චන්දෝ පත්තර ලෝකයෙන් සමුගනී


ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂංග කරතෘවරයාව සිටි චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.උපාලි පුවත්පත් සමාගම ආරම්භයේ සිටම එහි සේවයට එක්වූ දොඩන්ගොඩ මහතා වසර 35ක පමණ සේවා කාලයකින් පසු විශ්‍රාම ගියද මියයන තුරුම නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළේය.කළක් රෝගාතුරුව සිටි දොඩංගොඩ මහතා මිය යන විට 66 වැනි වියේ පසු විය.


කවියකු මෙන්ම නවකතාකරුවකු වූ ඒ මහතා පූජාසනය, ඔබ මගේ සදයි,ආත්මා,ලෝචනා ,කදුළු දොරකඩ,විසුරුණු මල් පෙති,ඇත් කද ලිහිණි, සද කරුවරයි, පිටුවහල් කළ මිනිසෙක්, භෂ්මාවශේෂ, දළබිඳුම ඇතුළු නවකතා පොත් 35ක් පමණ රචනා කර ඇති අතර පුවත්පත් විශේෂාංග රචනය නමින් ග්‍රන්ථයක් ද රචනා කර ඇත.මොහුගේ නවකතා බොහොමයක් ඇසුරින් ටෙලි නාට්‍ය නිර්මාණය වී තිබීම ද විශේෂත්වයකි.


මීවිත අතිරේකයේ ආරම්භක සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ ඔහු විසින් දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතට ඔහු ලියූ ‘ඇසි දිසි මානය‘ කොළම මෙන්ම කව් මුතු පිටුව ද පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය වූවකි.චන්දෝ යන අන්වර්ත නාමයෙන් ද විවිධ ලිපි සම්පාදනය කළ දොඩංගොඩ මහතා පුවත්පත් කලාව පිළිබද හසල දැනුමකින් යුක්ත වුවකි.


චන්ද්‍රසිරි දොඩංගොඩ මහතා සුනිලා විජේසිංහ මහත්මියගේ ආදරණිය ස්වමි පුරුෂයා වු අතර නිපුන දොඩංගොඩ ඔහුගේ එකම පුතු විය.


දේහය රාගම කුරුකුලාව අංක 48/5 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු (29) බ්‍රහස්පතින්දා පස්වරු 5ට කඩවත ඇල්දෙණිය පොදු සුසානභූමියේදී සිදු කෙරේ.


චන්දුසිරි දොඩංගොඩ මහතාගේ අභාවය පිළිබදව wc e news හි සංවේගය !





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment