල විෂමාචාර ක්‍රියාවක් සිදුකළහොත් එම ක්‍රීඩකයා තරඟ පිටියෙන් ඉවත් කිරීමේ බලය නව නීති යටතේ විනිසුරුවරයාට බලය ලබාදී ඇත.








Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment