මව්බිමේ ක්‍රිකට් හතුරුසිංහට බාරදෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඊයේ (20) දින රාජකාරී ආරම්භ කළ චන්දික හතුරුසිංහ මහතා කියා සිටියේ, තමන් හරි වෙලාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර භාරගත් බවයි. ඔහු මේ අදහස් දැක් වූයේ ඊයේ හවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. හතුරුසිංහ මහතා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලාංකිකයකු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන ආඩම්බරයට මෙන්ම සතුටට කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලයට තම ස්තූතිය පිරිනමන බවත්ය.


නව තනතුරට තමන්ට කිසිදු ආකාරයක පීඩනයක් ගෙනදීමක් නොවන බවත් අභියෝග භාරගෙන ඉදිරියට යෑමට කවදත් තමන් කැමැති බව ඔහු ප්‍රකාශ කළේය.


මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට වඩා දක්ෂතා එළිදක්වන්න පුළුවන් කණ්ඩායමක් බවත් අපි ඉවසීමෙන් කටයුතු කර කණ්ඩායම ජයග්‍රාහී මාවතකට ගෙන ආයුතු අතර ඒ සදහා ගතවන කාලය පිළිබද තවම කිව නොහැකි බවත් ප්‍රකාශ කළේය. බංග්ලාදේශය සමඟ මගේ කොන්ත්‍රාත්තුව ගැන කීවොත්, මම ඔවුන් සමඟ ගිවිසගත් කොන්ත්‍රාත්තුවේ වගන්තියක් තිබුණා ඉල්ලා අස්වීමට අවශ්‍ය නම් මාස තුනකට කලින් දැනුම් දිය යුතුයි කියලා. ඒ අනුව මගේ ඉල්ලා අස්වීම දැනුම් දුන්නා. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් පාලකයෝ එයට කැමැති වුණේ නැහැ”‍ යනුවෙන් කීවේය.


හිටපු බංග්ලාදේශ පුහුණුකරුවා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සහභාගි වන ප්‍රථම සංචාරය බංග්ලාදේශයටම යෑමට සිදුවීම ගැන ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්ණ කළේය.එයට සිනාමුසුව පිළීතුරු සැපයු හතුරුසිංහ . ”‍මම වෘත්තීය පුහුණුකරුවෙක් විදියටයි කටයුතු කරන්නේ. ඉතිං බංග්ලාදේශ කණ්ඩායම දන්නවා මම හිතන විදිය. මමත් දන්නවා ඒගොල්ලො කොහොමද ක්‍රීඩා කරන්නෙ කියලා. ඒ අනුව ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගය භාරගන්න මම සූදානම්”‍ යැයි පැවසීය.


කණ්ඩායමේ සංයුතිය සහ තේරීම් කටයුතු පිළිබඳව කතා කිරීම තවමත් කල් වැඩි බවද පැවැසූ චන්දික හතුරුසිංහ මහතා ඔහුගේ පසුගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් පිළිබදව ඇසු ප්‍රශ්නවලට ඉතා කල්පනාකාරී ලෙස පිළිතුරු දුන්නේය. ”‍කලකිරීම් හැමදාම හිතේ තියාගෙන සිටීමෙන් පලක් වෙන්නෙ නැහැ. එහෙම වුණොත් වෙන්නේ රටට වැඩක් කරන්න මට ලැබෙන අවස්ථාව මඟහැරීමක් පමණයි. ඒ නිසා ඉදිරිය ගැන හිතලා මගේ රටේ ක්‍රිකට් ගැන හිතලා මම මේ තනතුර භාර ගත්තා. ඒ නිසා මගේ උපරිම කැපකිරීම කරලා කණ්ඩායමත් එක්ක කටයුතු කරමින් අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම මගේත් එකම ප්‍රාර්ථනයයි”‍


මෙම විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ මුළු ලංකාවම හතුරුසිංහ මහතා එන තෙක් බලා සිටි බවත් මෙරට දෙවැනි ආගම ලෙස සැලකෙන ක්‍රිකට් පිළිබඳ ප්‍රශ්න මතුවූ විට එය තමාටද සෑහෙන ප්‍රශ්න ගෙන දෙන්නක් වූ බවයි. ”‍විශේෂයෙන්ම හතුරුසිංහ පුහුණුකරුවෙක් විදියට කටයුතු කරලා මේ මවුබිමෙන් යන්න වුණේ කලකිරීමෙන්. නමුත් අපි ඔහු නැවත ගෙන්වා ගන්න කටයුතු කළා. හිටපු දක්‍ෂ ක්‍රීඩකයකු ලෙස කටයුතු කරලා අද දක්‍ෂ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔහුට ඊට අවශ්‍ය ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමින් ඔහුට මා සුබ පතනවා.”‍ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment