ගවේශණාත්මක මාධ්‍යකරණයේ නියැලෙන්නන්ට ජීවිත අනතුරු වැඩි වීමේ ප්‍රවණතාවයක්


තාක්ෂණික මෙවලමින් සහ මිනිස් අවශ්‍යතා වලින් බහුල සමාජයකට වර්ථමාණයේ අප පිවිසෙමින් සිටී. එය හුදෙක් බුද්ධියෙන් තොරව යන්ත්‍රසූත්‍ර ඇසුරින් ක්‍රියා කරන මිනිසුන්ගේ සමාජයකි. එහිදී මානුෂිය ගුණාංග ඉවසීම අන්මත නොඉවසීම මෙන්ම අතාර්කික බව ඉස්මතු වෙමින් ක්‍රියාකරන බහුල මිනිස් වාසයක් නිර්මාණය වෙමින් පවතී. මේ අනුසාරයෙන් ක්‍රියාකරන මිනිසා දුර්වල, සොයාබැලීමකින් තොරව තොරතුරු ග්‍රහණය කර ගන්නෙක් වී ඇත. එහෙයින්ම සත්‍ය යටපත් වී අසත්‍ය ඉස්මතු වී සත්‍ය මතු කරන්නා සතරෙකු සේ පැලකීමට පෙළබෙමින් සිටී.එහි ප්‍රතිපලයක් ලෙස සත්‍ය තොරතුරු සොයන්නා ව්‍යාජ තොරතුරු සගවන්නාගේ සතුරෙකු වී ඇත. මේ හේතුවෙන්ම නිදහස් මතධාරී චින්තකයින් මෙන්ම ගවේශණාත්මක මාධ්‍යකරණයේ නියැලෙන්නන්ට මේ මානව සමාජය අද වන විට බිහිසුණු තැනක් වී ඇත. මේවන විට මේ තත්වයේ සෑබෑ තතු යුනෙස්කෝ සංවිධානය සක්ෂි සහිතව සොයාගෙන ඇත.


අදට යෙදෙන ලෝක මාධ්‍ය දිනය වෙනුවෙන් මේ පිලිබද අවධාරණය කරන ලෝකයේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් මේ අනතුර පිලිබද පෙන්වා දී ඇත.


1990 පටන් මේ දක්වා ලෝකය පුරා මරා දමනු ලැබ ඇති මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 2,500 කට අධික බව මාධ්‍යවේදිනී සොරායා අවෙර් බීබීසී වෙබ් අඩවියට සපයන ලද ලිපියකින් පවසන්නීය.පසුගිය මස (අප‍්‍රියෙල් 30 වෙනිදා මෑත කාලයේ මාධ්‍යවේදීන් ගොදුරු කරගත් මාරක ප‍්‍රහාරයක් ඇෆ්ඝනිස්ථානයේන් වාර්තා වුනි.එම එල්ල කෙරුණු ප‍්‍රහාර දෙකකින් මාධ්‍යවේදීන් දහ දෙනකුගේ ජීවිත අහිමි කෙරිණි.ඇෆ්ඝන් භූමියේ දී දිවි අහිමි වූ එම මාධ්‍යවේදීන් දහදෙනාත් සමඟ 2018 වසරේ මේ වනවිට වාර්තා වී ඇති මාධ්‍යවේදී මරණ සංඛ්‍යාව තිස්දෙකක් (32 බව මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පවසයි.එම සම්මේලනයේ දත්ත අනුව 2017 වසරේ ජනවාරි සහ මැයි අතර වාර්තා වූ මාධ්‍යවේදී මරණ සංඛ්‍යාව සමඟ සාපේක්ෂව බලන විට 2018 වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ මරණ ප‍්‍රමාණය තුනෙන් එකකින් වැඩි වී ඇත


මේ අතර ලෝකය පුරා ජනමාධ්‍යවේදීන්ට එල්ල කෙරෙන තර්ජන වැඩිවෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික සහ සංස්කෘතික ආයතනය යුනෙස්කෝව අනතුරු ඇඟවීමක් කරයි.ජගත් මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කළ ‘යුනෙස්කෝ‘ ආයතනය බොහෝ රටවල වාර්තාකරුවන් ශාරීරික ප‍්‍රහාරවලට සහ හිරිහැර ආදියට මුහුණ දෙන බව පෙන්වා දෙයි.අන්තර්ජාල අධීක්ෂණ සහ තීව‍්‍ර වෙමින් පවතින මාධ්‍ය වාරණය මගින් නිදහස් අදහස් ප‍්‍රකාශනයට තර්ජනයක් එල්ල වෙමින් පවතින බව ද ‘යුනෙස්කෝ‘ ආයතනය පවසයි.2017 වසරේ මරා දමන ලද මාධ්‍යවේදීන්ගෙන් වැඩිදෙනා දේශපාලන , සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නිරතවූවන් යැයි මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කීපයක් පවසන බව මාධ්‍යවේදිනී සොරායා අවෙර් සඳහන් කරයි.


”‍පසුගිය වසර හයක කාලය මාධ්‍යවේදියකුට මුහුණ දීමට සිදු වූ දරුණුම අනතුරුදායක කාල පරිච්ෙඡ්දය මෙය වූ බව මාධ්‍යවේදීන් සුරැුකීමේ කමිටුවේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ මහෝනි පවසයි.”‍බොහෝ මාධ්‍යවේදීන් මරා දමන්නේ අර්බුද මැද නොවෙයි. සිතාමතා සැලසුම් කොට ඔවුන් මරා දමනු ලබන්නේ ඔවුන් වැඩ කරන ස්ථාන වලදී”‍ මාධ්‍යවේදීන් සුරකීමේ කමිටුවේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.ඔහු මෙහිදී පිලිපීනය ,රුසියාව සහ මෙක්සිකෝව වැනි රටවලට ඇඟිල්ල දිගු කරයි.


මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ මානව හිමිකම් හා සුරක්ෂිතතාව පිළිබඳ ප‍්‍රධානී අර්නස්ට් සගාගා පෙන්වා දෙන පරිදි ,ඇෆ්ඝනිස්තානයේ සහ මෙක්සිකෝ හි සන්නද්ධ කණ්ඩායම්වල ඉලක්ක වෙන්විය හැකි වුවත්, මාධ්‍යවේදීන්ට පහරදීමට හා ඔවුන් පීඩනයට ලක්කිරීම සඳහා එකම උපාය මාර්ගය යොදාගනී.ගවේෂණාත්මක වාර්තාකරණයේ යෙදුණු බටහිර මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් මෝල්ටා සහ ස්ලෝවැකියා යන රටවලින් වාර්තාවූ විට ඒ වෙත අවධානය යොමු වුවත් මෙය පුළුල් තත්ත්වයක එක් කොටසක් පමණක් බව මහෝනි පෙන්වා දෙයි.”‍ඇතැම් අවස්ථාවල ඔවුන් තුවක්කුකරුවන් හෝ කුලී මිනීමරුවන් යොදාගන්නවා”‍ යැයි මාධ්‍යවේදීන් සුරැුකීමේ කමිටුවේ ප‍්‍රකාශකවරයා පවසයි. ”‍නමුත් මෙවැනි සිදුවීම්වලදී ඔවුන් පූර්ණ මුක්තියක් ලබන බවක් අපට පෙනෙන්නේ ඝාතනයට අණදුන් නියම ඝාතකයා නීතිය හමුවට නොඑන නිසයි”‍


ශ්‍රි ලංකාවේද පසුගිය යුගයේදී මෙම තත්වය සීග්‍රයෙන් වර්ධනය වී වටිනා ජීවිත රැසක් අහිමි වූ අතර තාඩන පීඩන වලට ගොදුරු වූ සහ රට හැර ගිය මාධ්‍යවෙදීන් ද බහුල විය. කෙසේ වුවත් නිදහස් මාධ්‍ය වෙනුවෙන් බලයට පත් වූ නව යහපාලන රජය ද ආකෘතිකමය වශයෙන් වෙනස් පිලිවෙතක් අනුගමනය කරමින් නිදහස් මාධ්‍යකරණය වාරණයකට ලක් කරමින් සිටී. එමෙන්ම මේවන විටද ඔවුන් එ සදහා විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටී. තවද පසුගිය රජය කාලයේ එසේ අසාධාරණයට ලක් වූ සහ ජීවිත අහිමි වුවන් වෙනුවෙන් යුක්කිය ඉටුකිරීමට වර්ථමාණ යහපාලන ආණ්ඩුව දක්වන මැලිකම මොනවට පැහැදිලි වෙයි.එයට හේතු ව ඇත්තේ මේ ක්‍රියාකාරකම් පිටුපස සිටින බොහෝ දේශපාලකයින් මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සහ කණ්ඩායම් වක්‍රකාරයෙන් වර්ථමාණ රජයේ ක්‍රියාකාරකම් හා සම්බන්ධව සිටීමයි. විශේෂයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සුලමුල හෙලිකිරීමට පවා මේතරම් ප්‍රමාද වන්නේ එවැනි කාරණා නිසා බැව් වගකීමෙන් සදහන් කල හැක.


ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන්ගේ ප‍්‍රමාණය සැලකීමේදී මාධ්‍ය වෘත්තිකයින් වාර්තාකරණයේදී මුහුණ දෙන අනතුරුදායක තත්ත්වය හඳුනාගත හැකි වුවත්, එය ඔවුන් මුහුණ දෙන එකම තර්ජනය නොවේ.2017 දී සිරගත කෙරුණු මාධ්‍යවේදීන් ගණන දශක තුනකදී වාර්තා වූ වැඩිම ප‍්‍රමාණය වන අතර එය එය 252 ක් බව මාධ්‍යවේදීන් සුරැුකීමේ කමිටුව පවසයි.සිරගත කරන ලද මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මාධ්‍ය හිමිකම් පිළිබඳ සංවිධානය වාර්ෂිකව ගණනය කරනු ලබන්නේ දෙසැම්බර් 1 වෙනිදා වන අතර, සැබෑ සංඛ්‍යාව ඉහළ ගණනක් ගන්නට ඉඩ තිබෙන්නේ ඕනෑම අවස්ථාවක සිරගත කරනු ලැබ හෝ නිදහස් කරනු ලැබූ ප‍්‍රමාණයට වාර්ෂික සංඛ්‍යාලේඛන එකතු නොවන බැවිනි. ”‍සිරගත කිරීම හැමවිටම තර්ජනය කිරීමක්”‍ යැයි පවසන සගාගා ”‍එය සිරගත කරනු ලැබ සිටින අය නිහඬ කිරීමක් වගේම බාහිරව එය වාර්තා කරන අයට ද තර්ජනයක්”‍ බව කියා සිටී.සිය කාර්යය ඉටු කිරීම හේතුවෙන් වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් සිරගත කරනු ලැබූ රටවල් අතරට මාධ්‍යවේදීන් 73ක් සිරගත කළ තුර්කිය, 41 ක් සිරගත කළ චීනය හා 20 ක් සිරගත කළ ඊජිප්තුව අයත් වේ.



Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment