ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.


ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති උපදේශකවරවයකු ලෙස සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ මහතා ඊයේ (21) අභාවප්‍රාප්ත විය.ලක්බිම සහ ඉරුදින පුවත්පත්වල ප්‍රධාන කතුවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු 1983 දී මාධ්‍ය ජීවිතය ආරම්භ කරනු ලැබුවේ දිවයින පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙසය .දිවයින පුවත්පත් නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් උසස්වීමක් ලද වැල්ලබඩ මහතා පසුව ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගියේය. අනතුරුව ඉරුදින පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා විය


කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්වන වැල්ලබඩ මහතා පුවතපත් ආයතනයට අනුබද්ධිත ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. කර්තෘ සංසදයේ ප්‍රධාන ලේකම් ලෙස ද ඔහු කටයුතු කර තිබේ.


මියයන විට 57 වැනි වියේ පසු වූ ජටිල වැල්ලබඩ මහතා ප්‍රියදර්ශනී කැකුණගොඩ මහත්මියගේ දයාබර ස්වාමිපරුෂයා වු අතර දරු දෙදෙනෙකුගේ ආදරණිය පියෙකි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ සේවයේ නියතු ඉෂ්ධාර්ථ වැල්ලබඩ සහ කොළඹ විශාකා විද්‍යාලයේ ඉගනුම ලබන සෞන්දර්යා වැල්ලබඩ ඔහුගේ දරුවන්වේ.


වැල්ලබඩ මහතාගේ අවසන් කටයුතු, 23 වැනිදා (අඟහරුවාදා) පස්වරු 4.00 ට කැලණිය පිලපිටිය සුසාන භූමියේදී සිදු කෙරේ.අවසන් ගෞරවය සදහා දේහය කැළණිය සිංහාරමුල්ලේ විහාර මාවතේ 01 දරණ ස්ථානයේ පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කර තිබේ.


සහෘද මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ මහතාගේ හදිසි අභාව‍ාය වෙනුවෙන් worldceylon E news හි ශෝකය මේ සමග පළකරමි. හිතවත් මාධ්‍ය සොයුර ජටිල ,ඔබට නිවන් සුව!






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment