දකුණට නැති සැමරුම් උතුරට, ආණ්ඩුවෙන් ජාතිවාදයට උඩගෙඩි


යුද්ධය නිම වී‘වසර නවයක් ගත වී ඇත. පරාජිතයෝ ජයග්‍රාහකයෝ කවුරු වුවත් ත්‍රස්තවාදය පරාජය කර යුද්ධය ජයග්‍රාහණය කර ඇත.කවුරු මොන විදිහට අර්ථ ගැන්වුවත් තාමත් මේ රටේ බහුතරය සිංහල ජාතියයි. සුලුතරයක් විසින් බහුතරය පරාජය කර බලය පැහැර ගැණිමට තැත් කිරීමේ දී ඔවුන් මර්ධනය කිරීම මේ රටේ ඉතිහාසයේ දී පවා සිදු වුනි. එසේ කල යුත්තේ බහුතර ජනතාවට සාමයෙන් ජිවත් වීමට අවශය වටපිටාව සකස් කිරීමටයි.එය කවුරුන් හෝ වරදක් ලෙස අර්ථකතනය කරන්නේ නම් එතැන කුමක් හෝ වැරදි අර්ථකතනයක් දී ඇති බව පැහැදිලිය


මධ්‍යම ආණ්ඩුව යටතේ ඇති පලාත් සභාවක් මේ ලෙසින් අත්තනොමතිකව ක්‍රියා කරන්නේ නම් මේ අයට එක රටක් ලෙස සාමයෙන් ජිවත් වීමට සැබෑ උවමනාවක් නොමැකි බව පැහැදිලිය. ඔවුන්ට අවශය වී ඇත්තේ වෙනත් ආකෘතියකින් වෙනම රාජ්‍යක් කරා යන ගමන වේගවත් කර ගැණිමටයි. මේ වැනි කාරණා මගින් වර්ථමාණ ආණ්ඩුව සිදුකරන්නේ ධීන ලෙසින් සුලු‍‍ ජාතින්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන්ගේ සහයෝගයෙන් ආණ්ඩු බලයේ රැදී සිටීමටය.එහෙත් මේ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ සිදුකරන්නේ තවත් අනාගත පරපුරක් බිල්ලට දීමට බව කණගාටුවෙන් වුවද කිව යුතුය.


යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහිකෙරෙන හෙට (18) ශෝක දිනයක් ලෙස සලකා උතුරේ සියලු‍‍ පාසල්හි පලාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා ඉල්ලීමක් කර තිබේ.උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උතුරේ සියලු‍‍ම පාසල්හි විදුහල්පති වරුන් හා ගුරුවරුන්ගෙන් මෙම අදාල ඉල්ලීම සිදු කර තිබේ.


එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පසුගිය අවුරුදු 30 ක කාලය පුරාවට යුද්ධය හේතුවෙන් තරුණ තරුණියන් මෙන්ම විශාල ජනතාවක් මිය ගිය හේතුවෙන් ඔවුන්ට සිදු කෙරෙන් ගෞරවයක් හා සිහිකිරීමක් වශයෙන් හෙට (18) දින මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ දී උදෑසන 11ට පහන් දැල්වීම සිදු කෙරෙන අතරම ඒ වෙනුවෙන් උතුරු පලාතේ පිහිටි පාසල්හි පලාත් ධජය අඩකුඹු කරන ලෙසට ඉල්ලා සිටින බවයි.


(පින්තූරය උපුටා ගැණිම ලංකාදීප පුවත්පත අනුග්‍රහයෙනි)






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment