සජිත්ගේ ආගමනය සහ යහපාලන දීගයේ අවසන් හෝරා කීපය.


දේශපාලන පරිණතභාවය, දේශපාලනය තම වෘත්තීය කරගත්තාවුන්ගේ ශරීරය පුරාම දිවයන රුධිරයට සමාන වන්නේය.තමන්ට ජීවය ලබාදෙන තම ශරීරයේ රුධිරය පුද්ගලයෙකු හිතාමතාම අපිරිසිදු කර ගන්නේ නම් ඔහු ජීවිතය පිලිබද කිසිදු ආදරයක් හෝ අවබෝධයක් නොමැති අමන මරි මෝඩ තකතීරුවෙකි.මෑත ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුල ප්‍රධාන ධාරාවේ දේශපාලකයින් තමා විසින්ම තම දේශපාලන චරිතය විනාශ කරගත් අවස්ථා ඇත්තේම නැත.ඩී.එස්, ජේ. ආර්,ප්‍රේමදාස ,චන්ද්‍රිකා හෝ මහින්ද රාජපක්ෂ යන කිසිවෙකු තමන් විසින් හිතාමතාම කිසිවිටෙක තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන නැත. ඒසේ වුවත් මැත යුගයේ දේශපාලන භූමිකාව තුල ක්ලීන් මෑන් යන විරුදාවලිය ලත් හතර වතාවක් තම දෙපතුල ළගට අගමැති තනතුර ලැබී එය ආරත්ෂා කර ගෙන සාර්ථක නායකයෙකු ලෙස ශ්‍රී ලාංකීය දේශපාලකය තුල නමත් තබා ගැනීමට තිබූ අවස්ථාව තමන් විසින්ම නැති කරගත් දේශපාලඥයෙකු සිටී නම් ඒ අන් කවරෙක් වත් නොව රනිල් වික්‍රමසිංහම පමණි.සහබුද්ධික පරිණත උපායශීලී දේශපාලකයින් දේශපාලන පොර පිටියේ කෙටි මාර්ග සොයමින් ගේම් ගහන්නේ නැත.ශූර දේශපාලකයා කරණුයේ ජනතාව ඇස් බැන්දුමකට ලක් කරමින් දේශපාලක පොර පිටියේ මැජික් සන්දර්ශන පැවැත් වීමයි. මේ සදහා අපට ආසන්නම උදාහරණ එමටයි.


අවාසනාවකට රනිල් වික්‍රමසිංහ ප්‍රචාරාත්මක කාර්යශුර කපටි දේශපාලකයෙකු ලෙස සමාජගත වී තිබුණත් ඔහු අභ්‍යන්තරික වශයෙන් නොමේරූ ඥාණයකින් හෙබි උපායශීලී නොවූ එමෙන්ම ප්‍රයෝගික නොවන දේශපාලකයෙකි. එය ඔහු මේ වන විට ක්‍රියාවෙන්ම ඔප්පු කර හමාරය. 40 වසරකට වැඩි දේශපාලන ඉතිහාසයක් හිමි පුද්ගලයෙකුගේ හැසිරීමක් මොහුගෙන් අපට දැකිය නොහැක.මේ කාරණා නිසාම එක්සත් ජාතික පත්ෂය දිර්ඝ කාලීන පසු බෑමක් මෙන්ම සමකල නොහැකි අරාජිකත්වයකට ලක්වී ඇත්තේය. මේ තත්වය තුල නව නායකයෙකු පැමිණියත් ඔහුට මෙම පක්ෂයට ජීවය ලබා දීමට දීර්ග කාලයක් ගත වනු ඇත. කවුරු කෙසේ කියමින් මොන තර්ක ඉදිරිපත් කලත් අද පවතින මේ දේශපාලන අරාජිකත්වයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය. මෙයට සාධාරණ හේතු දක්වමින් විවිධ කරුණු ඉදිරිපත් කල හැක. එසේ වුවත් අවසානයේ මෙහි වගකීම රනිල් වික්‍රමසිංහම භාරගත යුතු වන්නේය . මේය කිසිවිටෙක පක්ෂග්‍රහී හෝ පටු දේශපාලන කෝණයකින් බලමින් කරන්නා වූ විග්‍රහයක් නොවේ සත්‍ය වූ සැබෑ යථාර්ථය මෙයයි. මේ සියල්ල පරාවවල්ලක් වී අද ඔහුම අසරණ කරන තැනට පත් වී සමස්ථ සමාජයෙන්ම ගැරහුමට ලක් වී ඇත්තේය. ඉතිහාසයේ ඔහු කල කි දෑ සියල්ලන්ටම හිමි වටිනාකම හැල්ලූ වී ගොස් ඇත.ඒ නිවැරදි තිරණය නිවැරදි වෙලාවට නොගැණිමත් ඒවාට කල් මරමින් ආපස්සට දමමින් ක්‍රියා කිරීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම හේතුවෙන්ය.


අද ඇති වී තිබෙන අර්බුදයට මූලික හේතුව 2015 ජනාධිපතිවරණයට පොදු පොදු අපේක්ෂකයෙකු ගෙන එමයි.එය මේ රටේ ප්‍රධාන තනි බලයක් හිමි දේශපාලන පක්ෂයක් විසින් නොකල යුතු ක්‍රියාවකි.පැබැවින්ම මෙම දේශපාලන අරාජිකත්වයට මූලික හේතුව එයයි. වර්තමාන ජනාධිපතිතුමා දේශාපාලන වශයෙන් ඥාණාන්විත වුවත් අත්දැකීම් තුලින් පරිණත වුවත් ඒ සියල්ල මේ අර්බුදය හමුවේ යටපත් වෙමින් ඔහුද අසාර්ථකත්වයට පාර කපා ගනිමින් සිටින්නේය. තමන් කෙතරම් නිවරදි ලෙස ගමන් කලත් අනුන්ගේ කකුල් මාට්ටුවකින් බිම ඇද වැටීමට ඉඩ ඇත. එය තමන් දැනුවත්ව හෝ නොදැනුවත්න සිදු විය හැක.ඒ අනුව වර්තමානයේ ජනාධිපති තුමා මේ අවසානාවන්ත ඉරණමට ගොදුරු වෙමින් සිටී. කෙසේ වෙතත් යමෙකු අසරණ වූ විට තමන් අකමැති අයගෙන් පවා අාධාර උපකාර ගැනිම ප්‍රතිපත්තියක් නොමැති මිනිසුන්ගේ ක්‍රමවේදයයිි. එය මුනිච්චාවට කරන්නා වූ ක්‍රියාවකි.


ශක්තිමක් දෙවන පෙල නායකක්වයක් අවශ්‍යම කාලයේ දී ඉදිරියට ගෙන ඒමට බාධා කර තමන්ට අවශ්‍ය විටදි එයින් ප්‍රයෝජන ලබා ගැනීමට යාම දුර්වලකමේ ලක්ෂණයකි. කෙසේ වුවත් අකමැත්තෙන් වුවද තමා පසුකර යන බාලයින් දෙස බලා සුසුම් හෙලීමට සිදුවීම දෛවයේ සරදමකි. ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවාගත නොහැක, යන කියමන සනාථ කරමින් හෙට දිනයෙන් පසු ඇතිවන අලුත් තත්වය ලිච්ඡවී පාලනයක් හෝ සම්මුතිවාදී පාලනයක් නොවන්නේය. ඒ සියල්ල නවකතාවක එන මනංකල්පිත සිද්ධි දාමයකි. දෙන දෙවියෝ නියම වෙලාවට ටොකු අනිමින් දෙනවාය යන කියමන සනාථ කරමින්, තමන් අසලටම පන්දුව එන තෙක් බලා සිට නිවැරදි ඉලක්කයට පහර දීමට සජිත් සුක්ෂම වූවාය.







Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment