රාම්සේතු :ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කළ ගොඩබිම් මාර්ගය.


දූපත් ජාලය තුළ වැලි වැටි ඉහළින් පිහිටා අැති අතර ඒවයේ අැති ගල් දුර සිට ගෙන එනු ලැබූ ඒවා බව කියැවේ. රාම් සේතු,ලංකාව හා ඉන්දියාව යාකරමින් ස්භාවිකව ගොඩනැගුණ දෙයක් ද? නැත්නම් කවුරුන් හෝ ගොඩ නැගුවක්ද? ඩිස්කවරි නාලිකාවේ විද්‍යා නාලිකාව, රාම් සේතු පිළීබද නවතම විද්‍යාත්මක ගවේෂණ වැඩසටහනක් ඉදිරිපත් කරන ලදි.එම වැඩසටහනේ දී ඔවුන් රාම්සේතු පාලමේ යැයි කිව හැකි දළ ජායා රූප සටහන් ඉදිරිපත් කරනු ලැබීය.ඒ අනුව ආදම්ගේ පාලම ඇත්තක් බවත් ,පැරණි හින්දු ආගමික මිත්‍ය කතාව අනුව රාම්තුමා විසින් මෙය ගොඩ නැගූ බව පිළිගත හැකියි.


නාසා ආයතනය සහ (Northwest University of Colorado Boulder ) විද්‍යාඥයින් සැටලයිට් ජායාරූප උපුටා දක්වමින් ආදම්ගේ පාලමෙ හි ඡායාරූප ඉදිරිපත් කරයි.


මෙම පාලම ලංකාවේ මන්නාරාම් දූපත හා ඉන්දියාවේ පන්ම්බන් අසල රාම්සේතුවාන් අතර ගොඩනගා තිබුණ බව පැවසුවත් ඒ පිළිබද මතභේද පවතිනවා.ඉන්දියන් ජාතික කොංග්‍රස් රජය 2005 දී රාම්සේතු ප්‍රදේශයේ රොන් මඩ ඉවත් කිරීමේ සේතු සමුද්‍රන් ඇල මාර්ග ව්‍යාපෘතියට විරුද්ධ වු අතර ඔවුන් B J P සහ N D A නායකයින්ට මේ පිළිබද ඇති මිත්‍ය කථාව උපුටා දැක්වූවා.එම පක්ෂ නායකයින්ටද මෙම මතය පිළි ගැනීමට සිදුවිය.රාම් සේතු පාලම ලංකාවට පැමිණිම සදහා වානර සේනාවේ සහයට රාමතුමා විසින් ගොඩ නැගූ බව මිත්‍ය කතාවල සදහන් වේ .රාවණා නම් යක්ෂ රජුගෙන් ඔහුගේ බිිරිද සීතාව බේරා ගැනීමට මෙම පාලම ඉදි කළ බව විශ්වාස කරයි.


ඉන්දියන් කොංග්‍රස් රජය මෙය වන්දනා කරන ස්ථානයක් ලෙස සුරක්ෂිත කිරීම සදහා අධිකරණයට මුලික දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළත්, ඔවුන්ට එය තහවුරු කිරීමට නොහැකි වූ නිසා පෙත්සම නිශ්ප්‍රභා විය.


පසුගිය බදාද උදෑසැන රූපවාහිනී වැඩසටහනේ දී ,සාගර විද්‍යඥයින් සදහන් කළේ සැටලයිට් පින්තූරවලින් දර්ශනය වන පරිදි සමහර ගල් සහ වැලි වැටි නොගලපෙන බවයි.මේ වැටි සහ ගල් ස්භාවික විය යුතුයි.නමුත් මොනවා තිබෙනවාදැයි පැහැදිලි නැහැ.ගල් වැටි උඩ ඇති පාෂාණ නිසා මේ කතාවේ තවත් බොහෝ දේ කියන්න තියේවි යැයි Chelsea Rose ‍ ඓතිහාසික භූවිද්‍යාඥ ( Southern Oregon University )පවසයි.


මෙම වැලි වැටි අතර එක් වැටියක් වසර 4000ක් පමණ පැරණිවන අතර ඉහළ ඇති ගල් වැටි වසර 7000ක් පැරණි බව විද්‍යාඥයින්ගේ අදහස වේ.මෙය සාමාන්‍ය වැලි වැටියක් නොවන අතර විවිධ ද්‍රව්‍ය ඛාදනය වීමෙන් ගොඩනැගී ඇති බව ද ඔවුන්ගේ අදහසයි.


මෙහි ඇති ගල් දුරක සිට ගෙන එන්නට ඇති බවත් ,දූපත් ජාලය සම්බන්ධ කිරීමට කෙසේ මෙම ගල් ගෙන ආවේ ද යන්න අභිරහසක් බවත් විද්‍යාඥයින් පවසයි.සැටලයිට් පින්තූර අනුව මෙම පාලම මිනිසුන් විසින් ගොඩනගන ලද බව විද්‍යඥයින් විසින් විශ්වාස කරයි.මෙහි දක්නට ලැබෙන පැරණි අක්ෂර නිරීක්ෂණයෙන් වසර 5000 කට වඩා පැරණි බවත් ඒ යුගයේ මෙවැනි දිගු පාලමක් මිනිසුන් තමන්ගේ අභිමතාර්ථ වෙනුවෙන් ඉදි කළ හැකි බවත් විද්‍යාඥයන්ගේ අදහසවේ.


ඉන්දීය ජාතික කොංග්‍රසය ඩිස්කවරි රූපවාහිනී වැඩසටහනින් පසුව නැවතත් මෙම මස අග දී රාම්සේතු ඇල මාර්ග ව්‍යාපෘතියට එරෙහි දිවුරුම් ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද වර්තාවේ.



Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment