ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චන්දික හතුරුසිංහට


පසුගිය 06 වැනිදා රැස් වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභා රැස්වීමේ දී පැවති සාකච්ඡාවකින් පසුව ,චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ථිර වශයෙන්ම පත් කිරිමට තීරණය කර තිබේ.ඒ අනුව ඔහු ලබන 20 වැනි දා කණ්ඩායම සමග එක් වී තම රාජකාරී ආරම්භ කරනු ඇත.


පුහුණුකරුවෙකු ලෙස හතුරුසිංහ ලෝකයේ බොහෝ ඇගයීමට ලක්ව ඇති අතර ක්‍රීඩකයෙකු ලෙස ද ඔහු තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙකු බව අපට අමතක කළ නොහැකිය.


චන්දික හතුරුසිංහ 2006 -2009 කාලයේ දී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද 2009 -2010 කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලනොලත් පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.


බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කළ හතුරුසිංහ, පසුගිය දා එම තනතුරෙන් ඉවත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමේ බලාපොරොත්තුවෙනි.







Comments

Leave your comment