රජයේ අරමුණ :2040 දී ඉන්ධන භාවිතයෙන් ඉවත්වීම නම් , වර්තමාන විදුලි වාහන බද්ධ අඩු කරන්න.


වර්තමාන රජයේ අරමුණ පරිසර හිතකාමී ජීවන රටාවක්, රට තුළ නිර්මාණය කිරීම හෙයින් 2040 වන විට සියළු ඉන්ධන වාහන මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව, මේ වන විට රජය විසින් අවධාරණය කර තිබේ.


එහෙත් මේවන විට මෙරටට ගෙන්වන විදුලි වාහනවලට පනවා ඇති බදු මුදල් හේතුවෙන් එම ඉලක්කය සපුරා ගැනීමට පවතින තත්වය තුළ අසීරු බව විදුලි වාහන භාවිතාකරන්නන්ගේ සමාජයේ, එකමුතු සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී එහි ප්‍රකාශකයෙකු සදහන් කර තිබුණී.


වසරකට වැඩි කාලයක් සදහා, භාවිතා කරන ලද විදුලි වාහන සදහා දැනට ලබා දෙන බදු සහනය වසර දෙකක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස එහිදී අවධාරණය කෙරිණි.ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවති මෙම මාධ්‍ය හමුවේ දී මේ පිළිබද අදහස් ප්‍රකාශ වී තිබුණී.


කිලෝවොට් 50 සිට කිලෝ වොට් 150 දක්වා වාහන සදහා දැනට පනවා ඇති බදු මුදල් ලිහිල් කර එම සහනය ජනතාවට ලබා දෙන ලෙස එහිදී ඉල්ලීමක් කෙරිණි.


මෙම සහනයන් රජය විසින් නිසි ක්‍රමවේදයන් යටතේ ලබා නොදුනහොත් 2040 වන විට ඉන්ධන භාවිතයෙන් ඉවත් විමේ රජයේ අරමුණ වෙත ළගාවිය නොහැකි බව ද මෙහිදී අවධාරණය කර තිබුණි.






Comments

Leave your comment