බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙනුවෙන් ජනපති මැදිහත් වෙයි.


බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර තිබේ


පෙබරවාරි 4 වෙනිදා ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය අසළ විරෝධතාවක නියැලු‍ණු පිරිසක් වෙතබ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු‘ගෙල සිඳින ආකාරයේ‘ප්‍රතිචාර දැක්වීමකට අදාළව ඔහුගේ සේවය අත්හිටුවනු ලැබිණි.


ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය අඟහරුවාදා (පෙබ.06) නිකුත් කළ නිවේදනයෙහි දැක්වුණේ අදාළ නිලධාරියා ‘ආක්‍රමණශීලි ආකාරයෙන් හැසිරුනේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ හා අන්තර්ජාල මාධ්යය ඔස්සේ සංසරණය වූ වීඩියෝ දර්ශන කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය‘ යොමු වී ඇති බවය.


පෙබරවාරි 4 වෙනිදින ලන්ඩන් හි පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ පසු ගිය 04 වැනි දින නිදහස් සමරුව පැවැත්වෙද්දී ඒ අසළට රැස්වූ දෙමළ ජාතිකයින් පිරිසක් උද්ඝෝෂණයේ යෙදුණහ.‍එහිදී අදාළ බ්‍රිගේඩියර්වරයා, ‘යමෙකුගේ ගෙල සිඳින ආකාරයේ සංඥාවක් කිරීම‘ එම උද්ඝෝෂණයේ යෙදී සිටි දෙමළ පුද්ගලයන් ‘බියගැන්වීමක්‘ ලෙස හඳුන්වාදුන් බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙක්, එම නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඉවත් කොට ඔහු නෙරපා හරින ලෙස ඉල්ලා බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණී.


. මේ පිලිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය. එමෙන්ම ඔහු යලි සේවයේ පිහිටුවන ලෙසද ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව යුධ හමුදාපති ලු‍තිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සදහන් කළේය.මෙම සිද්ධිය පිලිබඳව යුධ හමුදාව විසින්ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.එහෙත් පරීක්ෂණයකින් තොරව ඔහුගේ සේවය අත්හිටුවීම පිලිගත නොහැකි බව යුධ හමුදාපතිවරයා සඳහන් කර තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් අදාල බ්‍රිගේඩියර්වරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.






Comments

Leave your comment