ශ්‍රි ලංකාවේ : 45000ක් කුඩ්ඩෝ දිනකට කිලෝ 04 ක කුඩු බොයි.


අන්තරායක ඔෘෂධ පාලක මණ්ඩලයේ අලුත්ම සමීක්ෂණ වාර්ථා පෙන්වා දෙන පරිදි දිනකට ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ගේ භාවිතයට හෙරොයින්ට් කිලෝ 04 අවශ්‍යය බව සොයාගෙන ඇත. ඒ මෙරට තුල සිටින 45000ක් පමණ වන හෙරොයින්ට් භාවිතා කරන්නන් සදහාය.


එ අනුව වසරකට හෙරොයින්ට් අබ්බැහි වූවන් සදහා කිලෝ 1478 මත්කුඩු ප්‍රමාණයක් අවශ්‍යව ඇත.වැඩි වශයෙන් හෙරොයින්ට් ලංකාවට පැමිනෙන්නේ ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ය. නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙන මෙම මත්ද්‍රව්‍ය ධීවරයින් හරහා රට තුලට බහුලව පැමිනෙන බව ද ඉන්පසුව මෙරට තුල සුක්ෂම ලෙස රට අභ්‍යන්තරයේ බෙදාහැරෙන බව ද තොරතුරු වාර්ථා වෙයි.


එමෙන්ම උෘව සහ දකුණු පලාත් කේන්ද්‍ර කොට ගනිමින් හෙක්ටයාර් 500 පමණ ප්‍රදේශයක නිති විරෝධි ලෙස ගංජා වගාකර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත


මතින් නිදහස් රටක් ලෙස ජනාධිපති කාර්යසාධන බලකාය පුර්ණ මැදිහත් විමෙන් පොලිස් මත්දුව්‍ය නාශක කාර්්‍යංශය, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රේගුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලුම ආයතන එකට රාජ්‍ය අනුග්‍රහයට ද සහිතව රටතුල ඇති වී තිබෙන මෙම මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට කටයුතු කරයි.


මෙම අදහස් සහ තොරතුරු හෙළිකර ඇත්තේ අන්තරායක ඔෘෂධ පාලක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්දු ප්‍රනාන්දු මහතා දෙපැම්බර් (29) දින එම මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.






Comments

Leave your comment