A/L ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරයි, දක්ෂයෝ බිහිවෙයි.


2017 A/L විභාගයේ ප්‍රතිඵල මේවන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියවන www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල දැනගැනීමට අවස්ථාව ඇත. මෙවර විභාගයට පෙනී සිටි සිසුන් ගණන 315 227 කි.මේ අනුව මේවන විට ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුන් සහ පාසැල් පිළීබද තොරතුරු ද විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.පළමු දෙවන හා තෙවන ස්ථාන ලබා ගත් සිසුන් සහ පාසැල් පහත පරිදි වේ.


ජිව විද්‍යාව විෂය ධාරාව -පළමු ස්ථානය දිලිනි සදුනිකා පලිහක්කාර -මාතර සුජාතා විද්‍යාලය, දෙවන ස්ථානය හසිත ගීත් ගුණසිංහ - වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය, තෙවන ස්ථානය ඉෂාන් ශාලුක රාමනායක- කොළඹ ආනන්ද විද්‍යාලය


භෞතික විද්‍යා විෂය ධාරාව පළමු ස්ථානය ශ්‍රීධරන් දුවාකරන් - යාපනය හාර්ඩ්ලි විද්‍යාලය, දෙවන ස්ථානය සමුදික හිමාන සෝමරත්න - ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, තෙවන ස්ථානය ජෙයරාජන් පොල් ජාන්සන් - යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලය.


වාණිජ විෂය ධාරාව දුලානි රසන්තිකා - මාතර සුජාතා විද්‍යාලය, දෙවන ස්ථානය කෞෂල්‍යා සුභාෂිනී දාබරේ - කොළඹ මියුසියස් විද්‍යාලය, තෙවන ස්ථානය ෆාතිමා අකීලා ඉස්වර් - කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය


කලා විෂය ධාරාව පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි - සද්ධර්මාලංකාර පිරිවෙන රත්නපුරය, දෙවන ස්ථානය සහේලි ආචනා වික්‍රමනායක - කොළඹ සී.එම්.එස්. බාලිකා විද්‍යාලය, තෙවන ස්ථානය දිල්කි සදූපමා රත්නපුර ෆගියුෂන් උසස් බාලිකා විද්‍යාලය.


ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව පළමු ස්ථානය පාරමී ප්‍රසාදිනී රන්සිරි - මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය,දෙවන ස්ථානය ප්‍රගති ඉෂාන් මධුෂංක - කඹුරුපිටිය නාරන්දේණීය මධ්‍ය මහා විද්‍යාලය, තෙවන ස්ථානය පසිදු ලක්ෂාන් - නාරම්මල මයුරපාද මහා විද්‍යාලය.


ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ප්‍රථම ස්ථානය ලක්ෂිත චතුරංග - රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය, දෙවන ස්ථානය රමේෂා ශ්‍රීමාලී - දෙඹරවැව මධ්‍ය මහා විද්‍යාලය, තෙවන ස්ථානය කමලේෂ්වරී සෙන්දිල්නාදන් - යාපනය වෙම්බඩ් උසස් බාලිකා විද්‍යාලය.


පොදු විෂය ධාරාව ප්‍රථම ස්ථානය හිරුනී ශාක්‍යා අබේතුංග - කොළඹ දේවි බාලිකා විද්‍යාලය, දෙවන ස්ථානය ශවීන් භාෂිත තිලකරත්න - කොළඹ රාජකීය විද්‍යාලය, තෙවන ස්ථානය ඇන්ටනී බයිනස් - කදාන මැසනඩ් විද්‍යාලය.



Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment