රුසියාව : ශ්‍රී ලංකාවේ තේ තහනම ඉවත් කරයි.


පසුගිය දා රුසියාව විසින් මෙරට තේ මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ තවකාලික තහනම ඉවත් කර තිබේ.රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ දෙරටේ නියෝජිතයින් අතර අද (25) පැවැති සාකච්ඡාවලින් අනතුරුව අදාළ තහනම ඉවත් ඉවත් කර ගැනීමට රුසියානු රජය තීරණය කළ බවයි.


ඒ අනුව දෙසැම්බර් 30 වනදා සිට රුසියාව යළිත් මෙරටින් තේ මිලදී ගැනීමට සිදුකරයි.ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය මේ සදහා විශේෂයෙන් ඉවහල් වූ බව වෛද්‍ය සමන් වීරසිංහ මහතා සදහන් කරයි.


පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපතිවරයා වෙත තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ලිපියක් ද යොමු කර තිබූණි. ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ තේ තොගයක කෘමියෙකු සිටි බවට එල්ල වූ චෝදනාවලින් පසු පසුගිය 18 වනදා සිට මෙම තහනම පනවා තිබුණි.








Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment