කෝලි අනුෂ්කා යුවල මධුසමයට කොහේ ගියාද?


අලුත විවාහ වූ බොලිවුඩ් සිනමා තරකාවිය, අනුෂ්කා ෂර්මා සහ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හිම වැටෙන් කදුකර ප්‍රදේශයක තම මධුසමය ගත කරන ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබේ.නමුත් ඔවුන් සිටින්නේ කෙහේද යන්න පිළිබදව සදහනක් කර නොමැත.


අනුෂ්කා පසුගිය බදාදා කෝලි සමග තම ජීවිතය බෙදා ගැනීම ආරම්භ කළේය.ඒ ස්වර්ගයට ඉතා සමීප ඉතාලියේ දීය.කෝලි සහ අනුෂ්කා යුවල සාම්ප්‍රදායිකව තම විවාහ ජීවිතය ආරම්භ කළේ ඉතාලියේ Tuscany හි දී පසුගිය දෙසැම්බර් 11 වනිදාය.ඔවුන්ගේ විවාහය පැවති අතිසුඛෝපබෝගී ඓතිහාසික Borogo Finocchieto නිකේතනය පිහිටා ඇත්තේ පවුල් 100 යක් පමණ ජීවත්වන නිහඩ ගම්මානයකය.


අනුෂ්කා ෂර්මා ඉදිරියේ දී Sui Dhaaga චිත්‍රපටයේ රංගනයට එක් වීමට නියමිත බව ද කෝලි දෙසැම්බර් 30 සිට දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයට එක්වීමට ද නියමිත බව වාර්තාවේ.


කෙසේ වුවත් ඊට පෙර නව යුවල පිළිගැනීමේ උත්සව දෙකක් දෙසැම්බර් 21 සහ 26 දිල්ලි සහ මුම්බායිවල සංවිධානය කර ඇති බව කියැවේ.







Comments

Leave your comment