March 9, 2018, 5:57 am 0

ශ්‍රී ලංකාවේ ඉහළ රැකිියාවල සේවයට පිටරැටියන් 25 000ක්

අද වන විට ශ්‍රී ලංකාව තුළ වැඩිම විදේශ ආයෝජන සිදු කරමින් සිටින්නේ චීනය හා ඉන්දියාවයි.රජයට අයත් ව්‍යාපෘති , හෝටල් මහල් නිවාස සහ අනෙකුත් නිෂ්පාදන කේෂ්ත්‍ර මේ අයෝජනයන්ට ඇතුලත් ය. මේවායේ සේවය කරන,විධායක මට්ටමේ සියළුම තනතුරු සදහා පුද්ගලයින් එම ව්‍යාපෘති මෙහෙයවන රවලින් පැමිණන සේවය කරයි.ඒ අනුව එවැනි පිරිස 25 000 ක් පමණ මේවන විට මෙරට සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු හෙළි කරයි.
මේ අය අතර ඉහල මට්ටමේ කළමණාකරුවන්, ජේෂ්ඨ විධායකයින් , කණිෂ්ඨ විධායකයින් , පුහුණු ශ්‍රමිකයින් සහ සහායක කාර්ය මණ්ඩල ද අයත් බව හදුනාගෙන ඇත.ඒ අනුව ඔවුන්ට රට තුළ සේවය කිරීමට වීසා බලපත් නිකුත් කර ඇති බව සදහන්වේ.එය මාස 03 මාස 06 මෙන්ම අවුරුද්දේ සිට අවඅරුදු 2 දක්වා ද වලංගු වීසා බලපත් බව පැවසේ.
රට තුළ සංවර්ධන ව්‍යාපෘති මෙලෙසින් ක්‍රියාත්මක වීමේ දී ඒ සදහා අවශ්‍ය පුද්ගලයින් සදහා වීසා බලපත් නිකුත් කිරීම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බව එහි ප්‍රකාශකයෙක් සදහන් කර ඇත.
Comments
මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා
- Sep 21, 2017