2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.


මේ දිනවල පළාත්පාලන ආයතනවල ඡන්ද උණූසුම රට පුරා දක්නට ලැබේ.එමෙන්ම ජනතාව අතර කතාබහ වන්නේ ද ඒ හා සම්බන්ධ මාතෘකාවන්ය.විවිධ ජනහමුවලදී දේශපාලඥයින් විසින් ද විවිධ අදහස් පළකරනු ලබති.ඒවා අතර දේශපාලන අභ්‍යන්තර තොරතුරු ද නොදනුවත්ම එළියට එයි.එවැනි කතා අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයාවීමේ ඉඩකඩ වැඩිවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.මේ පිළීබදව පාර්ලිමේනතු මන්ත්‍ර රොෂාන් රණසිංහ මහතා ද මැතිවරණ වේදිකාවක දී සදහන් කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.එය තවත් තීව්‍රර කරන සාධකයක් ලෙස, වර්තමාන ජනාධීපතිවරයාගේ ධූර කාලය වසර පහක් බව ශ්‍රේෂඨාධිකරණයෙන් තීරණය කිරීම ද දැක්විය හැක.


අනෙක් අතට දෙවන දුර කාලයක් සදහා ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත් වරක් ඉදිරිපත් වේයැයි විශ්වාස කළ නොහැක.මන්ද යත් ඔහු පිරිසිදු දේශපාලනයේ ප්‍රතිමූර්තියක් ලෙස තම අභිමානය නැති කර ගැනීමට සූදානම් පුද්ගලයෙකු නොවේ. එමෙන්ම මේවන විට ඔහුට රට තුළ සහ ජාත්‍යන්තරයේ පවතින ප්‍රසාදයවන්නේ පිරිසිදු දේශපාලන තුළ යහපාලන ප්‍රතිපත්ති අර්ථවත්කරණයේ නියමුවා ලෙස ලැබෙන විරුදාවලියයි.ඔහු ඒ තුළ තම භූමිකාව අවසන් කරනු ඇත.


වර්තමානයේ ඉදිරියට පැමිණෙන විකල්ප දේශපාලනය, එනම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ අභිප්‍රාය නැවත මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම වුවත් එහි යථාර්තය නම් ඔහුට නැවත බලයට පැමිණිමට නීතියෙන් ඉඩකඩ නොමැතිවීමයි.එම තත්වය මත ඔහුට නැවත බලයට ඒමට පාරක් කැපිය හැකි නම් ඒ ගෝඨා බලයට ගෙන ඒම හරහා පමණි.මේ තත්වය දේශපාලන විශාරදයින් තුළ ද පවතින ප්‍රබල සැක සංකාවකි.


මහින්ද රාජපක්ෂ මහතාට තවත් මේ රටේ පවතින ජන ප්‍රසාදය තුළ, ඔහුගේ දුෂණ වංචා සහ අනෙකුත් සාධක නිශේධනය කරනු ලබයි.එමෙන්ම ඊට වඩා ප්‍රබල සාධකය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සම කළ හැකි ප්‍රබල සක්‍රීය චරිතයක් එක්සත් ජාතික පක්ෂය තුළ පෙනෙන තෙක් මානයක නොමැති වීමයි.දකුණේ ජාතික බලවේග මෙන්ම සිංහල බහුතරය ද ගොඨාගේ ජයග්‍රහණය නිතතින්ම ආපේක්ෂා කරන බව ද මේවන විට සමීක්ෂණ වාර්තා වලින් ද සනාථ වී ඇත.







Comments

Leave your comment