ශ්‍රේෂ්ඨ ගායකයාගේ කූඨ බිරිද ජන( 17 ) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි.


ප්‍රවීන ගායන ශීල්පී වික්ටර් රත්නායකගේ වත්මන් බිරිද වන හෂිනී අමෙන්ද්‍ර යන අය රණ් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වෙත අද උදෑසන නිතිඥයෙකු මාර්ගයෙන් භාර වී ඇති අතර ඉන් අනතුරුව මෙම කාන්තාව තංගල්ල පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කල අතර එහිදී තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා විසින් මෙම මස 17 වන දින දක්වා අදාල කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.


31 වියැති ඇය තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව අද(9) ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී ඇත.


අද දිනයේ ඇය බාර නොවූයේ නම් ඇය සඟවා තබාගැනීමේ චෝදනාවට ඇයගේ සැමියා වන ප්‍රවීන ගායකයා ද අත්අඩංගුවට ගැනීමට ඉඩතිබූ බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.


මෙම වංචාව සම්බන්ධ සිද්ධිය පොලිසියට වාර්තාවීමෙන් පසු වසර එකහමාරක පමණ කාලයක් සිද්ධිය යටගසා තිබීම පිළිබඳවද මේ වනවිට පරීක්ෂණ ආරම්භවී ඇත. එම සිද්ධිය යට ගැසීම පිටුපස රුපියල් ලක්ෂ ගණනාවක අල්ලස් ගැනීමේ සිද්ධියක් ඇති බවක් ද මේ වන විට අනාවරණය වී තිබේ.


උපුටා ගැනීම ලංකාදීප පුවත්පත






Comments

Leave your comment