පවුර්වස් හී පෝරස් රජුගේ ජීවිත කතාව-දිග්විජය


දිග්විජය‘ 2018 වසරට සිරස ටීවී වෙතින් සහෘද ප්‍රේක්ෂකයන් වෙත පිදෙන ටෙලිවිෂන් තිළිණයයි. දකුණු ආසියා කලාපය තුළ නිෂ්පාදනය කෙරුණු රුපියල් කෝටි 1216ක වැඩිම පිරිවැයක් දැරූ ටෙලි නිෂ්පාදනය මෙය වන අතර අතීත ශ්‍රී විභූතිය සහ විනෝදාස්වාදය මනාව මුසු කරමින් දිග්විජය නිර්මාණය කර ඇත. මෙහි අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිද්ධාර්ත් කුමාර් තිවාරි විසින් සිදු කර ඇත.


‘දිග්විජය‘ ටෙලි වෘතාන්තයට පාදක වන්නේ මහා භාරතයේ ජීලම් නදී ගංතෙර බොඳව ගිය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ආසියානු ආක්‍රමණයත්, මහා භාරතයට ස්වර්ණමය යුගයක් උදා කළ පවුර්වස්හි පෝරස් රජුගේ ජීවිත කතාවත් පදනම් කරගත් ඓතිහාසික පුරාවෘත්තයයි


මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා දේශ සීමා මායිම් නොතකමින් ලොව පුරා රටවල් ගණනාවක් තම අණසකට යටත් කර ගත් අසමසම අතිප්‍රබල රණ ශූරයෙකි. මෙම ටෙලි වෘත්තාන්තයේදී පෝරස් රජුගේ සහ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ එකිනෙකට වෙනස් ගමන්මඟ වෙන් වෙන්ව දක්වන අතර අවසානයේ ඔවුන් දැවැන්ත යුද්ධයකට එක් වන අයුරු පෙන්නුම් කරයි. එහිදී තම දේශය එක්සේසත්ව තබා ගැනීමටත් පරසතුරන්ගෙන් තම දේශය ආරක්ෂා කර ගැනීමටත් පෝරස් රජු ගන්නා අප්‍රතිහත ධෛර්යයත් ඔවුනගේ උපායශීලී යුද්ධ උපක්‍රමත් මෙම ටෙලි නිර්මාණය තුළින් මනාව ප්‍රතිනිර්මාණය වන අතර ත්‍රාසයත්, කුතුහලයත් තුළින් ප්‍රේක්ෂකයන් තදින් ග්‍රහණය කර ගැනීමට සමත් වේ.


මෙම අද්විතීය දැවැන්ත නිර්මාණය නිෂ්පාදනයේදී සෑම අංගයක් කෙරෙහිම නිවැරදි අවධානයක් යොමු කර තිබේ. මෙහි විශිෂ්ට පසුබිම් නිර්මාණ, ඇඳුම් පැලඳුම්, නළු නිළි පිරිස, දෘශ්‍ය ප්‍රයෝග සහ සිනමාත්මක භාවිතයන් අතිශය සාර්ථකව නිර්මාණය කර ඇති අතර සියල්ලෙහි පරිපූර්ණත්වය වඩාත් හොඳින් මෙම නිර්මාණය තුළින් පිළිබිඹු වේ.


මෙම ටෙලි නිර්මාණය තුළින් ඉන්දියාවේ සහ තායිලන්තයේ අතිශය සුන්දර ස්ථානවල කෙරුණු රූගත කිරීම් බොහොමයක් දැකගත හැකි අතර ඒවාට කහෝ සොක් ජාතික උද්‍යානය සහ පතායාද ඇතුළත්ය. එසේම අක්කර නවයක් තුළ මනරම් තාත්වික දර්ශන තල පහක් නිර්මාණය කර තිබේ. මේ දර්ශන තල අතරට මැසඩෝනියා රාජධානිය, පෞර්වස්, පර්සියා, තක්ෂිලා නුවර සහ වරායන් තුනක් ඇතුළත්ය.


සති අන්තයේ රාත්‍රි 7.55ට සිරස ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි දකුණු ආසියාවේ නිෂ්පාදිත අසමසම, අද්විතීය, නිර්මාණශීලීත්වයෙන් අනූන ‘දිග්විජය‘ ටෙලි වෘත්තාන්තය සිංහලෙන් හඬ කවා විකාශනය වේ.





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment