ලයිබීරියාවේ ජනාධිපති වූ ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා,ජොර්ජ් වියා.


නෙල්සන් මැන්ඩෙලා විසින් අප්‍රිකානු මහාද්විපයේ අභිමානය ලෙස හදුන්වා දුන් ලයිබීරියවේ ජෝර්ජ් වියා එරට ජනාධිපතිවරයා ලෙස පත් වී ඇත.1990 දී අප්‍රිකානු කලාපයෙන් බිහි වූ සුපිරි පාපන්දු තාරකාව වන ලයිබීරියාවේ ජෝර්ජ් වියා එංගලන්තයේ මැන්චෙස්ටර් පාපන්දු කණ්ඩායමට බැදී තරග කළ අතර පසුව ජර්මන් කණ්ඩායමට ද බැදී පාපන්දු පිටිය වර්ණවත් කළ ක්‍රීඩකයෙකි.


1989 -2003 වසර 14 ක සිවිල් යුධ තත්වයකට මූණ දුන් ලයිබීරියාව එබොලා වසංගතයෙන් ද ලක්ෂ සංඛ්‍යත. ජනතාවක් මියගොස් ඇති අන්ත දුගී රාජ්‍යයකි.‍මෙරට 1944 න් පසු නිසි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට බලය හුවමාරු වී නොමැත.2005 -2011 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෝර්ජ් වියාට දූෂිත මැතිවරණ ක්‍රියාවලිය නිසාම පසු බසින්න සිදු විය.


ජෝර්ජ් වියා සහ අනාගත ලයිබීරියාව- ලෝකයේම අවධානයට පාත්‍ර වූ ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයාගේ ජයග්‍රහණය අප්‍රිකානු මහාද්විපයේ වෙනසක් ඇති කරන්න සූදානමින් සිටී.පැරණිතම ජනරජයක ඒකාධීකාරී බලය බිද දමමින් සාමකාමී ලෙස බල හුවමාරුවක් සිදු වූ මේ මොහොතේ, ජෝර්ජ් වියාට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වී ඇත.


ඒ අන්ත දුගී දුප්පත්කමින් අඩියේම සිටින ජනතාවගේ ජීවන තත්වය උසස්කීරීමයි.වියාගේ ජයග්‍රණය මුළු ලයිබීරියානුවන්ගේම සතුටක් බවට මේ මොහොතේ පත් වී තිබේ ..එහෙයින් රට පුරාම මිනිසුන් ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටී.


වියාගේ අාධාරකරුවන් වූයේ සදාකල්ම රැකියාවල් නොකළ විශාල තරුණ කොටස්ය.ඔවුන් අධ්‍යාපනය නොළත් ආර්ථික දරිද්‍රතාවයෙන් පත්ළේම සිටි අයයි.ඒ අනුව වියාගේ මුලික අරමුණ විය යුත්තේ හොද රැකියාවක් මෙන්ම අධ්‍යාපනයක් මේ අයට ලබාදීමයි, යනුවෙන් එරට අධ්‍යාපන විශේෂඥයෙක් පෙන්වා දී තිබේ.සමාජයේ ඇති, ඇතිනැති පරතරය බහුලව පවතින ලයිබීරියාවේ සමාජ අසමානතාවය 20% ක මට්ටමට ගෙන ඒමට නව ජනාධීපතිවරයාට පවතින අභියෝගයකි.


ජනාවාරි මාසයේ දිවුරුම් දෙන ජෝර්ජ් වියා දෙසැම්බර් 26 වැනි දා පැවති ඡන්දයෙන් 65.5% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්හ.ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති වූ ජේසන් බොකායි ලබා ගත්තේ 38.5% කි.වසර 12ක් ජනාධිපතිව සිටි ඇලන් ජෝනසන් සිරිපානීගේ අනුගාමිකයා වූ බොකායි ඔහුගේ පරාජය පිළි ගත්තේය.


මෙහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අලුතින් ජනතාව විසින් පත් කර ගන්නා පද ජනාධිපතිවරයාට සුභ පතන අතර ඔහුට මිත්‍රත්වයේ දෑත් දිගු කරන බවයි.ඒ අනුව පරාජිත උප ජනාධිපතිවරයාගේ හැසිරීම විශිෂ්ට බව ලයිබීරියානුවන්ගේ මතයයි.


1847 දී ඇමරිකානු එක්සත් ජනපදයේ යටත් විජිත කොළණීයක්ව තිබී නිදහස ලැබීමේන් අනතුරුව 1980 දී මිල්ටරි කුමන්ත්‍රණයකින් ඒකපාර්ශවීය පාලන බලයකට ලයිබීරියාව යටත් වීය.ඉන් පසු 1989 - 2003 දක්වා සිවිල් යුධ තත්වයෙන් පීඩා විදි ලයිබීරියාවේ ලක්ෂ දෙකහමාරක පමණ ජනතාව මිය ගියේය.එපමණක් ද නොව රටේ ආර්ථිකය ද රාජ්‍ය සම්පත් ද විශාල වශයෙන් විනාශයට පත් විය.


14 වසරකට පසු ගැටුම් අවසානයේ දී සාමය උදා විය. යළි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු විය.ඉන් පසු බලයට පත් වු ඇලන් ජෝසප් සිරිපානී අප්‍රිකානු රටකින් බලයට පත් වූ පළමු කාන්තාව විය. ඇය වසර 12ක් බලයේ සිටිමින් අභියෝග රැසකට මුහුණ දුන් කාන්තාවක් වූවාය.මානව සංවර්ධන දර්ශකයට අනුව පහළම ස්ථානයේ පසුවන ලයිබීරියාව 64% ජනතාවක් දරිද්‍රතාවයෙන් ද මිලියන 1.3 ක ජනතාව අන්ත දුළිදු පුරවැසියන් ලෙසින් ද ජීවත් වෙති.


මෑත වසරවල රටේ උද්දමන සිග්‍රයෙන් වර්ධනය වූ අතර ආර්ථික දරිද්‍රතාවය හේතුවෙන් ද 2014 -2015 වසර වලදී එබොලා වසංගතය පැතිරීමෙන් ද රට තුළ විශාල ආර්ථික කඩා වැටීමක් සිදු විය.මේ තත්වය මත පැවති ජනාධිපතිවරණයේ දී ජෝර්ජ් වියා ජනාධිපති වරණ පොරොන්දු ලෙස නිදහස් අධ්‍යාපනය ,නිදහස් සෞඛ්‍ය මෙන්ම රැකියා ලබාදීමට ද පොරොන්දු විය. එහෙත් ඒවා කුමන අන්දමෙන් සිදු කරන්නේ ද යන්න ඔහු විස්තර කර නොතිබුණි.එසේ වුවත් ජනතාව ඔහු කෙරෙහි විශ්වසයක් තබා ඡන්දයක් දී ඔහුට ජයග්‍රහණය කිරීමට පාර කපා ඇත.එහෙයින් ඔහුට රට ගොඩනැගීම සදහා ඉදිරියේ විශාල අභියෝගයක් එල්ල වී ඇත.

Comments

Leave your comment