බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.


ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නොමද ආදර ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයා භූමියේ පසුගිය සිකුරාදා දිනයේ දී බෝම්මයක් පිපිරී ගොස් තිබේ.පසුව කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී බුද්ධගයා මහාබෝධි විහාරස්‌ථාන පරිශ්‍රයේ තිබී කිලෝ දහය බැගින් බරැති බෝම්බ දෙකක්‌ හමුවීම නිසා එහි ආරක්‌ෂාව තරකර ඇති බව වාර්තාවේ.


කෙසේ වෙතත් මෙම බෝම්බ පිරීමෙන් කිසිදු හානියක් සිදු වී නොමැති අතර මෙම පිරීම සිදුව ඇත්තේ බුද්ධගයාවේ කාලචක්‍ර උද්‍යානය ඉදිරිපිට තේ කඩයක බව වාර්තාවේ.හවස 4:45 ට පමණ මෙම පිරීම සිදුව ඇති අතර අංක 04 පිවිසුම් ගේට්ටුව සමීපයෙන් අනෙක් බෝම්බ දෙක සොයා ගෙන ඇත.මෙම බෝම්බ දෙක මෙන්ම පුපුරා ගිය බෝම්බය ද ග්‍රාමීයව නිෂ්පාදිත ඒවා ඉන්දීය පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මේ ස්‌ථානයේ සිට ශ්‍රී ලංකා විහාරයට ඇත්තේ මීටර් 20 කි.


ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමාතුමා විශේෂ පූජාවක්‌ අවසන් කර නික්‌මී සුලුවේලාවකට පසුව මෙම බෝම්බ දෙක හමුව තිබේ.දලයිලාමා තුමා පුරා මාසයක්‌ කාලචක්‍ර පූජාව සඳහා බුද්ධගයාවේ රැඳී සිටි අතර එතුමාගේ ආරක්‌ෂාව සඳහා තුන්දහසකට අධික පොලිස්‌ භට පිරිසක්‌ යොදා තිබියදී බෝම්බ රැගෙන ආවේ කෙසේද යන්න පිළිබඳ බලවත් සැකයක්‌ මතුව තිබේ.‍දලයිලාමාතුමා සිය දේශනය නිමවා නික්ම ගොස් ටිකවේලාවකට පසුව සෙස පිපිරැම සිදුව තිබේ.


මෙම පූජාවන් සදහා බොහෝ රටවලින් දහස් ගණන් බැතිමතුන් පැමිණ සිටින අතර පිපිරුම සිදුවූ දා හොලිවුඩ් නළු රිචඩ් ජියර්ද පූජාවට සහබාගී වී තිබේ.එමෙන්ම බිහාර් ආණ්ඩුකාර සත්‍යපාල් මලික් සහ මහ ඇමති නිතිස් කුමාර් ද පසුගිය දා දලයිලාමාතුමාගේ පුජාවන්ට සහබාගි වී තිබේ.


බෝම්බය හමුවීමෙන් පසුව ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක්‌ දියත් කර ඇති අතර බුද්ධගයා විහාරයට පිවිසෙන සෑම බැතිමතෙකුම ස්‌ථාන තුනකදී පරීක්‌ෂාවට ලක්‌ කෙරේ.


ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවේ බුද්ධි අංශයද මේ පරීක්‌ෂණ සඳහා එක්‌වී ඇත.මෙම පරීක්ෂණ කණ්ඩායමඅතර බෝම්බ විශේෂඥයෙක්ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment