පාතාල කෙරුමන් ඇල්ලීමට ජාත්‍යන්තර දැල එළයි.


පාතාලය යනු නූගත් සමාජය තුළ දරිද්‍රතාවයෙන් යුතු මිනිසුන්ගෙන් සැදුම් ලත් නීති විරෝධී නිල නොලත් ආයුධ බලය සහිත චණ්ඩින්ය.මොවුන් මෙහෙයවන්නේ නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයන ව්‍යාපාරික කළු සල්ලි මුදලාලිලා සහ ඒ ඔස්සේ දේශපාලන බලය මෙහෙයවන දේශපාලකයෝය.


ඉතිහාසයේ තනි පුද්ගලයෙකුට චණ්ඩියෙකු විය හැකි යුගයක් තිබුණි. සූර සරදියෙල් එවැනි අයෙකි. ඔහුගේ චන්ඩිකම පොදු යහපත සදහා වූවකි. එහෙත් වර්තමානයේ එවැනි සූර සරදියෙල්ලා නොමැත.සිටින්නේ සමාජය විනාශය කරන විකෘර්ති සමාජයයක් බිහිකරන්න ආයුධ බලයක් සහිත තම බල පුළුවන්කාරකම් පෙන්වන්න උත්සාහ කරන කාඩ්බෝඩ් චණ්ඩියන්ය.


ඔවුන්ගේ ඉතිහාසය ගෙන බැලූ විට පෙනෙන්නට තිබෙන එකම දෙය නූගත්කම සහ සමාජ අසාධාරණයයි. ඒ පිටුපස ඇත්තේ කුමක්ද යන්න සොයා බැලුවහොත් දේශපාලන සහ නිති විරෝධී ව්‍යාපාර ඇති බව පැහැදිලිය. මේවා මැඩලීමට වෙර දරණ බුද්ධි අංශ මේ කරුණු සොයා ගෙන තිබේ.


වර්ථමානයේ මේ සිදුවෙමින් පවතින්නේ එවැනි කතාවක්ය. පසුගිය කාලයේ දකුණේ මෙන්ම රට අභ්‍යන්තරයේ සිදු වූ මිනිස් ඝාතන කිහිපයකට මෙන්ම සංවිධානාත්මක අපරාධ රැසකට නායකත්වය දුන් කණ්ඩායම් වල පාතාල නායකයින් වන මාකදුරේ මධූෂ්, කොස්ගොඩ සුජී,සහ අංගොඩ ලොක්කා යන පුද්ගලයින් මේවන විට රටින් පිටත සිටිමින් රටතුල විවිධ අපරාධ මෙහෙයවමින් විශාල කැළබීමක් ඇතිකරමින් සිටී. ඉදිරියේ දී පැමිණෙන පළාත් පාලන මැතිවරණයට මොවුන්ගේ දායකත්වය කුමන අන්දමින් දේශපාලකයෝ භාවිතා කරාවි ද අාරක්ෂක අංශ සිරුවෙන් සිටින්නේ ඒ ගැනය.


එහෙයින්ම ඔවුන්ව කොටුකර ගැනිමට මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවති. එහි එක් පියවරක් ලෙස මේ වන විට කොස්ගොඩ සුජීට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඩුබායි රටේ සැගව සිටිමින් මෙරට තුල අපරාධ සිදුකිරීමට කණ්ඩායම් මෙහෙය වීම මොහුට එරෙහිව ඇති චෝදනාය.ජයමුණි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී වයස 33


එමෙන්ම මාකදුරේ මධූෂ් නැමැත්තා, අංගොඩ ලොක්කා යන අයගේ අනුබලය මත සමයං නැමැති තවත් පාතාල නායයෙකු ඇතුලු පුද්ගලයින් 7 දෙනෙකු කඩුවෙල බන්ධනාගාරයට රැගෙන එන අතර මගදී බන්ධනාගාර බස්රථය තුල සමූල ඝතනය කිරීමට සැලසුම් කිරීම, මෙන්ම පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්‍යංශයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම ඇතුළු තවත් අපරාධ රැසකට චෝදනා ලැබ සිටී.


ඔවුන් ඉතා සූක්ෂම ලෙස මෙම ක්‍රියාකාරකම් වල නිරත වන හෙයින් මේ වන තෙක් මධූෂ්ට විරුද්ධව උසාවියකින් වරෙන්තු ලබාගැණීමට පොලිසියට හැකි වී නැත. එහෙයින්ම සංවිධානාත්මක අපරාධ මැඩලීමේ එකකය පිහිටුවීමෙන් පසු එ හරහා මොහුට විරුද්ධව වරෙන්තු ලබා ගැනීමට මේ වන විට එම එකකය කටයුතු කරමින් සිටී.


ඒ අනුව මොහුව හදුනාගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිල් නිවේදනයක් නිකුත් කර ඇත.


එමෙන්ම සමයං නැමැති පාතාල නායකයාට එරෙහිව සිටී අංගොඩ ලොක්කා නැමැත්තා පසුගිය ජුනි මාසයේ සමයංගේ ඝතනයෙන් පසු ඉන්දියාවට පැනගොස් එහි සැග වී සිටිමින් මේ රට තුල අපරාධ සහ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම් ඔහුගේ ගොලබාලයින් ලවා සිදුකරයි. මොහු ඉන්දියාවේ බන්ධනාගරයක සිරගතව සිටින බවට ද වාර්ථා වේ.මොහුව ද අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.


ශ්‍රි ලංකිකයෙකුට මීට පෙර ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ 2011 වර්ෂයේ දීය. ඒ කේ, පී හෙවත් කුමරන් පද්මනාදන්ටය. ඒ අනුව ඔහු මැලේසියාවේ දී අත් අඩංගුවට ගෙන ඉන් පසු ශ්‍රි ලංකාවට ගෙන එන ලදී. ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත් කිරීම යනු දුටු තැන ඇල්ලීමට ඇති බලයයි. එසේ අල්ලාගත් පසු අදාල රටට ඒම පුද්ගලයා බාරදීමට කටයුතු කරණු ඇත.

Comments

Leave your comment