ස්වකීය මතවාදය සහ තවත් ජනවර්ගයක අයිතිවාසිකම් වෙනුවෙන් හඩනැගිම නිසා දංගෙඩියට හසු වූ මහසොහොන් බලකාය


මේවන විට මහනුවර දිස්ත්‍රිකයේ පසුගිය දිනවල ඇති වූ ජාතිවාදී ගැටුම් වලට උත්තේජනය ලබා දිමත් එවාට පිරිස් බලය සහ අනුබලට සැපයිමත්, ජාතින් අතර අසමගිය ඇතිකිරීමත් යන කරුණු හේතු කොට ගෙන මහසොහොන් බලකාය නමින් ඇති සංවිධානයක නායකයා ලෙස හදුන්වන අමිත් විරසිංහ නැමැත්තා සහ තවත් සැකකරුවන් 10 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ සදහන් වෙයි.


පසුගිය කාලය පුරාම මෙම සංවිධානය බොද්ධ සිද්ධස්ථාන සහ සිංහල බොද්ධයාට අන් ආගමිකයින්ගෙන් සහ අන් ජාතීන්ගෙන් සිදුවන අකටයුතු කම් වලට එරෙහිව කටයුතු කර ඇත.ඔවුන් සංවිධනයක් සහ යම් කණ්ඩායමක් ලෙසින් පෙනි සිටියත් කැරලි කොලහාල සහ දේපල විනාශයන් සිදුකල බවට වාර්ථා වී නොමැත. කෙසේ වුවත් ඔනෑම අයෙතුට අන්තර්ජාලය පරිහරණය කිරීමේදී මහසො‍හොන් බලකාය ජාතිවාදය ඇවිස්සීම සහ කාන්ඩායමක් ලෙස සිංහල බොද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා යන්න ඔප්පු කරගත හැක. එ අනුව මහනුවර කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මෙම සිද්ධියට ඔවුන්ගේ මැදිහත් විම එකහෙලාම බැහැර කල නොහැක. එහෙත් මෙම සිද්ධිය තනි පාර්ෂවයක උවමනාවට සිදු වූවක් නොවන බව කිව යුතුය. එසේනම් මහජාතිය හෝ සුලු ජාතිය ලෙස නොව සැමට සාධාරණ ලෙස නිතිය ක්‍රියාත්මක වීම සිදු විය යුතුය. එසේ නොවන්නේ නම් මෙහි අතුරු ප්‍රතිපල අනාගතයේ දී සමාජයට කේන්ද්‍රගත වනුයේ මින් එහාට ගිය බිහිසුණු වාතාවරණයක් තුල බව වගකිව යුත්තන් ඒත්තු ගනිත්වා!


දින කිහිපයක් පුරා මහනුවර ආශ්‍රිතව සිදුවන වර්ගවාදී ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි මෙන්ම දේපළ හානි රැසක් වාර්තා වී ඇත .


නිවාස, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන හා ආගමික ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කෙරුණ අතර එමගින් සිදු වූ අලාභය තවමත් ගණන් බලා නොමැති අතර ඒ සඳහා කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බව රජය පවසයි


මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට සිදු කළ හානිය ගැන දැඩි අවධානයක් යොමු වෙමින් පවතිද්දී පෞද්ගලික දේපල,දේවස්ථාන සහ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වළක්වමින් ඒවා ආරක්ෂා කළ සිංහල සහ මුස්ලිම් ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව ගැන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.


තවදුරටත් ගැටුම් ඇති නොකර නිවාසවල රැඳෙමින් සිංහල හා මුස්ලිම් සමගිය ආරක්ෂා කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස අකුරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියේ ශබ්දවාහිනිය මගින් දිගින් දිගටම නිකුත් කළ නිවේදන එහි සිටි මාධ්‍යවේදීන්ට අසන්නට ලැබුණි.


මුරුතලාව ප්‍රදේශයේ තම පල්ලිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු සිංහල තරුණයන් පිරිසක් එහි රාත්‍රිය ගත කළ බව මුරුතලාව ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයෙක් පවසයි.නිවාස විනාශ වීම නිසා ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නවාතැන් පහසුකම් ලබා දීමට ද ඇතැම් අසල්වැසි සිංහල නිවැසියන් ඉදිරිපත් වී ඇති බව දිගන ප්‍රදේශයෙන් වාර්තා විය.


මුල් සිද්ධියේදී ජීවිතය අහිමි වූ සිංහල සහ මුස්ලිම් තරුණයන්ගේ ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මෙම මරණ හේතුකොටගෙන තවත් ගැටුම් නිර්මාණය කර නොගන්නා ලෙසයි.


මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැති නිසා, අද (මාර්තු 08) උදෑසන 10 සිට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.මෙම සාමකාමී තත්වය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි සංචාරයේ යෙදිය හැකි අතර, දැනට එහි සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේ සියලු කාරණා සලකා බැලූ විට අවබෝධ වන එක් දෙයක් ඇත . කේන්ද්‍රීය බල එකාධිකාරියක මෙහෙය වීම මත මිස මේවැනි මහා පරිමාන විනාශයක් කිරීමට නිරායුධ මතවාදි අරගලයක නිරතවන කාණ්ඩායමකට නොහැක. එහෙයින්ම මෙහි අභ්‍යන්තරයේ දේශපාලන බල අධිකාරියක මෙහෙය වීමක් ඇති බව වග කීමෙන් කිව හැක.

Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment