ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී


සංස්කෘතිය හා සදාචාරය විසින් එක් එක් රටවල පවතින සමාජ ක්‍රමයන් වලට විවිධ අර්ථකතන දී ඇති අතර ඒවායේ හොද නරක ඒ සමාජ ක්‍රමයන් තුල ජීවත් වන ජනතවම බුක්ති විදී. එහෙත් වෙළද අරමුණු සහ විකුර්ති සංස්කෘතික හැදියාවන් කාවැද්දීම සදහා විකෘර්ති මනසක් ඇති බොහෝ තින්දු තිරණ ගන්නා පුද්ගලයින්ගේ සමහර තීරණ සමකාමී සමාජ ක්‍රමයන් අවුල් කිඑීමට හේතු වනු ඇත.


ශ්‍රි ලංකාවේ සංස්කෘතිය සහ සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම සැකසී ඇත්තේ බොද්ධ ධර්මයේ අභාෂයෙන්ය. එය ද මේවන විට කාලීනව බොහෝ වෙනස්කම් වෙමින් බටහිර කතෝලික ආගම කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුනු සංස්කෘතියේ අෂාෂයන් ද එකතු වී ඇත. එසේ වුවත් තව දුරටත් එහි පවතින මූලික හර පද්ධතීන් විනාශ කිරීම නොකල යුතුය. එසේ වුව හොත් අප රටත් ලෙස කිසිදු අනන්‍යතාවයක් හෝ වටිනාකමක් නොමැති මිනිසුන් ජීවත්වන රටක් ලෙස ලෝකය තේරුම් ගනු ඇත. මේ කාරණා වල යථාර්ථය අවබෝධයෙන් තේරුම් ගෙන ඉහල නායතත්වය පහල බාලයින්ගේ ක්‍රියාවන් නිවැරදි කිරීම් පහුගිය කාලය පුරාම සිදු කෙරෙිණි මෙය ද එවැන්කි.


කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට ඉඩකඩ සලසමින් ආණ්ඩුව විසින් ජනවාරි 10 බදාදා නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කළේ අගලවත්තේ පැවති ප්‍රචාරක රැළියක් අමතමනි. මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරන බව නිවේදනය කර තිබුණේ මුදල් ඇමති මංගල සමරවීර විසිනි. ප්‍රචාරක රැළියක් අමතමින් සිටින අතරවාරයේ ජනාධිපතිවරයා එම පියවර සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරන ලද්දේ මෙපරිද්දෙනි.


"මමත් ඒක දැක්කේ මධ්‍ය තුල තමයි. අරක්කු තැබෑරුම් අරින වෙලාවල් වෙනස් කරලා තියෙනවා. උදේ අටේ පටන් රෑ දහය වෙනකම් කියලයි මට ආරංචි. රැස්වීම්වලට යනකොට කාරෙකේ දි තමයි ප්‍රවෘත්තිවලට මේක ඇහුවේ. ඊ ලඟට තියෙනවා - කාන්තාවන්ට අරක්කු කඩවලට වෙළෙඳසැල් වලට ගිහිල්ලා -බාර්වලට ගිහිල්ලා අරක්කු බෝතල් මිලට ගන්න නොහැකිය කියල නීතියක් තිබුණය- ඒ නීතිය වෙනස් කළාය කියල මට දැන ගන්න ලැබුනා." මේ දැනුවත් වීම් සැලකිල්ලට ගනීමින් ජනාධිපතිවරයා අදාල චක්‍රලේඛනය අහෝසි කරන බව නිවේදනය කර ඇත.


ජනාධිපතිවරයා අගලවත්ත ජනහමුව අමතමින් තව දුරටත් මෙසේ දසහන් කර ඇත. "මම මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමාට කතා කළා. එතුමා දැන් දවස් තුනක් ඉන්දියාවේ. මම අපේ අගමැතිතුමාට ඊයේ උදේ කතා කළා. ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙකුට කතා කළා. මම කිව්වා- මේ දාල තියෙන අලුත් චක්‍රලේඛය - බාර් ඇරලා තියන්න - උදේ අටේ ඉඳන් රෑ දහය වෙනකම් - කාන්තාවන්ට බාර්වලින් අරක්කු ගන්න අවසර දෙන චක්‍රලේඛය වහාම ඉවත් කර ගන්නය කියල" ඔහු අවධාරණයෙන් සඳහන් කළේය.


"ඒ චක්‍රලේඛය හෙට සිට අහෝසි කරනවා-අවලංගු කරනවා.එවැනි තීන්දු තීරණ විතරක් නොවෙයි, මීට වඩා ලොකු දේවල් වලදී වුනත්"යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියි. රජය අදාළ පැරණි නීතිය වෙනස් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ "1955 වසරේ පටන් බල පැවැත්වුන අදාළ නීතිය කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එය සංශෝධනය කිරීමට තීන්දු කළ" බව පවසමිනි


නිල වාර්තාවලට අනුව මත්පැන් පානය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 10,000 -15,000 අතර අගයක් ගනී.




Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment