ජනවාරී 04 :ළමා හිංසනයට එරෙහි ජාතික දිනය.


අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය වන අතර 2008 වර්ෂයේ සිට සෑම වසරකම ජනවාරී 04 වැනදා දිනය ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස නම් කර තිබේ.ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මකවීම සහ ළමා අයිතීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම දිනය නම් කර තිබේ.ජාතික ළමා රක්ෂක අධිකාරීයේ මෙහෙයවීමෙන් ළමා අයිතිවාසිකම් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එහි සභාපතිනී මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.


ළමයා යනු සැමගේ අවධානය තිබිය යුතු මෙන්ම සැමගේ අවධානය දිනා ගැනීමට නිරන්තරයෙන් වෙහෙසෙන අයෙකි.ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව ගත් විට අපවැනි රටවල ළමා සුරක්ෂිතතාවය පිළිබද ගැටළුවක් පවතී.ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙන්ම ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය වීම් පිළිබදව වර්මාතමානයේ මාධ්‍ය මගින් වැඩි වශයෙන් හෙළිදරව් කරන අතර මේ නිසාම මේ පිළිබද වැඩි ප්‍රවණතාවයක් ඇති බවට සමාජය තුළ සංකල්පයක් ඇතිවෙමින් පවති.මෙම තත්වය කවදත් සමාජය තුළ දක්නට තිබුණත් ඒවා හෙළිදරව් වීම සිදුවූයේ ඉතා සෙමින්ය.


විශේෂයෙන්ම දරිද්‍රතාවය ,සමාජ අසාධාරණය මෙන්ම නොසැලකිල්ල සහ නොදනුවත් බව ප්‍රධාන වශයෙන් ළමා හිංසනයට හේතුවේ.දරුවන් පිළිබද දෙමාපියන් මෙන්ම සමාජයේ ද දැඩි අවධානය යොමු විය යුතු වුවත් දැඩි ආර්ථික සමාජ පිඩනයක් මත ජීවත්වන වර්තමාන මින්සුන්ට සෑම විටම මගහැරෙන්නේ ද ළමයා බව අප මතක තබා ගත යුතුමය.ළමා කාලය වැඩිහිටි නෙතින් ගිළිහී යන දරුවන් තුළින් අපට කිසිම විටක සාර්ථක වැඩිහිටියෙකු බලාපොරෙත්තු විය නොහැකිය.අද ළමයා හෙට වැඩිහිටියෙකු මෙන්ම සමාජ ක්‍රියාකිරිකයෙකු බව සිතා අප කටයුතු කළ යුතුය.


රටක් සමෘද්ධිමත් වු විට ආර්ථික පීඩනය හා පරතරය නැතිවන අතර ළමයින් සදහා ද යහපත් පසුබිමක් නිරන්තරයෙන් නිර්මාණය වන්නේය.ළමා අයිතීන් පිළිබද අවධානය යොමු කරන විට ප්‍රධාන වශයෙන් ළමා මනස හදුනාගෙන ක්‍රියා කිරීමට වැඩිහිටියන් නම්‍යශීලි විය යුතුය.පාලනයකින් යුත් දියුණූ මනසක් මිනිසුන් තුළ ඇති වූ විට ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ද දියත් නොවනු ඇත.







Comments

Leave your comment