ෆෙයාවේ ගාලු සාහිත්‍ය උළෙල ආරම්භ වෙයි.


අන්තර්ජාතික සහයෝගීතාවය මූලික කරගනිමින් වසරක් පාසා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ගාලු සාහිත්‍ය උත්සවය ඊයේ ( 24) ගාල්ලේ දී ආරම්භ විය.දින පහක් මුළුල්ලේ පැවැත්වෙන මෙම සාහිත්‍ය උත්සවයේ මෙවර දෙවන වරටත් සිංහල බස සඳහා දිනයක් වෙන් කර තිබීම විශේෂත්වයකි.ඒ අතර දෙවෙනි වරටත් 27 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත සිංහල දිනයේ වැඩසටහන් සඳහා නොමිලේ සහභාගිවිය හැකිය.


එංගලන්තය, ඇමරිකාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු රටවල ප්‍රවිණ ලේඛක ලේඛිකාවෝ සහ සාහිත්‍යවේදීන් 70 කට ආසන්න පිරිසක් සහ අන්තර්ජාතික සාහිත්‍යයට ඇලුම් කරන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් විශාල පිරිසක් ද ෆෙයාවේ ගාලු සාහිත්‍ය උත්සවයට (Fairway Galle Literary Festival) සහභාගිවිමට නියමිතය.


ගාලු කොටුව ආශ්‍රිතව ඇවිදීම, සාහිත්‍ය සම්මන්ත්‍රණ සහ සංවාද, පොත් එළිදැක්වීම්, සාහිත්‍යවේදීන් සමඟ පෞද්ගලික සංවාද, වැඩමුළු, තේ සාද, සිනමා සංදර්ශන ආදී බොහෝ අංග මෙම අන්තර්ජාතික සාහිත්‍ය උත්සවයට ඇතුළත්වෙයි.


සිංහල කවියන්, නවකතාකරුවන්, කෙටිකතාකරුවන්, සිනමාකරුවන් හා විචාරකයින් සිංහල දිනය පැවැත්වෙන 27 වැනිදා සාහිත්‍යා වැඩමුළු හා සංවාදවලට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


සාහිසත්‍යයෙන් තොරව සංහිඳියාවක් නෑ - කිවිඳියක් සිංහල ගීතය මුදල් ගසා කන මාෆියාවක් සිංහල කෙටි කතාව: වර්තමානය කියවිම සඳහා වු ආඛ්‍යාන කලාවක් මාතෘකාව යටතේ මහාචාර්ය ලියනගේ අමරකිර්තී, සුදර්ශන සමරවිර, කාංචනා ප්‍රියකාන්ත, මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ ද,


නවකාතාවේ සිට චිත්‍රපටිය දක්වා: අනුවර්තන ක්‍රියාවලිය මැයෙන් අශෝක හඳගම, සුමිත්‍රා රාහුබද්ධ, සමන් වික්‍රමාරච්චි, දිලීප අබේසේකර ද එදින සංවාද මණ්ඩපවලට එක්වීමට නියමිතය.


ඒ අතර සිංහල කාව්‍යය දෛනික ජිවිතය පිළිබඳ ආවර්ජනායන මාතෘකාව යටතේ ලක්ශාන්ත අතුකෝරල, බන්දුල ජයවිර සහ සුහර්ශිනි ධර්මරත්නත් සිංහල දිනයේ සාකච්ඡා සහ සංවාදවලට සහභාගි විමට නියමිත බව ගාලු සාහිත්‍ය උත්සවයේ සංවිධායකයන් නිවේදනය කර තිබේ.


ලබන ඉරිදා (ජනවාරි 28) අවසන්වන මෙම අන්තර්ජාතික සාහිත්‍ය උත්සවයට දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් ද ඇතුළත් වෙයි.



Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment