March 9, 2018, 5:57 am 0

විසිඑක් වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙලේ බර ඉසිලීම් ඉසව් වලින් චතුරංග සහ දිනූෂා පදක්කම් දිනයි.

විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත.එම පදක්කම් දෙක දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකා දිනූෂා හංසනී ගෝමස් සහ ක්‍රීඩක චතුරංග ලක්මාල් ජයසූරිය විසිනි.
දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් හතලිසි අට බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය සමත් විය.පිරිමි කිලෝ ග්‍රෑම් පනස් හය බර පන්තියේ ඉදිරිපත් විය.
තරඟයේ රන් පදක්කම මැලේසියාව දිනා ගත් අතර රිදී පදක්කම ඉන්දියාවට හිමි විය.කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම ඉන්දියාව විසින් දිනාගනු ලැබුණි.එහි රිදී පදක්කම හිමි වුණේ මුරුසියටයි.
විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ‘ගෝල්ඞ්කෝස්ට්‘ නගරයේය.එහි සමාරම්භක උළෙල අප්‍රියෙල් හතර වන දින උත්සවාකාරයෙන් සිදු විය.රටවල් හැත්තෑ එකක් මෙම විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන අතර ඊට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව හයදාස් පන්සියය ඉක්මවයි. ක්‍රීඩා උළෙල දින එකොළහක කාලයක් පැවැත්වෙනු ඇත.
Comments
මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා
- Sep 21, 2017