වෙනත් ආකෘතියකින් යලි ශක්තිමත් වන රාජපක්ෂ කේන්ද්‍රීය බල කදවුර


2004 පසු මෙරට වඩාත් කතාබහට ලක් වූ පවුලක්, නාමයක් හෝ කණ්ඩායමක් සිටියේ නම්, ඒ රාජපක්ෂ පැලැන්තියේ භුමිකාවයි. රාජපක්ෂවරු මේ මහ පොලොවේ ඉබේ පහල වූවෝ නෙවෙන්නේය. ඔවුන්ට සක්‍රීය සමාජය තුල දේශපාලණික සහ සමාජ පසුබිමත් පවති. ඒ අනුසාරයෙන් ගොඩනැගුනු මහින්ද රාජපක්ෂ චරිතය ශ්‍රී ලංකීය දේශපාලන තුල ඉස්මතු වන්නේය. එහෙයින්ම සාම්ප්‍රදායික බණ්ඩාරනායක පැලැන්තිය සොදාපාලු‍වකට ලක්වන්නේය. එය සමාජවාදයේ එන පන්ති සටන නොව ධනවාදයේ එන පැලැන්තියේ සටනයි. මෙවැනි සටන් හුදෙක් පොදු මහජනතාවගේ අවශයතාවයන් මත ජයග්‍රහණය කරන්නක් නොවේ. එහෙත් සමාජීය අවශ්‍යතාවය මත මතුවන විවිධ මුහුනුවරයන් ඔස්සේ පොදු සමාජයේ අවශ්‍යතාවයනට ගලපා ගත හැකිය. එ අනුව එදා රට තුල තිබූ අවශතාවය මත දියසේන කුමාරයෙකුගේ බිහි වීමකට සමාන කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ බහුතර සිංහලයින්ගේ ශක්කියෙන් බලයට පත් විය. එය ඒ අවස්ථාව වන විට සිදුවිය යුතු කරුණක් බව මේ රටේ බහුතරයක් මිනිසුන් විශ්වාස කරති. එහෙත් එයින් තවත් පැලැන්තියක් විනාශ විම සිදු වූ අතර එය රටේ බහුතරයකට ගැටලු‍වක් නොවීය.


එතැන් පටන් ආරම්භ වන රාජපක්ෂ කදවුර සිය බලය යොදා ගනිමින් පැලැන්තිය ගොඩනැතීමටත්, එය ශක්කිමත් කිරීමටත් වෙහෙසුනේය. එ අතරම පලමු බල හිමි කාලපරිච්චේදයේ බහුතර සමාජයේ ඉල්ලිමට ද කන් දෙමින් රට පෙරටුකර ගත් පොදු ජනතාවගේ ඉල්ලිම් සදහා ද කැප වුනේය. එය 1948 පසු බලයට පත් වූ පැලැන්තියක් විසින් සාම්ප්‍රදායික රටාව වෙනස් කරමින් සිදුකල ජනතාවාදී ව්‍යුහාත්මක වෙනසති. එහෙයින්ම මිනිසුන් 1956 බණ්ඩාරනායකගේ පෙරලියට එහා ගිය ආකෘතියකින් රාජපක්ෂ කදවුර වටා එකරාශි විය.


එයට නුතන සමාජයේ දියුණු චින්තනය ඉවහල් වුව ද විය හැක . එහෙයින්ම එය රාජපක්ෂ චින්තනය වෙනුවට මහින්ද චින්තනය විය. මේ හරහා කාලයක් තිස්සේ පැවැති බණ්ඩාරනායක චින්තනය ක්‍රමයෙන් වියැකී ගියේ රාජපක්ෂ වරුන්ගේ දැඩි ප්‍රහාර හමුවේය. එහෙත් එය යලි හිස ඔසවනු ඇතැයි නොසිතු රාජපක්ෂ කදවුර තමන්ට රිසිසේ අත්තනෝමතිකව කටයුතු කලේ බහුතර ජනතාවගේද හඩට කන් නොදීමය. එහි ප්‍රතිපලයක් ලෙස නොසිතූ මොහොතක එල්ල වූ කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙල හමුවේ රාජපක්ෂවරු බලයෙන් එලියට විසිවන්නේ ය.


අවස්ථාවාදි ලෙස එය ජනතාවාදී අරගලයක් ලෙස පෙන්වා දීමට බණ්ඩාරනායකවරු උත්සහ ගන්නේ රාජපක්ෂවරුන්ගේ අත්තොනෝමතික ක්‍රියාකාරකම්වල දුර්වලතාවයන් හමුවේ මිස බහුතර ජනතාව ඔවුන් ප්‍රතික්ශේප කිරීම නිසාම නොවේ. එමෙන්ම සංවිධානාත්මක කැරැල්ලක් වෙනුවට කුලී හමුදාවක් යොදා සිදුකල බලය පැහැර ගැණිම (2015 ජන 08) බලහුවමාරුවක් බව ටික කාලයක් යන විට රට තුල බහුතර ජනතාවට ඒත්තු ගියේය. කල්ලි කණ්ඩායම් කිපයක් සමග බන්ඩාරයනායකවරු මෙහෙය වූ මෙම පැලැන්තියේ කැරැල්ලට දායක වූ කිසිවෙකුට නිස්චිත වැඩපිලිවෙලක් නොතිබූ අතර ඔවුන් සියල්ලෝම රැල්ල‍ට ගල් ගැලු‍වෝ වූහ.


එහෙයින්ම හොරුන්, තක්කඩියන්, වංචාකරුවන් සහ මිනිමරුවන් ලෙස රාජපක්ෂවරු සමාජය හමුවේ නිරුවත් කලත්, එය සැබෑ සත්‍යයෙන් තොර සිදුකල රැවැටීමක් ලෙස මේවන විට ජනතාව තේරුම් ගෙන ඇත. එහෙයින්ම එම කැරැල්ලම මේ වන විට අාපසු කැරකෙමින් ප්‍රතිවිප්ලවයක් බවට පත්වෙමින් යලි ජනතාවාදී කැරැල්ල රාජපක්ෂ කදවුරට වාසිවන ලෙසට පෙරලාගෙන තිබේ. පැහැදිලිවම අද වන විට නැවත රජපක්ෂවරු වෙනත් ආකෘතියකින් නැගී සිටිමින් පෙරලා ප්‍රහාර එල්ල කරති. එයට මුහුණ දීමට එදා කුලී හමුදාව යොදා කල සටන සිදුකිරීමට කුලී හේවායෝ පවා අද වන විට නොමැති තත්වයකට බණ්ඩාරණායකවරු පත් වී ඇත. එමෙන්ම තවකාලිකව නායකත්වයට පත් වූවෝ ද හුදකලා වි ඇත්තේය.


මේ සියලු‍ කාරණා හමුවේ යලි සුද්ධවන්තයින් ලෙස පෙනී සිටීමට රාජපක්ෂවරුන්ට හැකියාව උදා වී ඇත. එහෙත් එයද ඔවුන් වඩා නිර්මාණශීලී සැකැස්මකින් මෙන්ම ආකෘතිමය වශයෙන් වෙනස්කම් සහිතව සිදුකරයි.මෙය පොහොට්ටුව මෙන්ම වියත්මග හරහා ගෝඨාභය රාජපක්ෂගේ ආගමනය තුලින් පෙන්වා දිය හැක.


මඩ සොදාගත් කල ගොවියා රජකමට ද සුදුසු යැයි කීවා සේ , රාජපක්ෂලාගේ සියලු‍ අපල උපද්‍රව දුරු කිරීමට සෘජුව හෝ වක්‍රව බණ්ඩාරනායකවරුන් විසින් භොතිස්මකල තාවකාලික නොන්ජල් පාලකයෝ සහයෝගය දක්වති. එය ඔවුන් නොදන හෝ දැන සිදුකිරිම කොතෙක් දුරට ප්‍රඥාගෝචර ද යන්න කිව නොහැක. කෙසේ වුවත් දෙවන රාජපක්ෂ ආගමනය හරහා ගෝඨාභයගේ පැමිණිම එකම පවුලේ වුවත් මහින්දගේ ආගමනය හා සමකල නොහැකි වන්නේය. එය ආකෘතිමය වශයෙන් මෙන්ම චින්තනය වශයෙන්ද හාත්පසින්ම වෙනස් වන්නේය.


මෙය ගැබුරින් තේරුම් ගැණිමට පසුගිය දා වියත්මග සමුථවේ දී ගෝඨාභය රාජපක්ෂ විසින් කල කතාව සංකීර්ණ ලෙස අධ්‍යනය කල යුතුය . එය වෙනත් විද්වතෙකු විසින් ලියා දුන්නක් විය හැකි වුවත් ඒ තුල සෑබෑ ගෝඨාභය චින්තනය ඇතුලත් වි ඇති බව විශ්වාස කල හැක.


මේ රටේ මධ්‍යස්ථ මතයක සිටින පොදු මහජනතාව මහින්ද වාදී භිතිකාවෙන් ද නුතන දියාරු පාලන තන්ත්‍රයෙන් ද දැඩි ලෙස කලකිරීමකට පත්ව සිටින්නෝය. මේ අයට නව දැක්මක් සකස් කර දීම‍ට මේ වියක්මග බුද්ධිමත් පෙලගැස්ම, ඉඩක් සලසා දී ඇත්තේය. මෙය සැබැවින්ම කුමණ්ත්‍රණකාරී වැඩපිලිවෙලක් නොව, සැබැවින්ම රාජපක්ෂවරු එලිපිට යලි බලයට ඒමේ තවත් එක් වැඩපිලිවෙලකි. කිසියම් මොහොතක මෙය යලිත් පැලැන්තියේ අරගලයක් බවට පෙරලු‍නහොත් එය කිසිසේත්ම ජනතාවාදී නොවනවා සේම, මිනිසුන්ට ඇති අවසන් බලාපොරොත්තුවද ගිලිහී යනු ඇත.


Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment