ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රචණ්ඩ ක්‍රියා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ආකාරය


ජනප්‍රිය සංචාර දිස්ත්‍රික්කයක්වන මහනුවර ජනවාර්ගික විරෝධී කැරලි වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා ඇත.අඹතැන්නේ බෞද්ධ විහාරයකට එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳ කටකතා ද මහනුවර දිස්ත්‍රික්කය පුරා පැතිරී ඇත. මිය ගිය පුද්ගලයන්ගෙන් එක් අයෙක් හෘදයාබාධයකට ලක්වීමෙන් ඔහුගේ සාප්පුවේ දී මිය ගොස් ඇති අතර තවත් මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර තවත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි.


ඊයේ රාත්රියේ මහනුවර හරහා ප්‍රදේශවල මුහුනු ආවරණය කර ගත් පුද්ගලයන් ගමන් කරමින් සිටිය බව වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් නිලධාරීන් හා ආගමික නායකයින් හමුවීමට පැමිණෙන සාකච්ඡා කළ බව ද වාර්තාවේ.


අඟහරුවාදා රාත්‍රී ප්‍රදේශය පුරා පැතිර ඇති කැරලි ගැසීම හේතුවෙන් පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ මහනුවර , මැණික්හින්න ප්‍රදේශයේ ද යම් සිදුවීම් වාර්තා වී ඇති බවයි. ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු එම ප්‍රදේහයේ දී අත්වඩංගුවට ගෙන තිබේ.


රැඩිකල් බෞද්ධ ජාතිකවාදී කන්ඩායම්වල සාමාජිකයන් මහනුවර මුස්ලිම් ආගමික දේපලවලට ගිනි තැබීම් පිළිබදව වාර්තා විමත් සමග, සිවිල් යුද සමයේ අවසානයෙන් පසුව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුවට සිදු විය.


මුස්ලිම් විරෝධී පෝස්ට් පැතිරීම වළක්වා ගැනීම සඳහා ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍ය සේවාවන් ශ්‍රී ලංකාව පුරාම බාධා කිරීම් හෝ සීමා කිරීම සිදු කර තිබේ. එය ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි කිරීම සදහා දායකවන බව රජය ප්‍රකාශ කරයි . පසුගිය සඳුදා සහ අඟහරුවාදා ඇති වූ ගැටුම්වලින් නිවාස, සාප්පු හා වාහන 150 කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව පවසයි.,


දිගන නගරයේ මුස්ලිම් තරුණයන් පිරිසක් සිංහල ජාතිකයෙකුට ප්‍රහාරයක් කළ කළ බවට සති අන්තයේ දී අනාවරණය විය. පසුව මෙම පුද්ගලයා මිගිය අතර ඔහුගේ අවසන් කටයුතු අවසන් වූ වහාම මුස්ලිම් වරුන්ගේ දේපලවලට ප්‍රහාර එල්ල කර තිබේ,


දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම වසා දමා ඇති අතර එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව යන රටවල් ඔවුන්ගේ පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


විශ්ලේෂකයෝ කියා සිටියේ 2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව බෞද්ධ ජාතිකවාදී කන්ඩායම් මුස්ලිම් විරෝධී ක්‍රියාවල නිරතවන බවයි.. 2009 ජූනි මාසයේ දී මුස්ලිම් හා බෞද්ධයන් අතර හටගත් කැරලි වලින් හතර දෙනෙකු මිය ගිය අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබීය. ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම පිළිබදව බෞද්ධ අන්තවාදී නායකයින්ට චෝදනා එල්ල විය. .පසුගිය සතියේ මුස්ලිම් ජනයා සිංහල පාරිභෝගිකයින්ට ආහාර සැපයීමේ දි උපත් පාලන පෙති ලබා දෙන්නේ යැයි කියමින් අම්පාර ප්‍රදේශයේ ද ගැටුම්කාරී තත්වයක් හට ගෙන තිබේ.


ද ගාඩියන් පුවත්පත ඇසුරෙනි.


Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment