ලොකුම කොකේන් තොගය අද (15) පුත්තලමේ දී විනාශ කෙරේ.


ශ්‍රී ලංකාවේදී මෙතෙක් අත් අඩංගුවට ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15 වැනිදා) විනාශ කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කටයුතු යොදා ඇතැයි වාර්තාවේ. අධිකරණ නියෝග මත ආරක්‍ෂිත ස්ථානයක ගබඩා කොට ඇති මෙම කොකේන් තොගය එහි සිට පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දැඩි තාපයකින් යුත් ආරක්‍ෂිත ගිනි උදුනක දමා පුලුස්සා විනාශ කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්ථා වේ.


අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කරන ප්‍රථම වතාව මෙය වේ. ඉක්වදෝරයේ සිට බෙල්ජියම හා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ ‘මුන්රා’ වරයාට යන ‘එම්.එස්.සී. පැබිලෝ’ නෞකාවේ කන්ටේනරයක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගයක් තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.එබ්ලිව්.කේ. සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව 2016 දෙසැම්බර් මස 09 වැනිදා කොළඹ වරාය තුළ රේගු නිලධාරීන් සමඟ එක්ව කළ මෙහෙයුමකදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගනු ලැබිණි.


තේක්ක දැව කඳන් සහිත කන්ටේනරයක් තුළ ඉතා සුක්‍ෂම ආකාරයෙන් සඟවා තිබු මෙම කොකේන් තොගයේ කොකේන් කිලෝ 928 කුත් ග්‍රෑම් 229 ක් තිබී සොයා ගෙන තිබු අතර එය රුපියල් කෝටි ගණනක් වටිනා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් කරන ලද පරීක්‍ෂණ වලදී මෙම කොකේන් තොගය ලංකාවට එවා තිබු ඒවා නොවන බවත් සියයල්ල එවා තිබුනේ ඉන්දියාවට බවත් හෙළි වී තිබිණි.


ඉන්දියාවට එවා තිබු මෙම කොකේන් තොගය සම්බන්ධයෙන් එරටින් යළි ඉල්ලීමක් නොකිරීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් නියෝගයකට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment