දේශපාලන අර්බුද අස්සේ මස්තබාල්දු වන රුපියල


වර්ථමානයේ රටක් ලෙස ශ්‍රි ලංකාව මුහුණ දී සිටින තත්වය පිලිබදව රටේ සමස්ථ ජනතාවගෙන 95%ක්ම මේ වන විට සිටින්නේ ඉතාමත් හැගුම්බර කලකිරීමකින්ය. රටේ සමස්ථ මහජනතාවටම තමන් කල විශාල වැරද්දක් ලෙස අද ඇති වී තිබෙන දේශපාලන විකෘර්තිය තුලින් මේ අර්බුදය නිර්මානය වූ බව පිලිගෙන තිබේ. ඇති වී තිබෙන මෙම තත්වය ඉතිහාසයේ ඉංග්‍රිසින් මේ රට යටත් කරගත්තේ ද සිංහලයින්ගේ මෝඩ අමන ක්‍රියා නිසා බව ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් අපට පැහැදිලි වෙයි. එයට ඒ හරහා එකතු වූ සිංහල කියමනක් ද තිබේ . ඉගුරු දී මිරිස් ගත්තා වැනිය යන්න එම කියමනයි. අද ඇති වී තිබෙන සංසිද්දියට ද ඉතිහාසයේ එදා ඇති වී තිබූ සංසිද්ධිය හා සමපාතව හොදින් ගැලපේ.


ඒ කිසිදු ක්‍රියාවකගෙන් පාඩමක් නොඉගෙන ගන්නා සිංහලයා අද ද ඒ වැරද්දම කර ඇස්සට දත නියවමින් සිටී. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කල වැරදි වලට පාඩමක් ඉගැන්වීම සදහා මේ රටේ මහජනතාව ඔහුව එළවා දැම්මේ කිසිදු සොයා බැලිමකින් තොරවමයි. කෙසේ වෙතත් එම අවස්ථවේ එසේ නොකලා නම් හොද යැයි කීමට මධ්‍යස්ථ විචාරකයින් ලෙස අපට පුථවන් කමක් නැත.මන්ද යත් ඒදා 2015 ජන 08 මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කලා නම් අපට මේ වන විට මේ අාකාරයෙන් හෝ කතාකල හැකි තත්වයක් හෝ නොතිබෙන්න තිබුණි. ඒ වන විටද ඒ තත්වය ඇති වෙමින් තිබුණි.


ඒහෙයින් එදා තිබූ තත්වය අදට වඩා හොද යයි කීමට කිසිසේත්ම පුලුවන් කමක් නැත.එහෙත් අද පවතින අරාජීකක්වය තරම් දෙයක් වෙනවා යැයි එදා මිනිසුන්ට ඉවෙන් හෝ දැනුනා නම් 2015 ජනවාරි 08 වෙනස සිදු නොවන්නට ඉඩ තිබුණි. එදා එකාධිපති රාජපක්ෂ රෙජිමයේ පාලනයක් තිබුණි. එහෙත් රටේ අභිමානය, ස්ථාරත්වය, මෙන්ම අයාලයේ යන ස්වරූපයක් තිබුණේ නැත. තීන්දු තීරණ ගැනිමේ දී සෘජු බවත් තිබුණි. එකාධිපතියෙක් හෝ වේවා රටට නායකයෙක් සිටියා එහෙත් අද නායකයෝ වැඩිය ද එසේ නැතිනම් නායකයෙක් නැති ද කිසිවක් නොතේරේ.


වෙලාව දින වකවානු යොද ගැසට් එක මුද්‍රණය කිරීමට තරම් වත් වගකීමකින් ක්‍රියා නොකරන නිලධාරින් සිටින රටක දේශපාලකයෝ රටක් පාලනය කරනවා ද එසේ නොමැති නම් රට ඉබේ පාලනය වෙනවාද යන්න දන්නේ උඩ ඉන්නා දෙවියෝ පමණි. ලූලා නැති වලේ කණයා පණ්ඩිකයා සේ සියලුම බාලයින් පණ්ඩිතයින් සේ කතා කරයි. ඔවුන් කියන දේ ඔවුන්ම නොදනී. ඒ අස්සේ රට මෙන්ම රටේ ආර්ථකය ද දිනෙන් දිනම පහලට වැටෙනා බව මේ නිදිකිරා වැටෙන පාලකයින් නොදනී. රටක ආර්ථකය කඩාවැටෙන විට එම රටට ලැබෙන ආදායම අඩුවන විට තිබෙන ටිකද තමන්ගේ සාක්කුවට දමා ගන්නා විට නිෂ්පාදනය ඇන හිටින විට සිද්ධවන සංසිද්ධිය මේවන විට ශ්‍රි ලංකාවට සිදුවෙමින් පවති. නායකයෝ නිහඩය ඔවුන් තමන්ගේ නොහැකියාව වසා ගැණිමට නායකත්ව අර්බුද නිර්මාණය කර පත්ෂ අර්බුද නිමකිරීමට උත්සහ කරයි . එහෙත් මහජනතාවට අනුව නම් මේ අය රටක් පාලනය කරන බවක් නොපෙනේ


මේ වන විට ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ට අනුව අද (2018 අප්‍රේල් 24) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 155. ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 159. ක් වශයෙනි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම ගැනුම් හා විකුණුම් මිලයි.මෙය ඉදිරි මාස දෙක තුන ඇතුලත 165 තරම් අගයකට ලගා වනු ඇති බව ආර්ථක විශ්ලේෂකයෝ මේ වන විට ද අනතුරු අගවා සිටී.


ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ කෙටිකාලීනව ඇතිකරන ආර්ථික බලපෑම් කිහිපයකි. එනම්, අපනයන ධෛර්යමත් වීම ආනයන අධෛර්යමත් වීම විදේශ ණය බර දේශීය මුදලින් ඉහළ යාම උද්ධමනය ඉහළ යාම මෙහිදී ප්‍රධාන වශයෙන් බලපාන කරුණ නම් විදේශ ණය බර දේශීය මුදලින් ඉහළ යාමයි. 2017 තෙවන කාර්තුව අවසානයේ දී ඩොලර් මිලියන 10,269.1 ක් වශයෙන් සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය වාර්තා වී තිබේ. මෙයින් ඩොලර් මිලියන 4,638.3 ක් වාර්තා වෙන්නේ විදේශීය ණය වශයෙනි. ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වන ප්‍රතිශතයෙන්ම විදේශීය ණය ප්‍රමාණයෙහි රුපියල් අගය ද ඉහළ යාම මෙහිදී සිදුවනු ඇත.


ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ඩොලර් ගලා එන ක්‍රම කිහිපයකි. අපනයන සඳහා ලැබීම්, විදේශ ආයෝජන, විදේශ ණය හා ප්‍රදාන, සංචාරක ඉපයීම් හා විදේශ සේවා නියුක්තියකයින්ගේ ප්‍රේෂණ ඒ අතර ප්‍රධාන වේ. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ ඩොලර් එන ප්‍රමාණයට වඩා රටෙන් ඉවතට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉහළ අගයයක් ගැනීමෙනි. භාණ්ඩ හා සේවා මෙරටට ආනයනය කිරීම, විදේශ ණය ගෙවීම්, මෙරට ඇති විදේශ ආයෝජන ආපසු ඉවත් කර ගැනීම, විදේශයන් හි ආයෝජන සිදුකිරීම, විදේශයන්ගෙන් ලබා ගත් නිෂ්පාදන සාධක සඳහා ලාභ, පොළී හා වැටුප් වැනි ගෙවීම් සිදුකිරීමට සිදුවීම, විදේශයන් වෙත ආධාර හෝ ප්‍රේෂණ ලබාදීම යනාදී දෑ වෙනුවෙන් ගෙවීම් කිරීමට රටක් සතුව ඩොලර් තිබිය යුතුය.


ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2018 ජනවාරි මාසය තුළ දී අපනයන ආදායම ඩොලර් මිලියන 965 ක් වන අතර ආනයන වියදම ඩොලර් මිලියන 2,014 ක් ලෙසින් සටහන් වේ. මෙහිදී 2017 ජනවාරි මාසයට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ දී අපනයන ආදායම 11.6% කින් ඉහළ ගොස් ඇතත් ආනයන වියදම ඊට වඩා වැඩි වේගයකින් එනම් 12% කින් වර්ධනය වී ඇත.



Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment