ඩී. කේ.පී. දසනායක ඇතුළු 6 දෙනෙකුට ඇප


හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (9 ) දින නියෝග කර තිබේ.


එහිදී එක් එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැඟින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වු ශරීර ඇප මත මෙසේ මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.


එමෙන්ම සැකකරුවන් සෑම සෙනසුරාදා දිනයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද විනිසුරුවරයා මෙහිදී නියෝග කර තිබේ.


එමෙන්ම පරීක්ෂණවලට බාධා එල්ල කිරීමක් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමක් පිළිබඳව අධිකරණයට තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද විනිසුරුවරයා සදහන් කර ඇත.


2008 වසරේදී කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩී කේ පී දසනායක ඇතුළු පිරිසකට මෙම චෝදනා එල්ල වී තිබේ.






Comments

Leave your comment