සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ අතර වැඩි පිරිසක් සිසුවියෝ.


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථාන හයක් හිමිකරගෙන තිබෙන අතර ප්‍රතිඵල ඊයේ (28) රාත්‍රියේදී නිකුත් කෙරිණි.


ඒ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කසුනි සෙනෙවිරත්න හා චමෝදි රවීසා සුභසිංහ පළමු ස්ථාන දෙකක් ලබා තිබේ.එසේම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා රණසිංහ ශිෂ්‍යාව , මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දිව්‍යාජනා විමලවීර ශිෂ්‍යාව, මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා ශිෂ්‍යාව, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීශ ප්‍රතිභාත් ශිෂ්‍යා මෙලෙස පළමු ස්ථාන හය හිමිකරගෙන තිබේ.


කොළඹ දේවී බාලිකා මහා විද්‍යාලයේ නිපුනි ඉන්දීවරී හේරත්, කොළඹ සී.එම්.එස්.බාලිකා විද්‍යාලයේ අනීෂා ගීතාංජලී ගුණවර්ධන ප්‍රනාන්දු, නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ රිසිනි දිනාරා කුමාරසිංහ, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ කවීන් සන්දීප සිරිවර්ධන, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තිමන්ත සමාධි වික්‍රමසිංහ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෙනුරි දිල්රූ මල්කිකාරච්චි, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ මිරුති සුරේෂ්කුමාර්, මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නිසංසා කසුන්දි ගොකරැල්ල, මාතර සුජාතා විද්‍යාලයේ අමන්දි නයනතාරා ජයසූරිය දෙවැනි ස්ථානයට පත් 09 දෙනායි.


www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හයලක්ෂ 88,573 දෙනෙකු පෙනී සිටියේය.කෙසේවෙතත් අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව මීට පෙර නීවේදනය කළේය.මෙවර විභාග ප්‍රතිඵල වලට අනුව සියයට 73.5ක ප්‍රතිශතයක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබේ..ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිසුන් 9960 දෙනෙකු A සාමාර්ථ ලබාගෙන තිබේ.


2016 වසරේදී A සාමාර්ථ 09ක් ලබාගත් සිසුන්ගේ සංඛ්‍යාව 8224ක් බව සඳහන්ය.මෙවර සියයට 67.24ක ප්‍රතිශතයක් ගණිතය සමත්ව ඇති අතර එය 2016 වසරට සාපේක්ෂව සියයට 4.43ක වැඩිවීමක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.2016 වසරේදී ගණිතය සමත් ප්‍රතිශතය සියයට 62.81ක් වේ.


මේ අතර ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.මීට අමතරව 0112 78 42 08 / 0112 78 45 37 / 0113 188 350 හෝ 0113 140 314 යන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන හා පතිඵල ශාඛාව ඇමතීමෙන් ද තොරතුරු ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් ප්‍රතිඵල ලේඛන අද දින පෙරවරු 10.00න් පසු පාසල් විභාග සංවිධාන ශාඛාවෙන් අදාළ පාසල් වල විදුහල්පතිවරුන් වෙත පමණක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.අනෙකුත් සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දින තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඉදිරියේදී තැපෑලට යොමු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment