වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.


දින 03 ක නිල සංචාරයක් සදහා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා ඇතුළු දූත පිරිස අද පස්වරු 4:20 ට පමණ කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 303 දරන ගුවන් යානයෙන් ඔවුන් පැමිණ ඇති බව වාර්තාවේ.


සිංගප්පූරු රාජ්‍ය නායකයෙකු වසර 13 කට පසුව ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයක්වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත මෙම සංචාරය සිදුවේ .මෙහිදී දෙරට අතර නිදහස් වෙළද ගිවිසුමට ද අත්සන් තැබීම‍ට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවීමට නියමිත බව ද වාර්තා වේ.


සිංගප්පූරු අග්‍රාමාත්‍යතුමා සමග දූත පිරිස 35 දෙනෙකු පැමිණ සිටින අතර , ඔවුන් 24 දින යළිත් ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු යෑමට නියමිතය.මෙම පිරිස පිළිගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා දූත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.


සිංගප්පූරු අග්‍රාමාක්‍යවරයාගේ පැමිණිම වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.







Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment