තාක්ෂණයට වහල් වී අනාගතයේ බිහිවන මෝඩ උගත්තු


සිත මෙහෙයවමින් සමාජය වඩා යහපත් තැනක් කිරීම වෙනුවට වර්තමාන තාක්ෂණයට නතුව බොත්තම් එබීමෙන් සහතික ලැබ උගතුන් වීමේ පහසු ක්‍රමවේදයකට ලෝකය ගමන් කරමින් සිටින බැව් පෙනෙන්නට තිබේ.


මෙමගින් පැහැදිලිවම සිදුවන්නේ සිතාමතා වැඩ කළ හැකි නිර්මාණශීලි මිනිසුන් බිහිවනවා වෙනුවට තාක්ෂණයේ පිහිටෙන් උගතුන් බිහිවීමේ පහසු ක්‍රමවේදයකි. මෙතුල පැහැදිලිවම අනාගතයේ බිහිවන්නේ මෝඩ උගතුන් මිස නුවණැති අභියෝග සම්පන්න පෞර්ෂවයකින් හෙබි ආධ්‍යාත්මික දියුණු තුලින් භෙෘතිකත්වය ජයග්‍රහණය කළ උගතුන් නොවන්නේය.මෙම කාරණා ගෙන හැර පෑමට හේතු වූයේ අදවන විට විශේෂයෙන් ලංකාව තුළ අධ්‍යාපන කේෂ්ත්‍රය ගැඹුරු වූ ද අගාධායකට වැටීමේ අවධනාමක් පවතින බව දැනෙන නිසාය. එය අධ්‍යාපනය පෞද්ගලීකරණය හෝ විෂය මාලා සංශෝධනය හෝ ගුරු හිගය එසේත් නැතිනම් විශ්ව විද්‍යාප අධ්‍යාපනයේ අක්‍රමවත් බව නොව, තාක්ෂණය හමුවේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව අභියෝගයට ලක්වීමයි.තාක්ෂණය සොයා ගන්නෝ මෙන්ම මෙම තාක්ෂණය නිර්මාණ කරන්නේ සෑම විටම ස්භාවිකත්වය ආදර්ශයට ගනිමින් ඒ ඔස්සේ ගොස් තාක්ෂණ මෙවලම් නිපදවයි .එසේ නොමැති නම් එහි පවතින ක්‍රමවේදය සැලකිල්ලට ගෙන එම ආදර්ශය ඔස්සේ මිනිසුන්ගේ පහසුව පිණිස සරල ක්‍රම සොයා ගැනීම සිදුකරයි. මේ සියල්ල මිනිසුන් සොයාගත් හෙයින්ම එම නිර්මාණ සෙසු මිනිසුන්ට භාවිතා කිරීමට ලබා දී ජීවිත සකස් කර ගැනීමට මග පෙන්වයි. එහෙත් මේ සියල්ල අතර අප සිතුය යුතු කරුණක් ඇත. මේ තාක්ෂණය එසේ නොමැතිනම් මිනිසුන් සොයා ගත් දැනුම මිනිසුන්ට භාවිතා කරන්න කියන මිනිසා ,ස්භාවිකත්වයේ නිර්මාණ වූ සත්වයෙකි. මේ සෑම සියළු දෙනාගේම ක්‍රියාකාරකම් සිතිම සහ ජීවත්වීම තවමත් පාලනය කරනු ලබන්නේ ස්භාවිකත්වය විසින්ය.


එවැනි මිනිසුන් මුල අමතක කරමින් තාක්ෂණයේ වහළුන් වූ විට, ස්භාවික මිනිසුන්ගේ ගති ලක්ෂණ මෙන්ම සිතීමේ ගුණයෙන් දුර්වල වී වටිනාකම් ගිළිහී යනු ඇත.අද සමාජය තුළ පැහැදිලිවම සිදුවෙමින් පවතින්නේ මේ සංසිද්ධියයි.


එහි භයානක ප්‍රතිඵල තව වසර 50 -60 ක් ඇතුළත දැක ගත හැකිවන්නේය.ඒ යුගය වන විට බිහිවන මිනිසුන් , මිනිසුන් නොවන්නේය.ඒ මිනිසුන් විසින් නිර්මාණය කරන්නා වූ රොබෝ මිනිසුන් ද මිනිසුන් නොවන්නේය. ඔවුන් තමනුත් නොවන තවත් කෙනෙකුගේ නිර්මාණයකුත් නොවන කිසිදු ප්‍රතිපත්තියක් නැති සත්වයකු වන්නට ඉඩ තිබේ.


අදවන විට අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ විභාග වංචාවන් සිදුවන්නේ තාක්ෂණය උපයෝගී කරගනිමින්ය.එහිදී තාක්ෂණය තුළින් තමන් දක්ෂයකු වන්නේය,යන හැගීම යමෙක් තුළ ඇතිවන්නේ නම් එය තමන්ගේ දක්ෂ කමක් නොව තාක්ෂණයට පින් සිදුවන්නට විභාග සමත්වීමක් බව මතක් කර ගත යුතුමය.මේවන විට වයිබර් තාක්ෂණය උපයෝගී කරගෙන ගණිතය ප්‍රශ්ණ පත්‍රයට පිළීතුරු ලියූ සිසුවකු විභාග වංචාවන්ට හසුව ඇත. පසුගිය අගෝස්තුවේ උසස් පෙළ විභාග ප්‍රශ්ණ පත්‍ර කොපි කරමින් තුන්වන පාර්ෂවයකගේ සහයෙන් විභාගය ලියූ සිසුවකු මෙන්ම ඔහුගේ උගත් පියා සහ උපකාරක පන්ති ගුරුවරයා මේවන විට විභාග වංචාවන්ට හසුව ජීවිතයේ සියල්ල අහිමි වීමෙන් අනාගතය ද අදුරු කරගෙන සිටී.


මේ අනුව විභාග දෙපාර්තමේන්තුව අනාගතයේ මුහුණ දෙන අභියෝගය වන්නේ තාක්ෂණය සමගින් සටන් කරමින් සැබෑ දක්ෂයින් තෝරා ගන්නේ කෙසේ දැයි යන්නයි.එය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයට ද අභියෝගයක් වී ඇති කරුණක්ය.එයට තාක්ෂණයන්ම පිළීතුරු තිබේ.එහෙත් එය තාවකාලික විසදුමකි.කුප්පිලාම්පුවෙන් පාඩම් කරමින් විභාග සමත් වූ උගතුන් බුද්ධිමතුන් ලෝකය ජය ගෙන අතීතයට ගොස් ඇත.අද විදුලි ආලෝකය පැමිණ කුප්පි ලාම්පුව අමතක කර තාක්ෂණයට හුරු වී තාක්ෂණය හරහා ලැබෙන ආලෝකයට හුරු වූ මිනිසා එහි පිහිට පතන්නේය.


එහෙත් යම් මෙහොතක කිසියම් හේතුවකින් එක් රැයකින් මේ තාක්ෂණය අතුරුදහන් වුවහොත් යළිත් ස්භාවික ආලෝකයේ පිහිට පැතීමට මිනිසාට සිදුවනු ඇත.ඉතිහාසය තුළ එහි ශ්‍රේෂ්ඨ මිනිසුන්ගෙන් යුතු දියුණු ශිෂ්ටාචාර සදහටම වැළලී ගොස් ඇත්තේ කිසිවකුගේ දැනුම් දීමකින් තොරවයි.


එබැවින් අපි තාක්ෂණය භාවිතා කරමින් එය තමන්ගේ වහලෙකු ලෙස භාවිතා කරනු විනා එයට වහල් වී එය තුළ විනාශ නොවිය යුතුය.ස්භාවිකත්වයට උරුමකම් කියමින් මේ මහ පොළව මත බිිහිවන මිනිසුන් ස්භාවිකත්වයෙන් තමන්ට උරුම වු ඥාණය මෙහෙයවා තම ජීවිතය සකස් කරගත යුතු වන්නේය.එසේ නොවුණහොත් හෙට දවසේ බිහිවන විකෘති තාක්ෂණයේ වහලුන් ලෙස ක්‍රියාකරන මිනිසුන්ගේ ලෝකය ජීවත් වීම සදහා යහපත් තැනක් වනු ඇතැයි සිතිය නොහැකිය.


එවන්නෝ තාක්ෂණයේ පිහිටෙන් බිහිවන මෝඩ උගතුන් මිස බුද්ධිමත් බවින් පෝෂණ වු ඵලදායි ස්භාවිකත්වය දායාද කර බිහිවන භෞතික මිනිසුන් නොවන්නේය.දෙමාපියනි, ඔබේ දරුවාන් තාක්ෂණය ඔස්සේ ගමන් කරන අවිචාරවත් වහලෙකු නොකරන්න.ඔහුට තාක්ෂණය කියා දෙන්න ජීවත්වීමේ දි ක්‍රියාකාරකම් සිදුකිරීමේ පහසුව සදහා පමණක් තාක්ෂණය ප්‍රමාණවත් බව අවබෝධ කර දෙන්න.


Comments

Leave your comment